Thursday, August 15, 2019

ගෝලීයකරණය

හුදෙකලාව ජීවත් වූ මිනිසා සමූහයක් ලෙස ජීවත්වීමට පටන් ගැනීමත් සමග විවිධ සොයා ගැනීම් සඳහා ද යොමු විය.  යුරෝපයේ ඇතිවූ නව කාර්මික පුනරුදයත් සමග නව තාක්ෂණය ද ක‍්‍රමයෙන් දියුණු විය.  අද වන විට මෙම විද්‍යාත්මක හා තාක්ෂණය පදනම් කර ගෙන ලෝකයේ සෑම අංශයක් ම එකට සම්බන්ධ වී තිබේ.  එය විශ්ව ගම්මානය හෙවත් ගෝලීයකරණය ලෙසින් ද හඳුන්වනු ලැබේ.

ගෝලීයකරණය යනු මුළු ලෝක ආර්ථිකයම එකම වෙළඳපොළ ආර්ථිකයක් බවට පත්වීමයි. එනම් මුළු ලෝකයේම ජාතීන් සහ රටවල් වලට සමාන ආකාරයේ අයිතිවාසිකම් ඇතිව නිදහසේ සම්පත් හුවමාරු කරගනිමින් සම්පත් භුක්ති විදීමේ හැකියාව පවතින ඒකීය ආර්ථික ක‍්‍රමයක් බවට පත්වීමයි. මෙහිදී ලෝකයේ රටවල් සහ ජනතාව අතර ආර්ථික සමාජීය, සංස්කෘතිකමය, දේශපාලන සහ තාක්‍ෂණික සම්බන්ධතාවයන් තුළින් රටවල් සහ ජනතාව අතර ඒකාබද්ධතාවයක් ඇති වීම මගින් මුළු ලෝක ආර්ථිකය පුරාම ප‍්‍රාග්ධනය, තාක්‍ෂණය, භාණ්ඩ හා සේවා නිදහසේ හුවමාරු වීමක් සිදු වීමේ ක‍්‍රියාවලිය ගෝලීයකරණය වේ.

 ගෝලීයකරණ ක‍්‍රියාවලියේ ආරම්භය අධිරාජ්‍යවාදී රටවල් විසින් යටත්විජිතවාදය ව්‍යාප්ත කිරීමේ අවධිය දක්වා දිවයන අතර අධිරාජ්‍යවාදීී රටවල ඒකාරාශී වූ ප‍්‍රාග්ධනය ආයෝජනය කිරීමේ ඉඩප‍්‍රස්ථාවන් සළසා ගැනීමේ අරමුණින් එම රටවල් විසින් යටත්විජිත රටවල ඔවුන්ගේ ප‍්‍රාග්ධනය ආයෝජනය කිරීම ආරම්භ කිරිමත් සමග ගෝලීයකරණය ආරම්භ විය. 

 1980 ගණන් වලට පෙර ලෝක ආර්ථික තුළ ප‍්‍රධාන ප‍්‍රවණතාවන් දෙකක් හඳුනා ගත හැකිය. එනම්
x ඇමරිකානු ව්‍යාප්තවාදය සහ 
x රුසියානු ව්‍යාප්තවාදයයි. 

ඇමරිකානු ව්‍යාප්තවාදය තුළින් ඇමරිකාව උත්සාහ ගනු ලැබුවේ ලෝක ආර්ථිකය තුළ ඇමරිකාවට හිතවත් ධනවාදී වෙළදපොළ ආර්ථික ක‍්‍රමයන් ව්‍යාප්ත කිරීමට වන අතර රුසියාව උත්සාහ ගනු ලැබුයේ රුසියාවට හිතවත් සමාජවාදී කඳවුරේ රටවල් ව්‍යාප්ත කිරීම සදහාය. මේ සදහා ඇමරිකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව. එක්සත් ජාතීන්ගේ සංවිධානය, වැනි ආයතන හරහාත් විදේශීය ණය, විදේශ ණය ආධාර, තාක්‍ෂණික ආධාර, යුද්ධ ආධාර, ජාත්‍යන්තර වෙළදාම වැනි අංශ වලින් අනෙක් රටවල් වලට බලපෑමක් කළ අතර රුසියාවද විදේශීය ණය ආධාර, තාක්‍ෂණික ආධාර, යුද්ධ ආධාර සහ විදේශීය වෙළදාම වැනි අංශවලින් බලපෑමක් කරන ලදී. 1980 ගණන් අගභාගයෙන් පසුව රුසියාව ඇතුළු සමාජවාදී රටවල පැවති රාජ්‍ය ඒකාධිකාරය බිඳවැටීමත් සමග ගෝලීයකරණ ක‍්‍රියාවලිය වේගවත් වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන විසින් ගෝලීයකරණ ක‍්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට පසුබිම නිර්මාණය කරනු ලබයි. 1980 ගණන් වලින් පසුව සමාජවාදී රටවල් වශයෙන් හැදින්වූ රටවල පැවති රාජ්‍ය ඒකාධිකාරි තත්ත්වය බිද වැටීමට පසුව එම රටවල් පුද්ගලික අංශයට අවශ්‍ය සානු බලයන් සපයමින් වෙළඳපොළේ තරගකාරී තත්ත්වයට ඉඩ දෙමින් බහුජාතික සමාගම් සහ පාරදේශාන්තර සමාගම් වල ක‍්‍රියාකාරීත්වයට ඉඩ දෙමින් එම රටවල් වෙළඳපොල ආර්ථික ක‍්‍රමයන් බවට පරිවර්තනය වීමේ උපනතියක් පවතී. ඒ හැරුණු විට 1960 ගණන් අවසානභාගයේ සහ 1970 ගණන් මුල් කාලයේ සිට ශ‍්‍රී ලංකාව 1977 න් පසුවත් රජය ආර්ථික කටයුතු වලට මැදිහත්වීම ක‍්‍රමයෙන් ඉවත් වෙමින් පුද්ගලික අංශයට අවශ්‍ය සානු බලය සපයමින් වෙළදපොළේ තරගකාරී තත්ත්වයට ඉඩ දෙමින් සංවර්ධනය වෙමින් පවතින රටවල් ද වෙළදපොල ආර්ථික ක‍්‍රමය කරා පරිවර්තනය වෙමින් පවතී. ඒ අනුව වර්තමාන ලෝක ආර්ථිකය තුළ රටවල් කොටස් දෙකක් හඳුනාගත හැකිය.       

 1. සංවර්ධිත ධනවාදී  රටවල පවතින වෙළදපොළ ආර්ථික ක‍්‍රමය.   
 2. වෙළදපොල ආර්ථිකයක් කරා ගමන් කරන පරිවර්තන ආර්ථික ක‍්‍රමයන් වශයෙනි.  

 ඒ අනුව මෙම ක‍්‍රියාදාමයේ අවසාන ප‍්‍රතිඵලය වශයෙන් සිදු විය යුතුවන්නේ මුළු ලෝක ආර්ථිකයම එකම වෙළදපොළ ආර්ථික ක‍්‍රමයක් බවට පත්වීමයි. 
ලෝක ආර්ථිකය තුළ බහුජාතික සමාගම් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල තම ප‍්‍රාග්ධනය සහ තාක්‍ෂණය ව්‍යාප්ත කළ අතර වර්තමානය වන විට පාරදේශාන්තර සමාගම් විසින් මුළු ලෝක ආර්ථිකය පුරාම තම ප‍්‍රාග්ධනය සහ තාක්‍ෂණය ව්‍යාප්ත කරමින් ගෝලීයකරණය ක‍්‍රියාවලිය ව්‍යාප්ත කරනු ලබයි.

 පාරදේශාන්තර සමායතන විසින් තරගකාරී සමාගම් ඒකාබද්ධ කරමින් ලෝක ආර්ථිකය තුළ තම වෙළදපොළ කොටස් වර්ධනය කර ගැනීම සදහා කටයුතු කරන අතර ලෝක ආර්ථිකය තුළ නිෂ්පාදනය බෙදා හැරීම සහ අලෙවිය යන අංශ වල අයිතිය අත්පත් කර ගනිමින් පරදේශාන්තර සමායතන විසින් තම වෙළදපොළ ආධිපත්‍ය අත්පත්කර ගනිමින් සිටී. ඒ හැරුණු විට ලෝක ආර්ථිකය තුළ විදේශ ණය, විදේශ ආධාර, විදේශිය පුද්ගලික සෘජු ආයෝජන සහ තාක්‍ෂණික ආධාර විශාල වශයෙන් ව්‍යාප්තවීමක් සිදුවන අතර සංචාරක කර්මාන්තය, මූල්‍ය වෙළදපොළ කටයුතු, ප‍්‍රාග්ධන වෙළදපොළ කටයුතු, විදේශ විනිමය, වෙළදපොළ කටයුතු, අන්තර්ජාල පහසුකම් බැංකු සහ රක්‍ෂණ කටයුතු, ප‍්‍රවාහන කටයුතු, ගුවන් සහ නාවික ප‍්‍රවාහන කටයුතු, ජාත්‍යන්තර සංක‍්‍රමණ කටයුතු, පරිගණක, විදුලිසංදේශ සහ -දුරකතන පහසුකම් වැනි සේවා පහසුකම් ලෝක ආර්ථිකය පුරා ව්‍යාප්ත වෙමින් සංවර්ධනය වීමක් සිදුවේ. ඒ හැරුණු විට ලෝක ආර්ථිකය තුළ කළාපීය සහයෝගීතාවය ඇතිවීම තුළින් ගෝලීයකරණ ක‍්‍රියාවලිය ව්‍යාප්ත වෙමින් පවතී.(මහාචාර්ය උපාලි හෙට්ටිආරච්චි ”ගෝලීයකරණය”ලිපිය*

සන්නිවේදන මාධ්‍යයේ සහ ප‍්‍රවාහනයේ දියුණුවෙහි ප‍්‍රතිඵලයක් ලෙස ජාතික සංස්කෘතියට ගෝලීය සංස්කෘතිය මිශ‍්‍රවීමක් සිදු වී ඇත. ආහාර පාන, විලාසිතා, ගෘහනිර්මාණ ශිල්පය ඇතුළු බොහෝ සංස්කෘතික අංගයන්   ගෝලීයකරණයට ලක්වීම මෙහි දී හඳුනාගත හැකි ය. උදාහරණ ලෙස ලොව පුරා පවත්වාගෙන යනු ලබන අවන්හල් එකම ප‍්‍රමිතියකින් යුක්ත ව ආහාර පාන සැපයීමට උත්සාහ දැරීම පෙන්වා දිය හැකි ය. සන්නිවේදන ක්ෂෙත‍්‍රයේ දියුණුවත් නිසාම එක් අන්තයක් තවත් අන්තයක් හා යා කරමින් ක්ෂණිකවම සම්බන්ඳතා ගොඩනගා ගැනීමට හැකි වීඹ හා නූතනයේ නිර්මාණය වී ඇති ජාල සමාජය හරහාත් ගෝලීයකරණය තුළින් අපේක්ෂා කරනුයේ ලොවම තනි ආර්ථික ඒකකයක් බවට පත් වීමයි 

