Saturday, August 24, 2019
Thursday, August 15, 2019
ගෝලීයකරණය
හුදෙකලාව ජීවත් වූ මිනිසා සමූහයක් ලෙස ජීවත්වීමට පටන් ගැනීමත් සමග විවිධ සොයා ගැනීම් සඳහා ද යොමු විය. යුරෝපයේ ඇතිවූ නව කාර්මික පුනරුදයත් සමග නව තාක්ෂණය ද ක්‍රමයෙන් දියුණු විය. අද වන විට මෙම විද්‍යාත්මක හා තාක්ෂණය පදනම් කර ගෙන ලෝකයේ සෑම අංශයක් ම එකට සම්බන්ධ වී තිබේ. එය විශ්ව ගම්මානය හෙවත් ගෝලීයකරණය ලෙසින් ද හඳුන්වනු ලැබේ.
ගෝලීයකරණය යනු මුළු ලෝක ආර්ථිකයම එකම වෙළඳපොළ ආර්ථිකයක් බවට පත්වීමයි. එනම් මුළු ලෝකයේම ජාතීන් සහ රටවල් වලට සමාන ආකාරයේ අයිතිවාසිකම් ඇතිව නිදහසේ සම්පත් හුවමාරු කරගනිමින් සම්පත් භුක්ති විදීමේ හැකියාව පවතින ඒකීය ආර්ථික ක්‍රමයක් බවට පත්වීමයි. මෙහිදී ලෝකයේ රටවල් සහ ජනතාව අතර ආර්ථික සමාජීය, සංස්කෘතිකමය, දේශපාලන සහ තාක්ෂණික සම්බන්ධතාවයන් තුළින් රටවල් සහ ජනතාව අතර ඒකාබද්ධතාවයක් ඇති වීම මගින් මුළු ලෝක ආර්ථිකය පුරාම ප්රාග්ධනය, තාක්ෂණය, භාණ්ඩ හා සේවා නිදහසේ හුවමාරු වීමක් සිදු වීමේ ක්‍රියාවලිය ගෝලීයකරණය වේ.
ගෝලීයකරණ ක්‍රියාවලියේ ආරම්භය අධිරාජ්‍යවාදී රටවල් විසින් යටත්විජිතවාදය ව්‍යාප්ත කිරීමේ අවධිය දක්වා දිවයන අතර අධිරාජ්යවාදීී රටවල ඒකාරාශී වූ ප්රාග්ධනය ආයෝජනය කිරීමේ ඉඩප්රස්ථාවන් සළසා ගැනීමේ අරමුණින් එම රටවල් විසින් යටත්විජිත රටවල ඔවුන්ගේ ප්රාග්ධනය ආයෝජනය කිරීම ආරම්භ කිරිමත් සමග ගෝලීයකරණය ආරම්භ විය.
1980 ගණන් වලට පෙර ලෝක ආර්ථික තුළ ප්‍රධාන ප්රවණතාවන් දෙකක් හඳුනා ගත හැකිය. එනම්
x ඇමරිකානු ව්‍යාප්තවාදය සහ
x රුසියානු ව්‍යාප්තවාදයයි.