Saturday, July 27, 2019

නොමිනිසුන් මැද මිනිස් සිත් ඇත පෑගි යන දුවීලි ‌‌ලෙසින්


ජනමාධ්‍යවේදින් සතු සමාජ වගකීම

මිනිසා තුළ පවත්නා  තොරතුරු පිපාසාව සංසිදුවනු වෙනුවෙන් පෙනී සිටින ජනමාධ්‍ය මේ වනවිට ප්‍රබලතම බලපෑම්කාරී තත්ත්වයන්කට පත්ව ඇත මන්ද යත් නවීන ලෝකය තුළ ජන මාධ්‍ය හා නව මාධ්‍ය වටා මිනිසුන් එක් වෙන ප්‍රමාණය වැඩියි නිසා වෙනි
මිනිසාගේ ප්‍රබල ඉන්ද්‍රියන් වන ශ්‍රව්‍ය දෘශ්‍ය ඉන්ද්‍රියන් යන ද්විත්වයටම පණිවිඩ ලබා දෙන තරමට ම මාධ්‍ය දියුණු වී ඇති යුගයක ජනමාධ්‍ය හරහා ආමන්ත්‍රණය කරන්නේ මනුෂ්‍ය හැඟීම් වලටය  මිනිසා ස්වභාවයෙන්ම සංවේදීය මෙම සංවේදීත්වය නම් දුර්වලතාවය මැනවින් වටහා ගන්නා මාධ්‍ය කරුවන් තම තමන්ගේ ප්‍රවෘත්ති විකුණා ගැනීමට එම සංවේදී ඉන්ද්‍රියන් ට ම ආමන්ත්‍රණය කරයි
ඔිනෑම වෘත්තියක කළයුත්ත හා  නොකළයුත්ත වශයෙන් කොටස් දෙකක් පවතී ජනමාධ්‍යවේදීහු ‌‌වෙනත් වෘත්තී් ‌වෙනස් වන්නේ ජනමාධ්‍යවේදීන් සතුව පවත්නා සමාජ වගකීම්ය
එ‌හෙයින් ඔවුන්  සතුව පවත්නා ආචාරධර්ම පද්ධතිය සුවිශේෂී ‌වේ ඒහිදි ඒම  ආචාරධර්ම පද්ධතියේ පොදු වශයෙන් පහත පිළිවෙලින් මත පදනම් විය යුතුයි


  • සමාජ  වගකීම්
  • මානව හිමිකම් හා මානව ගරුත්වය 
  • වෘත්තීය අවංකබව 
  • සංස්කෘතික වාර්ගික ආගමික  විවිධත්වයට ගරු කිරීම 

යන කාරණා මත පදනම් විය යුතුයි මෙහිලා සමාජ වගකීම් කියන කාරණය ඉතාම වැදගත් වේ එහිදී නිවැරැදි වාර්තාකරණය ජනමාධ්‍යවේදය තුළ අතිශයින් වැදගත් ආචාර ධර්මයකි නිවැරදි වාර්තාකරණය හා ආචාරධර්ම දිනපතාම පාහේ උල්ලංඝනය වන  ක්ෂේත්‍රයක් වන්නේ සියදිවි නසා නසා ගැනීම් සම්බන්ධ පුවත් වාර්තා කිරීම
 මෑතක සිදු කළ ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව සියදිවිනසාගන්නවුන් සිටින රටවල් අතරින් ප්‍රථම ස්ථානයට පැමිණ ඇත හුදෙක්ම මනුෂ්‍යයෙක්  සියදිවි තොරකර ගැනීමට උත්සාහ ගන්නේ

  • මානසික ආතතිය 
  • අන්තර් පුද්ගල සම්බන්ධතා බිඳ වැටීම 
  • ආර්ථික දුෂ්කරතා 
  • මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම 
  • ලෙඩ රෝග 

ආදී වේදනාකාරී අවස්ථාවන්හිදිය  දළවශයෙන් ලෝකයේ වාර්ෂිකව ලක්ෂ අටක් දහයක් අතර ප්‍රමාණයක් සියදිවි නසා ගන්නා අතර ඒ අතර පුරුෂයන්ගේ ප්‍රතිශතය කාන්තාවන් සාපේක්ෂව වැඩි බවට පර්යේෂණවලින් හෙළිවී ඇත කෙසේ නමුත් කුමන හෝ ගැටලුවක් මුල්කර ගෙන තම ජීවිතය නැති කර ගැනීමට උත්සාහ දැරීම මාධ්‍ය වාර්තාකරණයේ දී අනුගමනය කළ යුතු ආචාරධර්ම මෙන්ම අද වන විට මාධ්‍ය මඟින් සිය දිවි නසා ගැනීම විලාසිතාවක් බවට පත් කර ඇත'

Monday, July 22, 2019

සෞඛ්‍ය සන්නිවේදනය යනු හා සෞඛ්‍ය සන්නිවේදන සංවර්ධන උපාය මාර්ග

සුවබර යහපත් ශාරිරික හා මානසික සෞඛ්‍ය සමිපන්න ප‍්‍රජාවක් සිටීම ධරණිය සංවර්ධනයේ එක් පැතිකඩකි මෙි තත්ත්වය රාජ්‍ය තුළ ඇති කරගැනිමට නමි ප‍්‍රජාව තුළ දැනුමිමත්භාවය අවශ්‍ය වෙි දැනුමිමත් විම යනු යහපත් සෞඛ්‍යයක් පවත්වා ගෙන යෑමට අවශ්‍ය දැනුම එනමි පෝෂ්‍යදායි ආහාර ගැනිමෙි වැදගත්කම ව්‍යායාම කිරිමෙි වැදගත්කම යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගෙන යෑමෙි වැදගත්කම ආදියයි මෙි සඳහා ඇවැසි මෙවලම වන්නේ සන්නිවෙිදනයයි ලෝකය තුළ කාර්මීකරණය නිසා ඇති වු පෙරලිය තුළ මානව වර්ගයාට මුහුණපාන්නට සිදු වු සෞඛ්‍ය ගැටලු මත සෞඛ්‍ය හා සන්නිවෙිදනය යන විශය පිලිබද කතාබහ වැඩි විය විශේෂයෙන්ම දියුණු වෙමින් පවතනි රටවලට මෙම සෞඛ්‍ය සන්නිවේදන සංවර්ධන උපාය මාර්ග වැදගත් විය සරලව සෞඛ්‍ය සන්නිවෙිදනය යනු විවිධ සන්නිවෙිදන මාධ්‍ය යොදා ගනිමින් පුද්ගලයන් හා පොදු තීරණ ගන්නා ප‍්‍රධානීන් සෞඛ්‍යයට ආදාළ කරුණු සමිබන්ධයෙන් දැනුවත් කරවිම හා උනන්දු කරවිමයි 

සෞඛ්‍ය සන්නිවෙිදනයේ අරමුණ වනුයේ එම තොරතුරු අවශ්‍ය පුද්ගලයන් වැඩිම පිරිසකට ලැබෙන සේ නිවැරදි හා කාලීන තොරතුරු සපයා දීමයි මෙි සඳහා පුද්ගලයන්ට අවහ්‍ය වන විටකදි එම තොරතුරු සහ සෞඛ්‍ය පණ්විඩ පහසුවෙන් පහසුවෙන් ලබාගත හැකි වන පරිදි තිබිමයි 

සෞඛ්‍ය සන්නිවෙිදනය විවිධ අවශ්‍යතා සදහා යොදා ගනි

 සෞඛ්‍ය ප‍්‍රවර්ධනයට - සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි අවදානමි සාධක පිලිබද මිනිසුන් දැනුවත් කිරිමටත් එම අවදානමි සාධක අවම කර ගැනිමට අවශ්‍ය උපදෙස් ලබා දිමටත් යොදා ගැනෙයි
 සෞඛ්‍ය සේවා සැපයීම- සේවා සපයන්නන් පිලිබදවත් අවශ්‍ය ප‍්‍රතිකාර පිලිබදවත් දැනුවත් විමට අවශ්‍ය තොරතුරු ලබා දේ
 සෞඛ්‍යය පනත් - සෞඛ්‍යයට අදාලව ඇති විවිධ පනත් සහ සෞඛ්‍යය පණිවිඩ පිලිබද දැනුවත් කිරිමට අවශ්‍ය තොරතුරු ලබා දේ

සෞඛ්‍ය සන්නිවෙිදන මාර්ග සෞඛ්‍යය සේවයේ නියුතු වූවන්
 ප‍්‍රාථමික සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 
 පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිය
 මහජන සෞඛ්‍ය පරික්ෂක
 මහජන සෞඛ්‍ය හෙදි
 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි
 වෙනත් සංවිධාන
 ජාතික සංවිධාන
 අන්තර්ජාතික සංවිධාන
 රාජ්‍ය නොවන සංවිධාන
 ස්වෙචිඡ සංවිධාන
 ජනමාධ්‍ය
 විද්‍යුත් මාධ්‍ය
 මුද්‍රිත මාධ්‍ය
  පොත්පත් සඟරා පෝස්ටර් අත්පත‍්‍රිකා

තවත් සෞඛ්‍ය සංවර්ධන උපාය මාර්ග ලෙස වැඩමුළු සමිමන්ත‍්‍රණ සමිති දේශන සන්නිවෙිදනය තුළ  අන්තර් පුද්ගල සන්නිවෙිදනය ආදි සියලු දේ මීට සමිබන්ධ වෙි

Wednesday, July 17, 2019

වස්තු ‌ලෝභයත් ‌‌‌ප්‍රේමයත් අතර ‌දෝලනය වන තරුණයකුගේ ආධ්‍යාත්මය ගවේශනය


වස්තු ‌ලෝභයත් ‌‌‌ප්‍රේමයත් අතර ‌දෝලනය වන තරුණයකුගේ ආධ්‍යාත්මය ගවේශනය 

නිධානය 
දේශීය  සිනමා වංශයට කලාත්මක මුහුනුවරක් එක්කල විදග්ධ අව්‍යාජ සිනමාකරුවාණන් වන ලෙස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවන් අතින් බිහිවූ තවත් විශිෂ්ට ගණයේ සිනමා කෘතියකි නිධානය මෙහි තිර නාටකය ලියන්නෙ කෘතහස්ත තිරනාටක රචක තිස්ස අබේසේකර විසින් එමෙන්ම මෙහි කැමරාකරණය ඒම් ඒස්  ආනන්ද මහතා ආලෝකය හා අඳුර මෙතරම් නිර්මාණාත්මක ලෙස භාවිතා කළ වෙනත් චිර්‍තපටියක් නොමැති තරම් බව විචාරකයෝ පවසති  ඒමෙන්ම  ප්‍රේමසිරි කේමදාස නම් සුවිශිෂ්ට සංගීතවේදියාණන්ගේ සංගීත් අධ්‍යක්ෂණය ගාමිණී  ෆොන්සේකා හා මාලිනී ෆොන්සේකා යන විශිෂ්ට නළු නිළි දෙපළගේ රංගනයෙනුත් සමන්විත් නිධානය සිනමා කෘතියඩසිංහල සිනමාවට බිහි වූ සුවිශේෂිතම චිත්‍රපටය යන විරුදාවලිය තවමත් හිමි කරගෙන තිබේ
1956 දී ලෙස්ටර් මහතාගේ රේඛාව චිත්‍රපටයෙන් පසු නිධානය චිත්‍රපටිය සිංහල සිනමා වංශ කතාවේ තවත් එක් හැරවුම් ලක්ෂයකි කැලෑහඳ චිත්‍රපටයේ ඇරඹෙන නවකතා චිත්‍රපටියට නැගීමේ සංස්කෘතියේ තවත් එක් පුරුකක් වශයෙන් නිධානය හැඳින්වේ නමුත් නිධානය චිත්‍රපටය කෘතහස්ත ලේඛකයෙකු වන ජී බී සේනානායකයන්ගේ පලිගැනීම කෙටිකතා සංග්‍රහයේ එන නිධානය කෙටි කතාව මූලික වන්නේය චිත්‍රපටිය නැරඹීමට පෙර එම කෙටි කතාව කියවා තිබෙන්නේ නම් චිත්‍රපටියේ සුළු සුළු වෙනස්කම් සිදුකර ඇති බව වැටහේ කෙටිකතා කරුවන් අතරින් විශේෂම කෙටිකතා කරුවෙකු වන ජී බී සේනානායකයන්ගේ නිධානය වැඩිවශයෙන්  කතා බහට ලක් වූවකි
කෙටිකතාව වූ කලී යම් සිද්ධියක් හෝ යම් චරිතයක් පාදක කර ගනිමින් රචිත එක හුස්මට කියවා හමාර කළ හැක්කකි එවැන්නක් චිත්‍රපටියකින් වැනි විශාල මාධ්‍යයකට නැගීමේ ගෞරවය මෙහි තිර පිටපත ලියූ තිස්ස අබේසේකරයන්ට ද හිමිවන්නේ ය
ලෙස්ටර් කලාකරුවාණන් තමන්ගේ අනෙක් චිත්‍රපටි හරහා කතා කළේ මිනිස් ජීවිතයේ බාහිර තාත්විකත්වය යි නමුත් නිධානයේදි ඉන් ඔබ්බට ගොස් මිනිස් සිත පතුළටම පිවිස එහි අඳුරු අහුමුලු ගවේෂණය කරයි නිධානය කෙටිකතාවට පෙරවදනක් ලියන ජී බි සේනානායකයන් එහිදී දක්වන්නේ මිනී මැරීමට තරම් සාහසිකයෙකු වූවකුගේ සිතේ හැටි හෙළි කිරීම බවයි නමුත් නිධානය සිනමා කෘතිය නරඹන ප්‍රේක්ෂකයන්ට මෙහි ප්‍රධාන චරිතය වූ විලී පිළිබඳ අනුකම්පාවක් ජනිත වනු ඇත

 චිත්‍රපටියේ කතාව ලුහුඬින් මෙසේ ය

කතානායකයා වන විල්ප්‍රඩ්  අබේනායක පිරිහි ගිය රදල පරම්පරාවක ආඛ්‍යානයයි විලීගේ පියා මියගොස් ඇත්තේ ණය කරුවෙකු වීමෙනි මේ පරම්පරාවට ඉතිරිව තිබුණේ විලීගේ නමට ලියු වලව්වත් එහි පිහිටි වත්තත් පමණි ණය ගෙවන්නේ පරම්පරාවේ තත්ත්වයට අනුව ජීවත්වන්නේ රජයේ කොන්ත්‍රාත් වැඩ කිරීමේනිඩ ණය වලව්ව විකුණ ගෙවිය හැකි වූ නමුත් පියා මිය යෑමට පෙර විලි වූ පොරොන්දුව මත එවැන්නක් කළ නොහැකි ය විලී ටයිකෝට් අඳින එකෙකු  වූ මිථ්‍යා මත කෙරෙහි දැඩි විශ්වාසයක් පවතින බව චිත්‍රපටියෙදි පාලමක් ඉදිකරන අවස්ථාවේ දෙවියන් සතුටු කිරීම කරන කුඩා ශාන්තිකර්මයෙන් වැටහේ  දිනක් හමුවූ පුස්කොළපොතක නිධානය පිළිබඳ සඳහන් වන අතර එය ලබා ගැනීමට නම් බෙල්ලෙ හි හා නිකටෙහි එක පෙළට කුඩා වන ලප දෙකක් පිහිටි විය යුතු බව සඳහන් වේ මෙවැනි ස්ත්‍රියක් සොයා වොහසෙන විලිට දිනක් තොටුපොළ ලඟදි මුණගැසේ  අයිරින්  දුටු සැණින් ඇය විවාහ කර ගැනීමට තීරණය කර ගන්නා විලි මාස දෙකක් වැනි කුඩා කලකින් විවාහ කරගත් නමුත් ඇය හා ලිංගිකව එක් නොවේ විවාහය මුලදි ඔහුට අයිරින් පිළිබදව ආලයක්  නොතිබූ බවට නිගමනය කළ හැකිය
ගරා වැටෙන රදළ වලව්ව ආරක්ෂා කර ගැනීමට නිතර නිතර පියා සිහිනෙන් අයුත්  කියයි එවිට නිධානය ලබා ගැනීමේ අරමුණ තවතවත් ස්ථිර වෙයි ලෙස්ටර් මහතා චිත්‍රපටිය සංකේත යොදා ගනිමින් ඒය  මනරම් ලෙස පෙන්වයි මොණරා /මියගිය කුකුලෙක්/ පිහිය ආදී දෑ සංකේතාත්මක වේ. දිනක් අයිරින් මොණර කූඩුව ලග සිටින විට විලිගෙ කටින්ම කියන වදන් විලිගේ  චරිතය හුවා දක්වනුයේය  එමෙන්ම නිතර නිතර මොණරාගේ කෑ ගැසිම  සංකේතාත්මකය දිනක් අයරින්  මව වෙත යයි අයිරින්  අතුරුදන් වී ඇති බව සිතා ඇය සොයා යළි නිවසට එන විලි අයිරින්ට පවසනුයේ ඇය තවමත් කන්‍යාවක් ලෙස තබාගත්තේ තමා දේවාලයට බාරයක් වී ඇති බව බවයි ඒ බාරය ඔප්පු කිරීමට අවශ්‍ය දෑ සකසමින් ඉන්නා විට දිනක් වීලිට  මීමැස්මොරය වැළඳීමෙන් දැඩි ලෙස රෝගාතුර වූ  අවස්ථාවේ ඔහුට මවක මෙන් සාත්තු කිරීම් නිසා හටගන්නා දැඩි ආලයෙන් නිධානය පිළිබඳ ඇති ලෝභයත් තණ්හාවත් යටපත් කරගනී නමුත් ඔහුට වලව්ව සින්න වීමට ඉඩ හැරීමට අකමැති වන්නේ තවමත් ඔහු වැඩවසම් රදළ පැලැන්තිය තුළ ජීවත් වීමට ඇති කැමැත්ත නිසාත් පියාට වූ පොරොන්දුව නිසා ත්ය දිනක් පියා සීනෙන් විත් බය කිරිමෙන්  අනතුරුව නැවත නිදානය පිළිබඳව වූ ආශාව අලු ගොඩක  සැඟවුණු ගිනි පුපුරක් මෙන් උඩට මතු ‌ෙවී කාලය ගෙවීයාමත් සමඟ වලව්ව ආණ්ඩුව විසින් සින්න කර ගැනීමේ දින ද ලංවෙයි ඔහු දැඩි ලෙස සිත ශක්තිමත් කොට අයිරින් කැටුව නිදන් ගල වෙත යයි ඒ අතරතුර   ඔහු ඇගේ අත අල්වා මහත් ආදරයෙන් ඇය දෙස බැලීමෙන් ප්‍රේක්ෂකයාටත් ඔහු පිළිබඳ අනුකම්පාවක් ජනිතවේ

 තණ්හාව ප්‍රේමයට වඩා බලවත් විය ඔවුන් දෙදෙනා බාරය ඔප්පු කිරීමට ලෑස්ති වෙයි ඉතාමත් අහිංසක අසරණ අයිරින් වැළඳ ගෙන සිටින විට මතුරන ජප කරමින්  ඉන්නා විලිට මීමැස්මොරය සෑදෙයි ඔහු පිහිය ගෙන අයිරින් මරා දමයි නමුත් නිධන් දොර නොඇරේ  චිත්‍රපටිය අවසාන  භාගයේ ඔහු නිදන්ගල මත  උමතු වූවෙකු මෙන් වැළපෙන්නේ සැබැවින්ම නිධාන නොලැබීම පිළිබඳව අයිරින් ඝාතනය පිළිබඳ විමසූවොත් අයිරින්  ඝාතනය පිළිබඳව බව වැටහෙයි  හඳහනට අනුව ඔහුට ඔහු හොඳට හිටියොත් හොඳ පැත්තට යන බව කියැවිණි ඔහුට ලැබීමට නියමිත නිධානය අයිරින්ය නමුත් ඒ පසක් වන විට ඔහු ප්‍රමාද වැඩියි
සැබවින්ම නිධානය චිත්‍රපටයෙන්යෙන් කියැවෙන්නේ ගරා වැටෙන රදල ධනවාදී ආර්ථිකයයි  විලීගේ ටයි කොට් ඇඳීමත් අශ්ව කරත්තයෙන් ගමන් බිමන් යාම වලව්වත් රදල වැඩවසම්වාදී නිරූපණය කරන සංකේත ‌ෙවී අවසානයේදී  විලිගේ බලාපොරොත්තුව සුන් වී ඔහුට දිවි තොරකර ගැනීමට තරම් සිතෙන අවස්ථාව රදල බිඳ වැටීම නිරෑපණය වන්නේය  චිත්‍රපටිය නැරබීමෙන් අන්තිමේ දී සිදුවන්නේ කුමක්ද අයිරින් මරා බිලි දුන්නාට නිධානය දොර ඇරේද යන  කුහුල සංසිදවා ගැනීමට මේ චිත්‍රපටය නැරඹීමට වඩා ඒ පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් ඇරඹිය යුතුය

ශ්‍රී ලාංකේය මාක්ස්වාදී චින්තකයෙක් වන සයිමන්  නවගත්තේගම නිධානය චිත්‍රපටය පිළිබඳ මෙසේ කියයි නිධානයේ විලි  පිරිහීගෙන එන ධනවාදයේ සංකේතයක් ආර්ථික හා මානව සම්බන්ධතා  විසිරී ගිය පවුලක හුදකලා සාමාජිකයෙක් මෙම රදළ පැලැන්තියේ ජුලියස් වැන්නෝ අධිරාජ්‍යවාදී සුද්දන්ට මිත්‍රව හා ගැතිව හිද ජාතිය දීනත්වය කෙරෙන්ද යැපෙති අලුතින් බිහිව ආ ධනවාදයට හා වෙමින් රදලයන් වශයෙන් පෙර භුක්ති විඳ සමාජ බලය ධනවාදී සමාජ රටාව තුළ ද සාර්වාදී සමාජ රටාව තුළද සාර්ථක ලෙස භුක්ති විඳිති විලි මෙම සමාජ විපර්යාසයට මුහුණදිය නොහැකිව දැඩි මනෝ ලෝකයක හුදෙකලා වීම නිසා රෝගී විය පාරම්පරික මිථ්‍යා විශ්වාසයන්ට ගොදුරුවිය වැඩවසම් ක්‍රමය පුද්ගලිකත්වය හා ඊට අනුබද්ධ වරප්‍රසාද හා ධනය පරම්පරාවෙන්  නිරුත්සහයෙන් ලැබෙයි මෙම වැඩවසම් ක්‍රමය මත සකස් වුණු නිරුත්සාහි මානසික  ජීවන රටාවක ට දඒතුණු විලි නිරුත්සාහයෙන් පෝසතෙකු වීමට නිධානය කෙරෙහි විශ්වාසය තබයි
එමෙන්ම මෙම චිත්‍රපටිය හරහා සියලුම   වටිනාකම් මුදලට යට වන ආකාරයත් අයිරින් වැනි ජීවිත සෞන්දර්යය ධනවාදය ග්‍රහණයට යටපත් වීමත් ජීවිතය විවාහය වැනි සම්බන්ධතා ධනවාදය තුළ වාණිජත්වයේ  භාණ්ඩයක් වන ආකාරයත් ඒවා ධනවාදී පරමාර්ථ  සමඟ විනාශ වන ආකාරය මෙහිලා අපූරු ලෙස නිරූපිතය
නිධානය චිත්‍රපටය තුළ ආලෝකකරණය කැමරාකරණය ආදී කලා අධ්‍යක්ෂණය ආදී සියලුම අංග ඉතා විශිෂ්ට ලෙස හසුරුවා ඇති අතර කේමදාසයන්ගේ සංගීතය සිතෙහි ඇති වීම සෙලවීම් මනාව නිරූපණය වන්නේ ය එය විටෙක ප්‍රේමය විටෙක වස්තු තණ්හාවත්  පසුබිම් සංගීතයෙන් මනාව නිරූපණය වේ නිධානය චිත්‍රපටය අන්තර්ජාතික මට්ටමෙන් බැලුවද උසස් සිනමා පටයකි ජීවිත අර්ථයක් කැටිකොට ගත්තකි  සිනමා කලාවේ පටු  ලාංකික සංස්කෘතික ක්ෂේත්‍රයේ ස්ථිරසාර වූ සිහිවටනයකි නිධානය ජීවිතය නැමැති ඛේදජනක අත්දැකීම පිළිබඳ නිරූපිත ශෝකාන්තයකි කෙනෙකුගේ අවාසනාවන්ත ඉරණම කෙරෙහි  තවම ජීවත් වන්නා වූ සෙස්සන්ගේ ජීවිත වාසනාවන්ත භාවයට පත් කිරීමට ඉවහල් වන ආදර්ශයකි


Wednesday, July 3, 2019

විවාහය



EARTH SONG



EARTH SONG  

What about sunrise
What about rain 
What about all the things  T
hat you said we were to gain………. 
What about killing fields 
Is there a time 
What about all the things  
That you said was yours and mine ..............
https://www.youtube.com/watch?v=XAi3VTSdTxU