ඇමරිකානු ව්‍යාප්තවාදය තුළින් ඇමරිකාව උත්සාහ ගනු ලැබුවේ ලෝක ආර්ථිකය තුළ ඇමරිකාවට හිතවත් ධනවාදී වෙළදපොළ ආර්ථික ක්රමයන් ව්‍යාප්ත කිරීමට වන අතර රුසියාව උත්සාහ ගනු ලැබුයේ රුසියාවට හිතවත් සමාජවාදී කඳවුරේ රටවල් ව්‍යාප්ත කිරීම සදහාය. මේ සදහා ඇමරිකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව. එක්සත් ජාතීන්ගේ සංවිධානය, වැනි ආයතන හරහාත් විදේශීය ණය, විදේශ ණය ආධාර, තාක්ෂණික ආධාර, යුද්ධ ආධාර, ජාත්‍යන්තර වෙළදාම වැනි අංශ වලින් අනෙක් රටවල් වලට බලපෑමක් කළ අතර රුසියාවද විදේශීය ණය ආධාර, තාක්ෂණික ආධාර, යුද්ධ ආධාර සහ විදේශීය වෙළදාම වැනි අංශවලින් බලපෑමක් කරන ලදී. 1980 ගණන් අගභාගයෙන් පසුව රුසියාව ඇතුළු සමාජවාදී රටවල පැවති රාජ්‍ය ඒකාධිකාරය බිඳවැටීමත් සමග ගෝලීයකරණ ක්‍රියාවලිය වේගවත් වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන විසින් ගෝලීයකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට පසුබිම නිර්මාණය කරනු ලබයි. 1980 ගණන් වලින් පසුව සමාජවාදී රටවල් වශයෙන් හැදින්වූ රටවල පැවති රාජ්‍ය ඒකාධිකාරි තත්ත්වය බිද වැටීමට පසුව එම රටවල් පුද්ගලික අංශයට අවශ්‍ය සානු බලයන් සපයමින් වෙළඳපොළේ තරගකාරී තත්ත්වයට ඉඩ දෙමින් බහුජාතික සමාගම් සහ පාරදේශාන්තර සමාගම් වල ක්‍රියාකාරීත්වයට ඉඩ දෙමින් එම රටවල් වෙළඳපොල ආර්ථික ක්රමයන් බවට පරිවර්තනය වීමේ උපනතියක් පවතී. ඒ හැරුණු විට 1960 ගණන් අවසානභාගයේ සහ 1970 ගණන් මුල් කාලයේ සිට ශ්‍රී ලංකාව 1977 න් පසුවත් රජය ආර්ථික කටයුතු වලට මැදිහත්වීම ක්‍රමයෙන් ඉවත් වෙමින් පුද්ගලික අංශයට අවශ්‍ය සානු බලය සපයමින් වෙළදපොළේ තරගකාරී තත්ත්වයට ඉඩ දෙමින් සංවර්ධනය වෙමින් පවතින රටවල් ද වෙළදපොල ආර්ථික ක්‍රමය කරා පරිවර්තනය වෙමින් පවතී. ඒ අනුව වර්තමාන ලෝක ආර්ථිකය තුළ රටවල් කොටස් දෙකක් හඳුනාගත හැකිය.
1. සංවර්ධිත ධනවාදී රටවල පවතින වෙළදපොළ ආර්ථික ක්‍රමය.
2. වෙළදපොල ආර්ථිකයක් කරා ගමන් කරන පරිවර්තන ආර්ථික ක්රමයන් වශයෙනි.
ඒ අනුව මෙම ක්රියාදාමයේ අවසාන ප්‍රතිඵලය වශයෙන් සිදු විය යුතුවන්නේ මුළු ලෝක ආර්ථිකයම එකම වෙළදපොළ ආර්ථික ක්‍රමයක් බවට පත්වීමයි.
ලෝක ආර්ථිකය තුළ බහුජාතික සමාගම් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල තම ප්රාග්ධනය සහ තාක්ෂණය ව්‍යාප්ත කළ අතර වර්තමානය වන විට පාරදේශාන්තර සමාගම් විසින් මුළු ලෝක ආර්ථිකය පුරාම තම ප්රාග්ධනය සහ තාක්ෂණය ව්‍යාප්ත කරමින් ගෝලීයකරණය ක්‍රියාවලිය ව්‍යාප්ත කරනු ලබයි.