ජැක්සන්ගේ ගීත අතර අති විශේෂිත ගීයක් වශයෙන් මෙය හැදින්විය හැකිය.අධික පිරිවැයක්  දරමින් නිර්මානය වූ මෙම ගිතය වර්තමානය වන විටත් ඉතාම ජනප‍්‍රියයි.වර්තමානය වන විටත් මිනිසුන් වශයෙන් අපි මුහුණපාන පාරිසරික ගැටලූ ගණනාවක්  මේ ගීය හරහා පෙන්වා  දෙනු ලබයි. මිහමත අයිතිය මිනිසුන්ට පමණක් නොව ගහකොළ සතාසිව්පාවා අප‍්‍රණාික සප‍්‍රාණික මේ සියලූ ජීවීන්ට අයිති වෙයි. මින්සුන් විසින් තමන්වම විනාශ කරගන්නා බවත් එම විනාශය දැක දැකත් එය නතර නොකරන බවත් මේ ගීතය හරහා කියාපායි.
වර්ෂාව නිසිකලට ලැබෙන්නේද සියලූම සතුන්ට ගස්වැල්වල පැවැත්මට ද ජලය අවශය වෙයි.බෝග වගා කර ආහාර නිෂ්පාදනය කරගැනිමට ජලය අවශය වේ. එහෙත් අවශ්‍ය වූ විට වර්ෂාව පවතිද යන්න ගැටලූවකි.පරිසරයේ තිබෙන ගස්වැල් කපා විනාශ කිරිම මගින් වර්ෂාව බලාපොරොත්තු විය නොහැකිය.
එසේම ලෝකයේ යුද්ධය ඇති වෙයි.එවිට සාමයක් නැත.නිතර ගැටුම් මගින් ජිවිත නැති වෙයි.තිබෙන සියලූම සම්පත් ක‍්‍රමයෙන් විනාශ වී යයි. යුද්ධය නිසා කිසිවක් නොතේරෙන කුඩා දරුවන් පවා විනාශ වී යයි.එසේම උදාසනී වීම මගින් තම අරමුණු ඉටුකරගත නොහැකි බවත් ස්වභාව ධර්මයේ ඇති වටිනා  දේ විනාශ කිරිම මගින්ද ක‍්‍රමයෙන් විනාශය කරා ලඟා වන බවද මෙම ගීතය හරහා පෙන්වා දෙයි.
We are the World/Man in the Mirror/Hill the World  යන ගීත ඇසුරෙන් ජැක්සන් සමාජයට පණිවිඩයක් ලබා දෙන අතර එවැනිම ගීතයකි EARTH SONG  මෙහි රූපරචනය විශාල පිරිවැයක් දරමින් නිර්මාණය කර ඇති අතර එය නිර්මාණය කර ඇත්තේ ප‍්‍රවීණ සෞන්දර්යාත්මක ඡායාරූප ශිල්පි නික් බ‍්‍රැන්ටි විසිනි. මෙහි පදරචනය තනු නිර්මාණය ජැක්සන් විසින්මය. මෙම ආන්දෝලනාත්මක ගීතය හා රූප රචනය ලෝකය තුළ නව පෙරළියක් ඇති කරන්නට සමත් වීය. ඇමෙරිකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ගීත දර්ශක වල අංක 1 ස්ථානයේ රැදුනු මිහිතල ගීතය මගින් මිනිසුන්ගේ විවිධ ක‍්‍රියාකාරකම් නිසාම මිහිමව දූෂණය වෙමින් අවමානයට ලක්වන ආකාරය පිලිබදව ලෝක අවදානය යොමු කිරිමට සමත් වී ඇත.

Tuesday, June 25, 2019

බින්තැන්නේ වැද්දෝ


ශ්‍රී ලංකාවේ තවමත් මහියංගනය දඹාන වැනි  ප්‍රදේශවල වෙසෙන  ආදිවාසී ජනතාව තුළින් පිළිබිඹු වන සාම්ප්‍රදායික  සන්නිවේදන ලක්ෂණ පිළිබඳ සාකච්ඡාවකි මේ



වැද්දා යනු  ආදි මානවයාගේ සම්භවයක් වශයෙන් මානව විද්‍යාඥයන් හඳුන්වා ඇත ප්‍රාග් ආදි මානවයාගේ සිට යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පසුව ආර්යයන්ගේ පැමිණීමෙන් පසුව වැදි ජනතාව  වෙනත් ජන කොටස් හා මිශ්‍රව ශිෂ්ට සම්පන්න විය පසුව 1815 න් පසුව හේන් ගොවිතැන් හා මිශ්‍රව ගොවිතැනට හුරු විය ආදි මානවයන්ගේ පරපුරට අයත් යැයි සැලකෙන යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවත එන වැද්දන්ට එම නම භාවිතා වන්නට වූයේ දුන්නෙන් විද සතුන් දඩයම් කිරීමෙන් ජීවත් වූ නිසාය

 බොහෝ කලකට පෙර ලංකාව පුරාම විසිරී ගියේ යැයි සැලකෙන වැද්දන් පසු කාලයේදී මහා වැදි රටට පමණක් සීමා විය
  ඉන් පසුව ඇතිවූ විවිධ හේතූන් නිසා ලංකාවේ දැනට ශේෂව ඇති මෙම ආදිවාසී ජන කණ්ඩායමේ වඳවීම ශීඝ්‍රයෙන් ඉහළ යන්නට විය ඒ හේතුවෙන් වර්තමානය වැද්දන් දක්නට ලැබෙන්නේ මහියංගණය ආශ්‍රිතව සොරබොර දඹාන හේනේගල ‌ දිවුලාන පෙදෙසේ ඌව බින්තැන්නට අයත් රතුගල හා දිගාමඩුලු බින්තැන්නට අයත් මහඔය පෙදෙසේ පොල්ලේබැද්දේ යන ගම්මාන කිහිපයක පමණි  ජන සංඛ්‍යා පවුල් 1500ක් වෙතැයි සැලකේ
 ඉපැරණි සම්ප්‍රදායන්ට අනුව අයත් මෙම වැද්දා වර්තමානයේ දක්නට නැත පැරණි වැද්දන් ගසකින් උගුල්ලා ගන්නා ලද තරමක් ලොකු පොත්තතකින් තම ඇඳුම සකස් කර ගන්නා ලදී ශිෂ්ටාචාරය වනපෙත ආක්‍රමණය කිරීමේ හේතුවෙන් හා එමෙන්ම විවිධ ජාතීන්ගේ සම්මිශ්‍රනයෙන්  ආදිවාසීන්ගේ ජීවන චර්යාව වෙනස් විය නමුත් ආදි වැද්දාගේ පැවත එන්නන් අතර යම් තරමකින් හෝ අඩු වැඩි වශයෙන් ඉපැරණි  ගෝත්‍රික ලක්ෂණ තිබේ උසස් පරපුරක ට උරුමකම්  කියන ඔවුන් තම තමන්ටම  ආවේණික  වාරිත්‍ර අභිචාරවිධි හිමි ජනකොටසකි
බොහෝ විට  කැලෑ බිම් ආශ්‍රිතව අනිකුත් ජන කොටස් වලින් ඈත්ව ජීවත් වීම නිසා ඔවුන් සතුව පැවති සංස්කෘතික ලක්ෂණ බොහෝ කලක් නොනැසී පවතී වැද්දන්ට තමනට හිමි ඇදහීම් රටාවක් හා සමාජ නීති රීති සමුදායක් වූ සීමිත වචන සමුදායකින්  යුතු භාෂාවක් භාවිතා කල  මිනිස් කොටසකි ආහාර සොයා ගැනීමේදී ගැටලු හා ගැටුම් වලට ලක් නොවන අන්දමට තම දඩමීමා වෙන්කර තිබිණි එසේ වෙන්කරගත් සම්මත මායිම් ලකුණු වූයේ කඳු වැටි ගල්පර්වත දියඇලි ගංගා ඇළ කඳුරු ආදිය
මෙසේ ස්වභාවික සීමාමායිම් භාවිත කළ නොහැකි භූමියක මායිම් ලකුණු කලේ දුනු හණ ගස් වල කෙටි‌ෙමෙනි   මෙසේ ගල් වලද කොටා සීමා ලකුණු කරයි මෙවැනි ගල්වල කෙටු සලකුණු නිදන් වස්තු යැයි  සමහරු සිතති

 එකල සිටි වැද්දන් සිය දේපළ වැඩිමහල් පුතාට හෝ බෑණාට පවරයි එසේ පවරන  වස්තූන් අතර මේ සීමා කල දඩබිම් ද ලකුණු කෙට් මී බඹර ද වෙයි මෙසේ පවරාදීමේ සංඛකේතය වශයෙන් තිරිවානා ගලක් යොදාගත්තේය
වැද්දත් ‌කෙස්  ‌රොද කින් ගල වටා එතීමෙන් එය සහතික කරයි එමෙන්ම පෙර කළ රජවරුන් මැතිඇමැතිවරුන් දඩමස් ගැනීමට වැද්දන්ට පහින පත් යවති මෙම අවශ්‍යතා සපුරා දීමේ වැද්දාට තෑගි තෑගිබෝග ලැබේ ඒ්වායේ විවිධ සන්නිවේදනයන් සිදු ‌වෙයි
// මුව මස් වල සංකේතය
//------ මුව කදන්
0 මී පැණි
වැදි ජනතාව අතරින් විවාහ චාරිත්‍ර වලින්  පිළිබිඹු වන සාම්ප්‍රදායික සන්නිවේදන ලක්ෂණ විග්‍රහ කර බැලීමේදී මොවුන්ගේ විවාහ චාරිත්‍ර චාම් ලෙස සිදුවේ   ඇතැම් වැදි   දැරියන් වැඩි විය එක් වීමටත් පෙර සිටම විවාහවේ එමෙන්ම නෑනා මස්සිනාලා අතර වන විවාහය බොහෝ කොට සිදුවෙයි
 කිසියම් තමන්ගේ  සිත ඇඳි කෙල්ල විවාහ කරගැනීමට පෙර ගැහැනියක් නඩත්තු කළ හැකි බව පෙන්වීමට මාමාට තෑගි කදක් ‌ෙගෙන යයි  මී පැණි දඩමස් ආදී කන්දක් බැදගෙන ‌ලෙනට ‌ගෙනයන්නේ සිරිත අනුවය මෙසේ  රැගෙන යන තරුණයා  වහල මත දුන්නත් හී තලයක් රඳවා තබා අනිත් ‌‌‌දේ රැගෙන ‌‌‌‌‌ගෙට  ඇතුළුවෙයි තෑගි කන්ද පිළිගතහොත් විවාහයට අවසර දුන්නා යැයි සන්නිවේදනය වෙයි පසුව එයින් පිටවන බෑනා එසේ පිට වන්නේ පෙර තැබූ දුන්න ඊතලය ලෙසම තබාය
රැහේ අනෙක් වැද්දන්ගේ විවාහය පිළිබඳ දැනගන්නේ මේ දැකීමෙනි සිංහලෙන් අතර පවතින මේ ප්‍රසිද්ධ කිරීමේ නිවේදනය විවාහ ලේකම් කාර්යාලය දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම සිහිකරවන පැරණිතම සන්නිවේදන ක්‍රමයකි