පාරදේශාන්තර සමායතන විසින් තරගකාරී සමාගම් ඒකාබද්ධ කරමින් ලෝක ආර්ථිකය තුළ තම වෙළදපොළ කොටස් වර්ධනය කර ගැනීම සදහා කටයුතු කරන අතර ලෝක ආර්ථිකය තුළ නිෂ්පාදනය බෙදා හැරීම සහ අලෙවිය යන අංශ වල අයිතිය අත්පත් කර ගනිමින් පරදේශාන්තර සමායතන විසින් තම වෙළදපොළ ආධිපත්‍ය අත්පත්කර ගනිමින් සිටී. ඒ හැරුණු විට ලෝක ආර්ථිකය තුළ විදේශ ණය, විදේශ ආධාර, විදේශිය පුද්ගලික සෘජු ආයෝජන සහ තාක්ෂණික ආධාර විශාල වශයෙන් ව්‍යාප්තවීමක් සිදුවන අතර සංචාරක කර්මාන්තය, මූල්‍ය වෙළදපොළ කටයුතු, ප්‍රාග්ධන වෙළදපොළ කටයුතු, විදේශ විනිමය, වෙළදපොළ කටයුතු, අන්තර්ජාල පහසුකම් බැංකු සහ රක්ෂණ කටයුතු, ප්‍රවාහන කටයුතු, ගුවන් සහ නාවික ප්‍රවාහන කටයුතු, ජාත්‍යන්තර සංක්‍රමණ කටයුතු, පරිගණක, විදුලිසංදේශ සහ -දුරකතන පහසුකම් වැනි සේවා පහසුකම් ලෝක ආර්ථිකය පුරා ව්‍යාප්ත වෙමින් සංවර්ධනය වීමක් සිදුවේ. ඒ හැරුණු විට ලෝක ආර්ථිකය තුළ කළාපීය සහයෝගීතාවය ඇතිවීම තුළින් ගෝලීයකරණ ක්‍රියාවලිය ව්‍යාප්ත වෙමින් පවතී.(මහාචාර්ය උපාලි හෙට්ටිආරච්චි ”ගෝලීයකරණය”ලිපිය*
සන්නිවේදන මාධ්‍යයේ සහ ප්‍රවාහනයේ දියුණුවෙහි ප්‍රතිඵලයක් ලෙස ජාතික සංස්කෘතියට ගෝලීය සංස්කෘතිය මිශ්රවීමක් සිදු වී ඇත. ආහාර පාන, විලාසිතා, ගෘහනිර්මාණ ශිල්පය ඇතුළු බොහෝ සංස්කෘතික අංගයන් ගෝලීයකරණයට ලක්වීම මෙහි දී හඳුනාගත හැකි ය. උදාහරණ ලෙස ලොව පුරා පවත්වාගෙන යනු ලබන අවන්හල් එකම ප්‍රමිතියකින් යුක්ත ව ආහාර පාන සැපයීමට උත්සාහ දැරීම පෙන්වා දිය හැකි ය. සන්නිවේදන ක්ෂෙත්රයේ දියුණුවත් නිසාම එක් අන්තයක් තවත් අන්තයක් හා යා කරමින් ක්ෂණිකවම සම්බන්ඳතා ගොඩනගා ගැනීමට හැකි වීඹ හා නූතනයේ නිර්මාණය වී ඇති ජාල සමාජය හරහාත් ගෝලීයකරණය තුළින් අපේක්ෂා කරනුයේ ලොවම තනි ආර්ථික ඒකකයක් බවට පත් වීමයි
Monday, August 5, 2019
Saturday, July 27, 2019
ජනමාධ්‍යවේදින් සතු සමාජ වගකීම
මිනිසා තුළ පවත්නා තොරතුරු පිපාසාව සංසිදුවනු වෙනුවෙන් පෙනී සිටින ජනමාධ්‍ය මේ වනවිට ප්රබලතම බලපෑම්කාරී තත්ත්වයන්කට පත්ව ඇත මන්ද යත් නවීන ලෝකය තුළ ජන මාධ්‍ය හා නව මාධ්‍ය වටා මිනිසුන් එක් වෙන ප්‍රමාණය වැඩියි නිසා වෙනි
මිනිසාගේ ප්‍රබල ඉන්ද්‍රියන් වන ශ්‍රව්‍ය දෘශ්‍ය ඉන්ද්‍රියන් යන ද්විත්වයටම පණිවිඩ ලබා දෙන තරමට ම මාධ්‍ය දියුණු වී ඇති යුගයක ජනමාධ්‍ය හරහා ආමන්ත්‍රණය කරන්නේ මනුෂ්‍ය හැඟීම් වලටය මිනිසා ස්වභාවයෙන්ම සංවේදීය මෙම සංවේදීත්වය නම් දුර්වලතාවය මැනවින් වටහා ගන්නා මාධ්‍ය කරුවන් තම තමන්ගේ ප්රවෘත්ති විකුණා ගැනීමට එම සංවේදී ඉන්ද්‍රියන් ට ම ආමන්ත්‍රණය කරයි