 විවාහ චාරිත්‍රවල දී තරුණයා තරුණියගේ ඉනවටා  රෙදි කඩයක් දවටන් අතර තරුණිය තමා විසින් ඇබරූ ලණුවක් තරුණයගෙ ඉනවටා බදියි සිංහල සාහිත්‍ය අතර පවතින මුදු මාරු කිරීමේ චාරිත්‍රය සිහිකරවයි සිංහල චාරිත්‍ර අතර මෙය ඉතා අර්ථවත් චාරිත්‍රයකි ලණුුව  වැද්දා  ඉතා ප්‍රයෝජනවත් දෙයකි  ඒමෙන්ම විවාහයේදී කාන්තාවන්ගෙන් දෑවැද්ද අනිවාර්ය ‌වෙයි  වැදි ජනතාව අතර මේ සෑම අවස්ථාවකදී තම සහයෝගීත්වය සන්නිවේදනය වේ
එමෙන් දරු ප්‍රසූතියකදී ඔවුන්ගෙන් සාම්ප්‍රදායික සන්නිවේදන ලක්ෂණ ඉතාම අර්ථාන්විත වෙයි එමෙන්ම ප්‍රසූත අවස්ථාවේදී කරදරයකින් තොරව ප්‍රසූතිය සිදු කිරීමට නෑ යකුන්ගේ ආධාර බලාපොරොත්තු වෙන බාරහාර වත්පිළිවෙත් සිදු කරයි පට්ට යකුන් වශයෙන් හැඳින්වෙන්නේ මෙවැනි භාරකාරයෙකිි
 යකුන් තුන් දෙනෙකු සඳහා නටන ‌ෙමේ යක්කමේදි  ගස්වලින් ගලවා ගත් පට්ටාවලින් හොඳින්  වේලන ලද කූඤ්ඤ තුනක් බිම සිටවා  ඒ වටා යාතිකා  ගයමින් යකුන්ගේ පිහිට පතයිමේ යකුන් නැටීම නිසා දරු ප්‍රසූතිය  පහසුවන අතර මවටත් දරුවාටත් ආරක්ෂාව ලැබේෙතැයි වැද්දන් විශ්වාස කරයි
මොවුන් අතර පවතින අවමංගල සිරිත් ඉතා ගුප්ත ස්වභාවයක් දරයි නමුත් එනම් රැහේ අයකු මිය ගිය පසු ඔවුන් මළකඳ අතහැර ඉතා ඈත ප්‍රදේශයකට පැන යන අතර එසේ පැන යාමෙන් ඔවුන් සන්නිවේදනය කරන්නේ ඔහුගේ/ ඇයගේ ආත්මය ඒ වටා ගැවසෙමින් තමන්ට විපත්තියක්  සිදු කරයි යන බියෙනි
 විවාහවලදී තරුණයන් හෝ පිරිමි පාර්ශවය කරදමන පොරව තුළින් සන්නිවේදනය කරයි පිරිමි පාර්ශ්වය තමන්ට නොගැලපෙන ‌හෝ ‌‌ලේ බැදිමක්  ඇත්තියක් සමග සම්බන්ධතා ඇති කර ගත්හොත් ඒම ‌පොරව කරේ   දමාගැනීමට රැහේ වැඩිහිටියන්  ඉඩ නො‌ෙදෙයි
ඒයිනුත් යම්කිසි සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමය න්  පිළිබිඹු වේ  දැනට වැදි ජනතාව අතර පවතින දැනට පවතින ක්‍රමවලින් පිළිබඳ වන සාම්ප්‍රදායික සන්නිවේදන ලක්ෂණ සාකච්ඡා කිරීමේදී ඔවුන්ගේ ප්‍රධානතම කෙරෙන ඇදහීම වන්නේ නෑයකුන් පිදිමයි  මේ නෑයකුන් පිදීමේ දී සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඊතලයට අමතරව ආයුධය නමින් නැටුම සඳහාම භාවිත කරන දිගු හා කෙටි  මිටක් සහිත ඊයක් භාවිතා කර යි  දඩයමයම් සරුසාර කර ගැනීමටත්  අනතුරු අඩුකරගැනීමටත්   යක් නැටුම බඹරු යක් නැටුම් ආදී යාතු කර්කර්ම සිදුකෙරේ ජනතාවගේ ජීවන රටාව ඉතාම සංකීර්ණ වෙයි ඔවුන්ගේ එකම අරමුණ වන්නේ ආහාර සොයාගැනීම් පමණින් ඔවුන් ගේ වාසස්ථානය වනය  වන අතර කුඩා දරුවන් බැද්දෙ අතරමං වීම වැළැක්වීමට ගස් තුළ විවිධ සලකුණු තැබීම මවුන්ගේ සන්නිවේදන ලක්ෂණයකි එමෙන්ම ඉතාම සම්ප්‍රදායික සරල ලෙස  වැදි ජනතාව තුළින් පිළිබිඹු වන සාම්ප්‍රදායික සන්නිවේදන ලක්ෂණ වර්තමානය වන විට වෙනස් වෙමින් පවතී

Saturday, June 22, 2019

ගුවන්විදුලිය හා සංවර්ධනය

ගුවන්විදුලිය හා  සංවර්ධනය

ලෝකයේ ගුවන්වවිදුලි  මාධ්‍ය බිහි වන්නේ විවිධ තොරතුරු බෙදාහැරීම  උපක්‍රමයක් වශයෙනි මෙය  ශ්‍රී ලංකාවට එන්නේ ද එම අරමුණ පෙරදැරි කරගෙනයි
සංවර්ධන සන්නිවේදනය ක්‍රියාවලිය තුළ ජනමාධ්‍ය අතර ප්‍රමුඛ පෙළේ අංගයක් ලෙස ගුවන්විදුලි මාධ්‍ය සැලකිය හැකිය කිසියම් රටක දියුණුව සඳහා ජනමාධ්‍ය උපයෝගි කරගන්නේ ද සන්නිවේදන මාධ්‍යයන් උපයෝගී කරගන්නේ ද එය සංවර්ධන සන්නිවේදනයිි
සංවර්ධනය වචනය අර්ථ දැක්වීමේදී ඉතා පුළුල් පරාසයක් පුරා විහිද කතා කළ හැකි එහිදී රටක ආර්ථික සාමාජික දේශපාලනික මෙන්ම අදාල අංශය වන සෞඛ්‍ය සංස්කෘතිමය අධ්‍යාපනික ආදී ක්ෂේත්‍රයන් හි ලබන වර්ධනය දියුණුව සංවර්ධනය ලෙස සරලව අර්ථ දැක්විය හැකිය
මේ සියලු අංශයන්හි වර්ධනයක් මෙන්ම මනා වූ වර්ධනයක් නැතහොත් සංවර්ධනය ඇතිකර ගැනීමටඅතීතයේ මෙන්ම වර්තමානයේ ගුවන් විදුලි මාධ්‍ය කටයුතු කරයිද ඒ කෙසේද ආදී වශයෙන් මෙහිදී විමසිය යුතුය
එහිදී පළමුව ජාතික සංවර්ධන සන්නිවේදන ක්‍රියාවලියෙහි ගුවන් විදුලි මාධ්‍ය සතු ශක්‍යතාව මොනවාද යන්න වීමසීමෙන් පසුව දෙවනුව ඒවා ප්‍රායෝගිකව සිදුවන්නේ ද වර්තමානය තුළ එසේ නොවන්නේද යන්න විමසා බැලිය හැකිය


  • ක්ෂණිකත්වය    යමක් සිදුවෙමින් පවතිද්දී එකී තොරතුරු සමාජගත කිරීමට ඇති හැකියාව සංවර්ධනාත්මක සන්නිවේදනය ක්‍රියාවලිය සුවිශේෂී කාර්යභාරයක් වන බැවින් මෙහිදී ගුවන්විදුලියට මුල් කාලයේ වෙනත් බොහෝ මාධ්‍යයන්ට කළ නොහැකි තොරතුරු සම්පාදනය ක්ෂණිකවම කිරීම මෙහිදී වැදගත්ය 

යම්කිසි රාජ්‍යයක් තුළ හෝ  අභ්‍යන්තර ප්‍රදේශ්යක් තුළ පොදුජන අවධානයට යොමු කළ යුතු ජාතික මට්ටමේ ආපදාවක්  පිළිබඳ හදිසි  තොරතුරක් ඉතා ඉක්මනින් පතුරුවා හැරීමේ හැකියාව මීට අයත්ය උදාහරණ ජපානය භූමිකම්පාව පිළිබඳ අද වන විට කෙටි පණිවිඩ මගින් දැනුම් දේ ලංකාවේ ගංවතුරෙන් ආරක්ෂා වූ පිරිස් ෆේස්බුක් හරහා සලකුණු කිරීම


  • බහුලීකරණය   විශාල පිරිසකට එකවර තොරතුරු සම්පාදනය කරලීමේ හැකියාව



  •  සමාජ ප්‍රභේද සමතික්‍රමණය          ගුවන්විදුලිය ඇසුරු කරන ත ශ්‍රාවක පිරිස විවිධය බාල-තරුණ-මහලු විවිධ සමාජ මට්ටම්වල පුද්ගල කොටස් මෙන්ම ඔවුන්ගේ සමාජ ආර්ථික තත්ත්වයන් තරාතිරම් ද විවිධ අධ්‍යාපන මට්ටම් හා ඔවුන් සතු අරමුණු පරමාර්ථ හා මනෝභාවයන් රුචිකත්වයන් රසවින්දන තත්ත්වයන් ආකල්ප සංකල්ප වෙතින්ද ඔවුන් දක්වන විෂමතා සංකීර්ණ වෙයි ජාතික ආගමික සංස්කෘතික හා දේශපාලනික තත්වයන් යටතේ ඔවුහු විවිධ සමාජ ප්‍රභේද නියෝජනය කරන්නේ මිනිස් ජන සමාජයක් එක් මනෝභාවයක් කරා සමීප කරලීම ගුවන්විදුලිය විසින් සිදුකරනු ලබයි 
  • මෙහිදී පදනම් කරන ප්‍රතිෂ්ඨාවක් දෙකකි                                                                             ගුවන්විදුලි වූ කලී වාචික මාර්ගයකින් ඒ සදහා භාෂාව උපයෝගී කොට ගැනේ මේ නිසා එය උගත් සියළු ජන කොටස් කෙරෙහි ඉතා පහසුවෙන් සමීප කෙරේ සාක්ෂරතා  බාධකය ජය ගනී සියලු ජන සමාජ කොටස් සම්බන්ධ ‌කොට ගැනීම හේතුවෙන් දැනුම හා විනෝදාස්වාදය පුළුල් කරනවා මෙන්ම තොරතුරු ලබාදීමේ ජීවිතාවබෝධය ඇති කොට සක්‍රීය සමාජයක් ගොඩනැගීමට උපකාරී වේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල සමාජය වේගවත් ලෙස වෙනස් කිරීම සුවිශේෂී කාර්ය ගුවන්විදුලී මාධ්‍ය සතුව ඇත

Friday, June 7, 2019

මනුෂ්‍යයත්වය

කැළැ හඳ - ඩබ්ලිව් ඒ් සිල්වා




කැළැ හඳ - ඩබ්ලිව් ඒ් සිල්වා

සිංහල නවකතාව කලාත්මක නව මගකට යොමු කළ ශ්‍රේෂ්ඨ නවකතා ‍කරුවකු ලෙස ඩබ්ලිව් ඒ සිල්වා ශූරීන් හැඳින්වීම නිවැරදිය  
සිංහල සිනමා සිත්තමට ඔහුද ඔහුගේ කැලෑහඳ හිගන කොල්ලා දෛව්‍ය යෝගය වැනි නවකතාවලින් ලැබුණේ දැවැන්ත ආලෝකයකි ඒ්  පිනෙන් පහල වූ එම ගත් කතුවරයෙකු ගේ නවකථාවල එක් පැතිකඩක් විවරණය කොට දැක්වීම මෙහි අරමුණයි 
එනම් එතුමා සිය නවකතා වලින් කාන්තාව ප්‍රතිනිර්මාණය කළ අයුරු හඳුනාගැනීමය එය අප සමාජයට වඩා වැදගත් වන්නේ නිරතුරුවම අද අපට අසන්නට දකින්නට ලැබෙන පරිදි කාන්තාව දෙස හෙලන දෘෂ්ටි කෝණය අන් කවරදාටත් වඩා ඉතා ආනාදරණීය වී ඇති බැවිනි ආදරණීය සාහිත්‍ය කෘති වඩාත් අත්‍යවශ්‍ය වන්නේ ආදරණීය සමාජයකටය  
කාල්මාක්ස් පවසන අයුරින් කිසියම් සමාජයක ප්‍රගතිය මැන ගත හැකි වන්නේ ඒ සමාජයේ කාන්තාවන්ගේ තත්වය දෙස බැලීමෙනි 
එමෙන්ම ගාන්ධිතුමන් පවසා ඇත්තේ සොළොස් හැවිරිදි රූමත් ස්ති්‍රයක් අන්ධකාරය පැතිරිනු රෑක භාරතයේ එහා කොනේ සිට මෙහා කොණ දක්වා තනිව කිසිදු බලහත්කාර ක්‍රියාව ලක් නොවී යාහැකි නම් ඔහු භාරතය සමෘද්ධිමත් හා නිදහස් නිවහල් දේශයක් ලෙස පිළිගන්නා බවයි 
මේනිර්වචන ද්විත්වයම  නිරායාසයෙන්ම යොමු කරන්නේ අද අප සමාජයේ ලබා ඇත්තේ කිනම් ප්‍රගතියක් ද යන්න සිහිකිරීමට ය පුරුෂයාට මෙන්ම කාන්තාවටද සම මානුෂික අගයක් එක් කළ ලේඛකයකු ලෙස ඩබ්ලිව් ඒ සිල්වා සූරීන් ප්‍රමුඛය ඩබ්ලිව් ඒ සිල්වා මහතා සහ මාර්ටින් වික්‍රමසිංහ මහතා ස්ත්‍රී ප්‍රශංසාර්භ  ගුණය ඉදිරිපත් කරති
 සිල්වා ශූරීහු හිඟන කොල්ලා පාසල් ගුරුවරිය සුනේත්‍රා කැලෑහඳ හඳ දෛවයෝගය රදළ පිළිරුව වැනි නවකතාවන්හි ඔහු ස්ත්‍රී චරිත්යෙන් ඉහත සඳහන් ප්‍රශංසාව ගුණයෙන් ප්‍රතීයමාන කළහ අද සමහර කෘතියක දැක්වෙන පරිද්දෙන් සිල්වා ශූරීහු බිරිඳකගේ උසස් බව පිරිමි කිහිප දෙනෙකු කරායන දුෂ්චරිතයන් ලෙසින් මහත් අභිරුචියකින් වර්ණනා කරමින් බිඳ දැමුවේ නැත සෑම මනුෂ්‍යයෙකු තුලම පවතින් මානුෂික හැඟීම් ඈ තුළ ද පිහිටුවමින් කතුවරයා පතිනියකගේ  පිවිතුරු බව ආරක්ෂා කළේය විශේෂයෙන්ම සමාජයෙහි ස්ත්‍රී පුරුෂයන් අතර සිදුවන අකටයුතුකම් පුන පුනා වර්ණය කර දැක්වීමට ලේඛකයන් තම ප්‍රතිභාව ශක්තිය වැය කළයුතු නැත දුශ්ශීල යෙදෙන්නන් සුචරිතයේ පිහිටුවාලීමේ සමාජ මෙහෙවර ලේඛකයා සතු බව ඔහු අමතක නො නොකළ යුතුය නිරතුරුවම තම නවකතා  මඟින් නිරූපණය කරන්නේ ගැහැනු පිරිමි යන මේ දෙපාර්ශවය තුළම මිනිසාට හිමි පොදු ගති ලක්ෂණ සම සමව පිහිටා ඇති බව ය පිරිමින් සතු උසස් ගුණධර්ම ගැහැනුන් තුලද පවතින බවත් ගැහැනුන් තුළ පවතින දුබලතා පිරිමින් තුළ ද පවතින බවත් ඔහු මැදිහත් සිතින් දුටුවේය 

සිනමා සිතුවමක් ලෙසින් ප්‍රථම වරට සිනමාවට එක් වූ නවකතාව කැලෑහඳ ය 1933 දී එය බිහිවන්නේ සිල්වා ශූරීන්ගේ ශ්‍රී හස්තයෙහි කැලෑහදෙහි ඒන ඇඩා  ජයපාල මවක ලෙසින් දෙවැනි විවාහයකට ද අවතීර්ණ වී සිය පුත්‍රයා වෙනුවෙන් සිය ජීවිතය කැප කළ උතුම් කාන්තාවකි එමන්ම මෙහි එන ඩෙිසි අත්තනායක ද සිය සැමියා වෙනුවෙන්ම කැප වූ උතුම් ස්ත්‍රී රත්නයකි එහි සුවිශේෂීතම චරිතය ලෙස මා දකිනා මාලනිය ද ඉතා උසස් ගුණ ධර්මයෙන් හිමි බිරියක් පෙම්වතියක් මෙන්ම උතුම් කුල කතකි  පිටිසර ගම්මානයක ජීවත්වූ දිළිඳු මෙන්ම ඉතා රූමත් යුවතියක නමුත් ඉහල පෙලේ බලවතුන්ගේ හා නූගත් ගම්මුන්ගේ බලවත් විරෝධතා මැද තම ප්‍රේමය ජය ගැනීමට අවස්ථාවක් ලබා ගන්නා යථෝක්ත ගැමිලිය අවසානයේදී තම ආත්ම පරාජය ජීවිතයද මරුවාට කැප කරයි මෙන්ම කුලවත් සමාජයෙහි වෙසෙන ජෝන් ජයපාල හා විවාහ වන මාලනියගේ විවාහ ජීවිතය තෙමසකින් අවසන් වන අතර ජෝන්ගේ විසි වන වි‌ෙයහි මනස තවත් සොඳුරු යුවතිය දෙසට ආකර්ෂණය වේ සිය සැමියා වෙනුවෙන් අවංක ගුණධර්මයෙන් අපමණ දුක් විඳිමින් ලොව ප්‍රසිද්ධ නාට්‍යාංඅංගනාවක් වී නැවත පැමිණ සිය සැමියා ලබාගැනීමේ අවස්ථාව ඇයට ලැබුණ ද ජෝන්ගේ දෙවැනි බිරිය ගේ ජීවිත සතුට ඈ සිය සතුට වෙනුවෙන් විනාශ කරදැමීමට නොසිතයි ආදරේ නියම අරුත පසක් කරමින් ඈ තවත් ස්ත්‍රියක් වෙනුවෙන් තම ප්‍රේමය පරිත්‍යාග කරයි

ඔබ කැටුව යන්නේ මට සෙරක වෙනුවෙන් නැගෙන අපවාදය දුරු කළ නොහැකි ඔබේ මතු දියුණුවට අපකාරයක් විනා උපකාරයක්ද කළ නොහැකි ඔබ නැතිව යන මට මේ ගමන හැර අන් ගමනක්ද යා  නොහැකි හෙයින් මම මේ ගමන යන්නෙමි

 සිය පෙම්වතාගේ මතු දියුණුව වෙනුවෙන් ඇය මෙලෙසින් ජීවිතයෙන් සමු ගනී මේ අයුරින්   සිරියලතා හිඟන කොල්ලා ළමා හාමි හඳපාන ‌ෙමවැනි තරුණියද ස්ථර ගුණයෙන් හෙබි පෙම්වතියන්ය  හඳපානේඒන එක්තරා නාගරික තරුණියෙකුගේ චපල කමෙන් වේදනා ලද සේන  මුළු ගැහැණු සංහතියටම නිග්‍රහ කරමින් පහත් ලෙස සලකන විට කතුවරයා ඔහුගේ මිතුරා මාර්ගයෙන් පවසන්නේ සියලුම කාන්තාවන් චඵල නොවන බවයි එමන්ම ඩබ්ලිව් ඒ සිල්වා නිරූපණය කර ඇති කාන්තාවන්ගෙ සුවිශේෂිත්වය ඔවුන් බුද්ධිමත්යඒතුමන් පුරාතන  හා ආධුනික කාන්තාවන්ගේ ගුණ ස්වභාව දක්වමින් ඉස්මතු කර දැක්වීමට උත්සාහ දරා ඇත්තේ අධ්‍යාපනය කාන්තාවන්ට ද අත්‍යවශ්‍ය දායාදයක් වන බවයි පුරුෂයාට මෙන්ම ස්ත්‍රියද අධ්‍යාපනයයේ අවශ්‍යතාවය දක්වමින් උගත් බුද්ධිමත් කාන්තාවට ජීවිතයේ යථාර්ථය දැකීමේ හැකියාව ජීවිතයේ අභියෝගවලට මුහුණදීමේ හැකියාව සාර්ථක ලෙස විවාහ ජීවිතය ගෙනයාමේ හැකියාවක් ඇති වන බව පෙන්වා දෙයි එතුමන් තම කෘති තුළින් සිය ලේඛන ශක්තිය මෙහෙයවා උත්සාහ දරා ඇත්තේ සමාජය කාන්තාව දෙස හෙළන දෘෂ්ටිය ආදරණීය කරලීමටය මිනිසා උත්සාහ දැරිය යුත්තේ හඳට යෑමට නොව හදවතට ගමන් කිරීම්ට ය යනුවෙන් අදිකාරම්තුමා පැවසුවාක් මෙන් වත්මන් ලේඛකයාද උත්සාහ දැරිය යුත්තේ කාන්තාවකගේ නිරුවත් මහත් අභිරුචියෙන් වර්ණනා කිරීම්ට නොව කාන්තාවන්ගේ හදවතේ ඇති උතුම් ගති ලක්ෂණ නිරුවත් කොට මිනිස් හදවත් තුළ කාන්තාව පිළිබඳ ආදරණීය මෙන්ම ගෞරවනිය ආකල්පය ඇතිකොට වර්ධනය කරලීමට ය

සරසි රණසිංහ 

Tuesday, June 4, 2019

උත්සහවන්තයා ජය ගනී



යෝ චේ වස්සසතං ජීවේ - කූසීතෝ හීන      විරියෝ
ඒකාහං ජිවිතං සෙය්‍යො - විරියමාරභතෙ දළ්හං
ධම්මපදය සහස්ස වග්ගය 13

  කම්මැලියකු ගේ සියක් වසරක ජීවිතයට වඩා වීර්ය ඇති පුද්ගලයා ගේ එක්දින ජීවිතය ඊට වඩා අගනේය

 ජීවිතය ජීවත් කරන්නේ බලාපොරොත්තු ය අරමුණු ය අරමුණුක් නැත්තා ඔහේ සුළඟේ ගසාගෙන යන පරඬැලක් වැනිය කොහෙන් නතර වෙයි දැයි නොදනී නතර වුවද නැවත නැවතත් ගසාගෙන යයි අරමුණක් ඇත්තා  තමා යන දිශාව දනියි තමන් කළ යුත්තේ කුමක්දැයි කල්පනා කරයි සොයා බලයි උත්සාහ ගනී

නමුත් හීනයක් බලා සැබෑ කර ගැනීමට බලාපොරොත්තුවෙන් අපේක්ෂාවන් පෙරදැරිව යන  ගමන නම් මල් ඇතිරු  මාවතක් නම් වන්නට නොහැකිය මන්ද ජීවිතේට එන බාධක කරදර දුක් කම්කටොළු බොහෝය එම කටුක අත්දැකීම් මතින් හීනය වෙත යන ගමනේදී අධිෂ්ඨානය උත්සාහවන්ත බව ධෛර්‍ය එක ලෙස රඳා පවත්වා ගැනීම අසීරුය

මනුෂ්‍යයකු වශයෙන්  අප තුළ සිත් රිදීම් බිඳීම් කඩාවැටීම්වලට ලක්වීම නිසා අතරමග නතර වීමට සිදුවණ අවස්ථා ඇත තමන්ගේ නිවැරදි යහපත් අරමුණක් වෙනුවෙන් එක ලෙසම හිත ශක්තිමත්ව පවත්වා ගැනීම අසීරු වුවත් ජයග්‍රහණනය කරා ළඟා වීමට නම් එය කළ  යුතුමය ජීවන ගම්නේ අප කරා එන බාධක වලට සාර්ථකව නොබියව මුහුණ දී අවැසි නම් මදක් හති ඇර ඉදිරියට යෑම මිස කළ යුත්තේ සියල්ල අතහැර කලකිරීම් නොව

දියුණුවට බාධකයකි අලස කම කුසීතයා එලොවටත් වැඩක් නොකරගනි මෙ ලොවටත් වැඩක් නොකර ගනි කූසිතයාට කායිකව ශක්තියක් ද නැත මානසිකව ශක්තියක් ද නැත කායික හා මානසික ශක්තිය  ඇති කරගත හැක්කේ තමන්ට ම පමණි   


තම හිසට තම අතමය සෙවනැල්ල තමාගේ ගැලවුම්කාරයා තමාමයි තමා ශක්තිමත් නැත්නම් ඊට වරද තමාගේමය   එහෙම සිතා  නැගී සිටිය යුතුය කායිකව ශක්තිමත් වී මෙන්ම මානසිකව ශක්තිමත් වී නිවැරදි මාවතක නිවැරදි අරමුණක් වෙනුවෙන් කැපවී රටට ලෝකයට බරක් නොවූ ණය නැති  පුරවැසියෙකු වශයෙන් මිය යා හැකියි 

අප හැමෝම හීන දකිනවා ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු ඇතිකර ගන්නවා පෘථග්ජනයන් වශයෙන් හොඳ ගෙයක් ගන්න හොඳ වාහනයක් ලබාගන්න හැමෝම හීන දකිනවා

ආත්මාර්ථය ට වැඩක් කරගන්නා ගමන්ම පරාර්ථකාමී  වීම අගනේය  ජීවිතයේදී මෙලෙසින් අප නිර්මාණය කරගන්නා ඉලක්ක කරා ළඟාවීමට නම් වැඩ කළ යුතුයි මා හීන බල බල නිදා ගැනීම තුළින් ඉලක්ක කර අපට යා හැකිද ????