ඔිනෑම වෘත්තියක කළයුත්ත හා නොකළයුත්ත වශයෙන් කොටස් දෙකක් පවතී ජනමාධ්‍යවේදීහු වෙනත් වෘත්තී් වෙනස් වන්නේ ජනමාධ්‍යවේදීන් සතුව පවත්නා සමාජ වගකීම්ය
එහෙයින් ඔවුන් සතුව පවත්නා ආචාරධර්ම පද්ධතිය සුවිශේෂී වේ ඒහිදි ඒම ආචාරධර්ම පද්ධතියේ පොදු වශයෙන් පහත පිළිවෙලින් මත පදනම් විය යුතුයි
යන කාරණා මත පදනම් විය යුතුයි මෙහිලා සමාජ වගකීම් කියන කාරණය ඉතාම වැදගත් වේ එහිදී නිවැරැදි වාර්තාකරණය ජනමාධ්‍යවේදය තුළ අතිශයින් වැදගත් ආචාර ධර්මයකි නිවැරදි වාර්තාකරණය හා ආචාරධර්ම දිනපතාම පාහේ උල්ලංඝනය වන ක්ෂේත්රයක් වන්නේ සියදිවි නසා නසා ගැනීම් සම්බන්ධ පුවත් වාර්තා කිරීම
මෑතක සිදු කළ ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව සියදිවිනසාගන්නවුන් සිටින රටවල් අතරින් ප්‍රථම ස්ථානයට පැමිණ ඇත හුදෙක්ම මනුෂ්‍යයෙක් සියදිවි තොරකර ගැනීමට උත්සාහ ගන්නේ
ආදී වේදනාකාරී අවස්ථාවන්හිදිය දළවශයෙන් ලෝකයේ වාර්ෂිකව ලක්ෂ අටක් දහයක් අතර ප්‍රමාණයක් සියදිවි නසා ගන්නා අතර ඒ අතර පුරුෂයන්ගේ ප්‍රතිශතය කාන්තාවන් සාපේක්ෂව වැඩි බවට පර්යේෂණවලින් හෙළිවී ඇත කෙසේ නමුත් කුමන හෝ ගැටලුවක් මුල්කර ගෙන තම ජීවිතය නැති කර ගැනීමට උත්සාහ දැරීම මාධ්‍ය වාර්තාකරණයේ දී අනුගමනය කළ යුතු ආචාරධර්ම මෙන්ම අද වන විට මාධ්‍ය මඟින් සිය දිවි නසා ගැනීම විලාසිතාවක් බවට පත් කර ඇත'
මිනිසාගේ ප්‍රබල ඉන්ද්‍රියන් වන ශ්‍රව්‍ය දෘශ්‍ය ඉන්ද්‍රියන් යන ද්විත්වයටම පණිවිඩ ලබා දෙන තරමට ම මාධ්‍ය දියුණු වී ඇති යුගයක ජනමාධ්‍ය හරහා ආමන්ත්‍රණය කරන්නේ මනුෂ්‍ය හැඟීම් වලටය මිනිසා ස්වභාවයෙන්ම සංවේදීය මෙම සංවේදීත්වය නම් දුර්වලතාවය මැනවින් වටහා ගන්නා මාධ්‍ය කරුවන් තම තමන්ගේ ප්රවෘත්ති විකුණා ගැනීමට එම සංවේදී ඉන්ද්‍රියන් ට ම ආමන්ත්‍රණය කරයි
ඔිනෑම වෘත්තියක කළයුත්ත හා නොකළයුත්ත වශයෙන් කොටස් දෙකක් පවතී ජනමාධ්‍යවේදීහු වෙනත් වෘත්තී් වෙනස් වන්නේ ජනමාධ්‍යවේදීන් සතුව පවත්නා සමාජ වගකීම්ය
එහෙයින් ඔවුන් සතුව පවත්නා ආචාරධර්ම පද්ධතිය සුවිශේෂී වේ ඒහිදි ඒම ආචාරධර්ම පද්ධතියේ පොදු වශයෙන් පහත පිළිවෙලින් මත පදනම් විය යුතුයි
- සමාජ වගකීම්
- මානව හිමිකම් හා මානව ගරුත්වය
- වෘත්තීය අවංකබව
- සංස්කෘතික වාර්ගික ආගමික විවිධත්වයට ගරු කිරීම
යන කාරණා මත පදනම් විය යුතුයි මෙහිලා සමාජ වගකීම් කියන කාරණය ඉතාම වැදගත් වේ එහිදී නිවැරැදි වාර්තාකරණය ජනමාධ්‍යවේදය තුළ අතිශයින් වැදගත් ආචාර ධර්මයකි නිවැරදි වාර්තාකරණය හා ආචාරධර්ම දිනපතාම පාහේ උල්ලංඝනය වන ක්ෂේත්රයක් වන්නේ සියදිවි නසා නසා ගැනීම් සම්බන්ධ පුවත් වාර්තා කිරීම