  විරියේන දුක්ඛං අච්චේති ……

උත්සාහයෙන් තොරව ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් කිසිවක් අත්පත් කරගත නො නොහැකි බව බුද්ධ දේශනාවයි

අප සියලු දෙනාගේම ප්‍රාර්ථනය   ආර්ථික සාමාජික වශයෙන් සාර්ථක පුද්ගලයෙකු වීමය එහිදී ඇතමුන් සාර්ථක වන අතර ඇතමුන් අසාර්ථක වේ
අසාර්ථකත්වයට සාධක වශයෙන් අලසකම අධිෂ්ඨානශීලීත්වය බිඳවැටීම කැපවීමට ඇති නොහැකියාව  සිත් රිදීම් බිඳීම් වැටීම් තුළින් කලකිරීම්ට අතහැරදැමීමට පත්වීම
නමුත් කළ යුත්තේ ජීවිතයට එන කටුක අත්දැකීම් තුලින් පන්නරය ලබාගෙන ඉදිරියට යෑමයි අඩුපාඩු නොහැකියාවන් බොහෝ තිබෙන්නට පුළුවන්  ලද දෙයින් සෑහීමකට  පත්වෙමින් නොහැකියාවන් හැකියාවන් බවට පත්කර  ගැනීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන්නේ නම් අද කටුක මාවත හෙට මල් ඇතිරූ මාවතක්  වනු නියතය
ඒ සඳහා සැලසුම් සහගත ජීවන රටාවකට හුරු විය යුතුය අද කළ යුතු දේ අදම කළ යුතුය වැඩ කල් නොදැමිය යුතුය මිනිසුන් වන අප නිතරම බලන්නේ අතපය නොවෙහෙසා සිටිමටය  කට පිනවා කන පිනවා ශරීරය පින්වීමට නිතර අප ආශා කරයි නිකන් ඉන්න හේතු හොයයි

 අද නම් වහිනවා අද කම්මැලියි හිත කියන්නේ එහෙමයි නමුත් ඒ මානසික ශක්තිය ඇති කරගත් යුත්තේ අපිමයි අඩුවෙන් කා වැඩියෙන් වැඩ කිරීම් ඊට පිළිවෙතයි   
තම තමන්  ශක්තිමත්ව තම තමන්ගේ නිවැරදි යහපත් අරමුණු සඳහා කැපවී වෙහෙස නොබලා වැඩ කරොත් තමාත් තමා  අවට සිටින පිරිසත් සාර්ථකත්වයට පත් වනවා සේම තමා පෞද්ගලිකව සාර්ථක වී පොදුවේ රටත් සමාජයත් ජාතියක් ඉදිරියට යනු ඇත මේ ගමනේදී පරාර්ථකාමීත්වය ද අගනේය ………….



Nilushika......

Monday, June 3, 2019

පරිසර සන්නිවේදනය


පරිසර  සන්නිවේදනය

 මානව සම්භවයත්   සන්නිවේදනයත් බිහි වූයේ එකටමය එතරම්ම සන්නිවේදනය හා මානවයා අතර පවතින්නේ තද සම්බන්ධයකි සන්නිවේදනයෙන් තොරව මානව පැවැත්මක් වර්ධනයක් අපේක්ෂා කළ නොහැකිය මානව ආරම්භයේ පටන්ම 21 සියවසේ මේ වනවිට තාක්ෂණමය වශයෙන් හෝ වෙනත් අංශ මගින් අප ලබාගෙන ඇති ජයග්‍රහණයට මූලිකම සාධකය වූයේ සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමගම ලේඛනය භාෂණය සං මාර්ගයෙන් අදහස් දැනුම යනාදිය හුවමාරු කරගැනීම වෂයෙන් සරලව පැවැති සන්නිවේදනය විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමඟ ජනසංනිවේදනය දක්වා වර්ධනය විය ජනමාධ්‍ය එතරම්ම රූපවාහිනිය ගුවන්විදුලිය පුවත්පත මෙන්ම නව මාධ්‍ය මගින් විශාල ජන සංඛ්‍යාවක් ඉලක්ක කරගෙන ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් දැවැන්ත සන්නිවේදන කාර්යක් සිදු වේ එමෙන්ම චන්ද්‍රිකා තාක්ෂණය ආදී සන්නිවේදනන තාක්ෂණයන්ගේ දියුණුවත් නිසාම අද  ජාත්‍යන්තර සන්නිවේදනය නමින් ජාතික සීමාවන් ඉක්මවා ගිය විශ්වීය සන්නිවේදන ප්‍රවණතා බිහිව තිබේ ඒ යටතේ අද වන විට ලෝකයේ සියළු ක්ෂේත්‍රයන්හි විධිමත් භාවය උදෙසා එම විෂයය හා සන්නිවේදනය වැදගත්කම මෙන්ම සම්බන්ධතා මේ උදෙසා ක්‍රියා  පිළිවෙත් නිර්මාණය වී තිබේ එහිදී තවත් එක් අවධානය යොමු විය යුතු මෙන්ම  ක්‍රියාකාරී ලෙස වැඩසටහන් ක්‍රියාත්මක වන පරිසර  සන්නිවේදන විශය පිළිබඳව අද වන විට පුලුල්  වකතාබහ කරන්නකි මේ යටතේ මූලික කරුණු සාකච්ඡා කළ යුතු කාරණා කිහිපයකි එනම් 
  • පරිසරය කුමක්ද
  • පරිසරය හා මානවයා අතර ඇති සබඳතාවය
  • තිරසාර සංවර්ධනය සදහා පරිසර  සන්නිවේදනයේ ඇති වැදගත්කම

පරිසරය යනු සරලව ගතහොත් අප ජීවත්වන වටපිටාවයි එය කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ය ඒනම්
  •  ජීවි 
  • අජීවි වශයෙනි 

 මෙහිදී ජීවි වස්තූන් ලෙස මිනිසුන් සතුන් ශාක ලෙස වර්ග කළ හැකි අතර අජීවී වස්තූන් ගණයට මිනිසා විසින්  නිර්මාණය කල සියලුම දෑ එනම් ගොඩනැගිලි යාන වාහන මංමාවත් ආදිය ගත හැකිය  
සැබැවින්ම මනුෂ්‍ය ජීවිතයේ පැවැත්ම රඳා පවතින්නේ සොබාදම්  මෑණියන් නිසාය පරිසරය තුළින් සිතට නැගෙනුයේ චමත්කාරජනක දසුනකි නක වර්ණවලින් යුත් මල් තුරු වදුළු ඉහල නිල්වන් ආකාශයේ කුරුල්ලන්ගේ කිචි බිචි නාදය විවිධාකාර සතුන් දිය ඇලි ඇළ දොළ ගංගා මෙවැනි සිදුවීමක් මැවී පෙනෙනුයේ කාර්මීකරණය තුළින් මෙන්ම විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමග මිනිසාගේ මූලික අවශ්‍යතා පුළුල් වීම්ත් සමග එම අවශ්‍යතා ඔවුන් ඉතා පහසු ලෙස ඉටු කරගන්නට යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් කෘතිමව නිර්මාණය වී ගොඩනැඟිලි මංමාවත් යාන වාහන වලින් යුක්ත කෘතිම ලෝකයකි අද දක්නට ඇත්තේ සැබැවින්ම  වර්තමානයේ  ස්වභාවිකත්වයට වඩා කෘතිමත්වය ඉස්මතු වී ඇති අතර සියල්ල කෘතිමත්වයට පත් වන දින වැඩි ඈතක නොවේ 
බොහෝ දෙනා නාගරිකත්වය ප්‍රියකරති ගොඩනැගිලි මං මාවත් සතුන් මරා සිදුවන ජාවාරම් ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී නමුත් මේ වන විටත් කෘතිමත්වය තුළද  ස්වභාදහම යම් තරමකට රැඳී පවතී අනාගතයේ එසේ වත්ඉතුරු වේද  යනු සැක සහිතය පරිසරය පිලිබද නිවැරදි දරනුවත් භාවය මනුෂ්‍ය වර්ගයා අතර පැවතිය යුතුය මේ කාර්යයට උරදෙමින් සංවිධානගත සියලු දෙනාම මෙන්ම පරිසරවේදීන් සන්නිවේදන ගේ අවධානය පරිසර  සන්නිවේදන විෂයට යොමු වී තිබේ

 මෙම  සන්නිවේදන කාර්යයේදී සිදුකෙරෙනුයේ යමක් පිළිබඳව විශාල පිරිසක් අතර  නිවැරදි තථ්‍ය   දැනුවත්භාවය ඇතිකරලීමයි
මෙහිදී පුද්ගලාන්තර සන්නිවේදනය ජන ජනසන්නිවේදනය කණ්ඩායම සන්නිවේදනය මෙන්ම අන්තර් වර්තී පුද්ගල සන්නිවේදනයක් ඇති කරලීම සඳහා ද කටයුතු කළ යුතුයි පාරිසරික  සන්නිවේදන විශය ක්ෂෙත්‍රය  තුළදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකි නම් 
  • පරිසරය පිළිබඳ මිනිසාගේ ආකල්පය
  • ඒ පිළිබඳ දැනුමවත්භාවය
  • පරිසරික ගැටලු
  •  ගැටලු අවම කිරීම
  •  ස්වාභාවික විපත් ආදී කරුණු පිළිබඳ විමසා බැලිය යුතුවේ එමෙන්ම 
  • පරිසර හිතවාදී ව්‍යාපාර සංවිධානය ගත කිරීම 
  • ජනමාධ්‍ය මගින් පරිසරය පිළිබඳ ආකල්පමය වර්ධනය 
  • පාරිසරික ගැටලු පිළිබඳ කතිකාවන් 

ආදී මෙන්ම සන්නිවේදන ක්ෂේත්‍රය තුළ භාවිතා වන සියලුම ක්‍රමෝපායන් මඟින් පාරිසරික සන්නිවේදනය ඉටුකළයුතුය පරිසර  සන්නිවේදනය පිළිබඳ අද වන විට පුළුල් ලෙස ජාත්‍යන්තර ජාතික මට්ටමින් කථා කළ නමුත් පරිසරය පිළිබඳ සංවේදීතාවක් ඇති කිරීම හා එමගින් පරිසරය පිළිබඳ යහපත් ආකල්ප වර්ධනය කිරීමට මෙන්ම ළමා සාහිත්‍ය මඟින් ළමා මනස තුළ සොබාදහම පිළිබඳ අපූර්වත්වයක් යහපත් ආකල්ප වර්ධනයක් ඇති කරලීම උදෙසා හෙළ සාහිත්‍යයේ පමණක් නොව විශ්ව සාහිත්‍ය කරුවෝ ද උර දුන් බව කිව යුතුයි  
වර්ඩ්ස්වර්ත් එමෙන්ම ශ්‍රී ලංකාවේ නම් විමලරත්න කුමාරගමයන් ආනන්ද රාජකරුණා මහගමසේකරයන් ආදී නම් සඳහන් නොකළ විශාල කවීන් පමණක් නොව සිතුවම් කරුවන් සංගීතවේදී  සිනමාකරුවන් ආදී විවිධ ක්ෂේත්‍ර මගින් පරිසර  සන්නිවේදනය ඉටු කරයි එමෙන්ම ළමා සහ සාහිත්‍ය මඟින් කුඩා කල් පටන්ම සොබාදහමට ආදරය කරන යහපත් පෞරුෂයකින් හෙබි පුරවැසියන් බිහි කිරීමට නිර්මාණය වූ නිර්මාණ බොහෝය

උදාහරණ
 මේගසේ බොහෝ 
පැනිදොඩම් තිබේ 
නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති 
වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ 
අපි ඉතා සරලව කියන්නා වූ මේ පද්‍ය පන්තිය  තුළින් ළමුන්ට පමණක් නොව  වැඩිහිටියන්ට පවා ගැඹුරු සංනිවේදනයක් මෙයින් මනරම් ලෙස ඉදිරිපත් කෙරෙයි මෙම නිර්මාණකරුවන් තම තමන්ගේ ක්ෂේත්‍රයන්ට  අදාළව පරිසර සත්ව ශාක  සංරක්ෂණය ආදී අනේකවිධ පණිවිඩ කියා පායි  පරිසර සන්නිවේදනය තුළින් තිරසාර සංවර්ධනයක් අත්පත් කරගැනීම්ට නම් යාන වාහන මංමාවත් නිර්මාණය කරන ගමන් සොබාදම් මාතාව රැකීමෙහි ලා ද කටයුතු කළ යුතු වේ  පරිසර සන්නිවේදනය තුළ පරිසර සංරක්ෂණයේ දී මෙන්ම සංවර්ධනයේදී දීම  සන්නිවේදන ක්‍රියාවලියක අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමු වී ඇත 
එමෙන්ම මේ පිළිබඳ විධිමත් ආයතන ද පිහිටුවාගෙන ඇත 
උදාහරණ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන පරිසරය හා සංවර්ධනය පිළිබඳ සාකච්ඡා බොහෝ ලෝකය පුරා ඇති වූ අතර සංවර්ධනයත් සමග පරිසරය රැක ගත යුතු බවට සාකච්ඡා ඇති වුණි  මීට සන්නිවේදනය ඉටුකරන්නේ මහගු කාර්ය භාරයකි ලෝක පරිසර දිනය ජුනි මස පස් වැනිදාට යෙදී තිබේ මීට සමගාමීව වාර්ෂිකව රටවල් එකසිය පනහකට පමණ පරිසර වැඩසටහන් ක්‍රියාත්මක වේ මේ සියලු කාර්යයනි සඳහා  සන්නිවේදනය ඉටුකරන්නේ  මහඟු කාර්යයකි
  එමෙන්ම ලෝකය තුළ කාර්මීකරණය නාගරීකරණය බිහිවීම තුළින් පරිසරයට වන හානිය ශීඝ්රයෙන් වර්ධනය වන්නට විය ඒ ඔස්සේ තිරසාර සංවර්ධනය පරිසරයක් යන දිත්වයම පිළිබඳව අවධානය යොමුකරමින් පරිසර  සන්නිවේදනය විශය  ගොඩනැගී තිබේ මේ පිළිබඳව අදහස් දක්වන රොබට් හොක්ස් මහතා පාරිසරික සන්නිවේදනය නිර්වචන ගත කරන්නේ මෙසේය
පරිසරය පිළිබඳව මිනිසාගේ අවබෝධය හා ස්වාභාවික ලෝකය මිනිසාත් අතර තිබෙන සම්බන්ධතාවය විදහා දැක්වෙන ප්‍රධාන සාධකය බවත් පාරිසරික ප්‍රශ්න විග්‍රහ කරන බවත් හා සම්බන්ධව සමාජයේ විවිධාකාර ප්‍රතිචාර විග්‍රහ කිරීමෙහිලා යොදාගනු ලබන සංකේතාත්මක මාධ්‍යයක් වේ
මෙම නිර්වචනයට අනුව ඔහු පාරිසරික සන්නිවේදන විෂය තුළ අධ්‍යනය කළ යුතු ප්‍රධාන කරුණු හතක් ඇති බව සදහන් කර ඇත එනම්
  1. ස්වභාවික අලංකාරය පිළිබඳ කතිකාව
  2. ප්රවෘත්ති මාධ්ය හා පාරිසරික සන්නිවේදනය
  3. පරිසරය හා සම්බන්ධ තීරණ ගැනීමේ දී මහජන සහභාගීත්වය
  4. පරිසර හිතවාදී ව්‍යාපාර
  5. සහයෝගීතාවය හා ගැටළු විසඳිම
  6. අවධානවධානාත්මක සංනිවේදනය
  7. ජනප්‍රිය සංස්කෘතිය තුළ පාරිසරික නියෝජනය

ඔහුට අනුව මෙම සංරචකයන් වශයෙන් හෝ වෙන්ව සමාජය තුළ සිදුවන කතිකාව පරිසර සන්නිවේදනයයි  පරිසර සන්නිවේදනය තුලින් මිනිසා තුළ පරිසර සාක්ෂරතාවයක් මිනිසා හා පරිසරය අතර ඇති අන්තර් සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම පරිසර ගැටලු කෙරෙහි අවධානය පරිසර දේශපාලනය ආදී අනේකවිධ කාරණා රැසක් මීට අන්තර්ගතවේ මෙහිලා පරිසර සන්නිවේදනය යනු කුමක්ද පිළිබඳ පළමුවෙන් ම වටහා ගැනීම් වැදගත් වෙයි පරිසර සන්නිවේදනය යනු පුද්ගලයා ආයතන සමාජයේ හා සංස්කෘතීන් හැදෑරීමේ පරිසරය හා මානව අන්තර් ක්‍රියා සම්බන්ධතා පණිවිඩ ලබා ගැනීම තේරුම් ගැනීම හා භාවිතා කිරීම පිළිබඳව හැදෑරීමයි අන්තර්වර්ති සංනිවේදනය සිට අත්‍යවශ්‍ය ප්‍රජාවන්ට සහභාගිත්ව තීරණ ගැනීම හා පාරිසරික මාධ්‍ය ආවරණයෙන් පුළුල් පරාසයක විවිධ අන්තර් ක්‍රියාවන් ගෙන් සමන්විත වේ එමෙන්ම වාචික සංනිවේදනය ද ඇතුළත් වේ එමෙන්ම මෙහිදී රූපවාහිනියෙ ප්‍රවෘත්ති පත්‍ර ගුවන්විදුලිය වැනි නවීන මාධ්‍ය උපයෝගී කරගනිමින් මෙන්ම නව මාධ්‍ය වැනි ජනමාධ්‍යන්ට අමතරව  පුද්ගලාන්තර සන්නිවේදන සමූහ සංනිවේදනය ගැන සන්නිවේදන ක්‍රමෝපායන්ද බද්ධ කර ගනී මෙම සන්නිවේදන විධික්‍රම භාවිතය කුමන රටාවකට අනුව නිර්මිත විය යුතුද යන්න තීරණය කිරීම පණිවිඩයේ ස්වභාවය අනුව අවස්ථාව අනුව වෙනස් වේ පරිසර සන්නිවේදනය මේ වනවිට දියුණු මාධ්‍ය වේදයක් දක්වා වර්ධනය වී ඇත කඩිනමින් පාරිසරික ගැටලු වාර්තා කිරීම් වාර්තා වැඩ වැඩසටහන් නිර්මාණය ආදී වැඩසටහන් රාශියක් මේ හරහා ක්‍රියාත්මක වේ මෙහිදී පරිසරය හා සම්බන්ධ පණිවිඩයක් සමාජයට ලබා දීමේදී මාධ්‍ය කරුවෝ තම යුතුකම් හා වගකීම් තේරුම් ගෙන ක්‍රියා කිරීම වැදගත් වේ පරිසර සන්නිවේදනය තවත් අවධානය යොමු විය යුතු කේෂ්ත්‍රය සන්නිවේදන රටාව පිළිබඳව එහිදී 
  • ග්‍රාම කේන්ද්‍රීය රටා

මෙහිදී සියලුම ගම් වලට එකම ආකෘතියක පිහිටා සන්නිවේදනය සිදුකළ නොහැකිය එමෙන්ම පුද්ගලාන්තර සන්නිවේදනය මාධ්‍ය මූලික පාරිසරික හෝ සංවර්ධනාත්මක පුවතක් ජනතාවට වඩාත් තේරුම් ගත යන පරිදි විවරණය කිරීමට සන්නිවේදනය උපකාරී වේ එමෙන්ම ඕනෑම රටක පාරිසරික සන්නිවේදන සහායකවරුන් වශයෙන් හැඳින්විය නිලධාරීන් තුලින්ම සන්නිවේදනය වන්නේ ය වන සම්පත් හා පරිසර අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරිය පරිසර සංරක්ෂණ කළමනාකරණයට ආදී නිලධාරී මණ්ඩලයක් මගින් මේ කාර්යය සිදු වේ  සන්නිවේදන රටා තුළින් සාකච්ඡා කළ යුතු පවත්නා දෙයකි 
  • සාම්ප්‍රදායික මාධ්‍ය

සම්ප්‍රදාය යනු අප සාමාන්‍යයෙන් අදහස් කරන්නේ අතීතයේ සිට අපේ සංස්කෘතික උරුමයන් පැවත එන ඇදහිලි විශ්වාස ගති පැවතුම් සිරිත් විරිත් කලා ශිල්ප චින්තන ක්‍රමය ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල පාරම්පරික සම්ප්‍රදායන් සංස්කෘතීන් සමඟ බැඳුණු සන්නිවේදන මාධ්‍ය සංස්කෘතිය හා බැඳුණු පාරම්පරික සන්නිවේදන ක්‍රම සමහරක් අද පවා ජීවමානව පවතී ගැමි නාටක කවිකොළෙ බිත්ති පත්තර මෙහිදී වැදගත් වන සාම්ප්‍රදායික ක්‍රම වේද ඇතැම්විට ප්‍රවෘත්තිපත්‍ර ගුවන්විදුලිය සිනමාව වැනි මාධ්‍යයන්ට වඩා සාම්ප්‍රදායික මාර්ගයෙන් සන්නිවේදන කාර්යයෙහි ලා වැදගත් වන අවස්ථා ද තිබේ එමෙන්ම ගුවන්විදුලිය පරිසර සන්නිවේදන කාර්යෙහි උපයෝගී කරගෙන හැකි සන්නිවේදනිවේදන මාධ්‍ය කේන්ද්‍රය පරිසර සන්නිවේදන කාර්යයේදී ගැමි ජනතාවගේ ඥානාවබෝධය වර්ධනය කරන සන්නිවේදනාත්මක මාධ්‍ය අතරින් මුල් තැන ගුවන්විදුලියට හිමිවේ සාක්ෂරතා ඥානයේ අඩු ජනතාවට වුවද වැඩි තොරතුරු ප්‍රමාණයක් ගලා යන්නේ මේ හරහා ය 

විනෝදාස්වාදය ලබාදෙන අතරම විවාදාත්මක කරුණු අළලා කෙරෙන සාකච්ඡා වන්ගෙන් වුවද ග්‍රාහකයක් සම්බන්ධ කර කරගැනීමට ගුවන් විදුලියට අද හැකියාව ඇත පුද්ගලික ගුවන්විදුලි සේවාවන් තුළින් පැයෙන් පැය පුවත් විකාශය වීම පරිසර ප්‍රශ්න පිළිබඳ ජනතාව දැනුවත් කිරීම් ප්‍රතිචාර දැනගගත හැකි සාර්ථක ගුවන් විදුලි ශිල්ප ක්‍රමයකි ඒහිදී පරිසර පුවත් කලාව පිළිබඳව ද මේ ක්ෂේත්‍රය තුළ දී සාකච්ඡා කළ යුතු කාරණයකි පරිසර පුවත් කලාවේ සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් ගැන පුවත්පත ගුවන්විදුලි රූපවාහිනී මාධ්‍යයන් සියල්ලටම බලපාන පුවත් ඉදිරිපත් කිරීමේ නව රීතියක් වශයෙන් හැඳින්විය හැකිය පරිසර පුවත් යනු සමාජයක සංවර්ධනයට හේතුවන දැනුම් සම්භාරයක් හා අවබෝධයක්ද ලබා දෙන්නෙකි පාරිසරික කරුණු ආර්ථික ජාතික සංවර්ධනය හා සමග අත්‍යන්තයෙන්ම බැඳී පවතී පරිසර ප්‍රශ්න පිළිබඳව ජනමතයක් ගොඩනැගීම   සඳහා සුවිශේෂි කාර්යයක් ඉටු කරන්නේ ජනමාධ්‍ය මගිනි













Nilushika......