මෑතක සිදු කළ ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව සියදිවිනසාගන්නවුන් සිටින රටවල් අතරින් ප්‍රථම ස්ථානයට පැමිණ ඇත හුදෙක්ම මනුෂ්‍යයෙක් සියදිවි තොරකර ගැනීමට උත්සාහ ගන්නේ
- මානසික ආතතිය
- අන්තර් පුද්ගල සම්බන්ධතා බිඳ වැටීම
- ආර්ථික දුෂ්කරතා
- මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම
- ලෙඩ රෝග
ආදී වේදනාකාරී අවස්ථාවන්හිදිය දළවශයෙන් ලෝකයේ වාර්ෂිකව ලක්ෂ අටක් දහයක් අතර ප්‍රමාණයක් සියදිවි නසා ගන්නා අතර ඒ අතර පුරුෂයන්ගේ ප්‍රතිශතය කාන්තාවන් සාපේක්ෂව වැඩි බවට පර්යේෂණවලින් හෙළිවී ඇත කෙසේ නමුත් කුමන හෝ ගැටලුවක් මුල්කර ගෙන තම ජීවිතය නැති කර ගැනීමට උත්සාහ දැරීම මාධ්‍ය වාර්තාකරණයේ දී අනුගමනය කළ යුතු ආචාරධර්ම මෙන්ම අද වන විට මාධ්‍ය මඟින් සිය දිවි නසා ගැනීම විලාසිතාවක් බවට පත් කර ඇත'
Monday, July 22, 2019
සෞඛ්‍ය සන්නිවේදනය යනු හා සෞඛ්‍ය සන්නිවේදන සංවර්ධන උපාය මාර්ග
සුවබර යහපත් ශාරිරික හා මානසික සෞඛ්‍ය සමිපන්න ප්‍රජාවක් සිටීම ධරණිය සංවර්ධනයේ එක් පැතිකඩකි මෙි තත්ත්වය රාජ්‍ය තුළ ඇති කරගැනිමට නමි ප්‍රජාව තුළ දැනුමිමත්භාවය අවශ්‍ය වෙි දැනුමිමත් විම යනු යහපත් සෞඛ්‍යයක් පවත්වා ගෙන යෑමට අවශ්‍ය දැනුම එනමි පෝෂ්‍යදායි ආහාර ගැනිමෙි වැදගත්කම ව්‍යායාම කිරිමෙි වැදගත්කම යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගෙන යෑමෙි වැදගත්කම ආදියයි මෙි සඳහා ඇවැසි මෙවලම වන්නේ සන්නිවෙිදනයයි ලෝකය තුළ කාර්මීකරණය නිසා ඇති වු පෙරලිය තුළ මානව වර්ගයාට මුහුණපාන්නට සිදු වු සෞඛ්‍ය ගැටලු මත සෞඛ්‍ය හා සන්නිවෙිදනය යන විශය පිලිබද කතාබහ වැඩි විය විශේෂයෙන්ම දියුණු වෙමින් පවතනි රටවලට මෙම සෞඛ්‍ය සන්නිවේදන සංවර්ධන උපාය මාර්ග වැදගත් විය සරලව සෞඛ්‍ය සන්නිවෙිදනය යනු විවිධ සන්නිවෙිදන මාධ්‍ය යොදා ගනිමින් පුද්ගලයන් හා පොදු තීරණ ගන්නා ප්‍රධානීන් සෞඛ්‍යයට ආදාළ කරුණු සමිබන්ධයෙන් දැනුවත් කරවිම හා උනන්දු කරවිමයි
සෞඛ්‍ය සන්නිවෙිදනයේ අරමුණ වනුයේ එම තොරතුරු අවශ්‍ය පුද්ගලයන් වැඩිම පිරිසකට ලැබෙන සේ නිවැරදි හා කාලීන තොරතුරු සපයා දීමයි මෙි සඳහා පුද්ගලයන්ට අවහ්‍ය වන විටකදි එම තොරතුරු සහ සෞඛ්‍ය පණ්විඩ පහසුවෙන් පහසුවෙන් ලබාගත හැකි වන පරිදි තිබිමයි
සෞඛ්‍ය සන්නිවෙිදනය විවිධ අවශ්‍යතා සදහා යොදා ගනි
සෞඛ්‍ය ප්‍රවර්ධනයට - සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි අවදානමි සාධක පිලිබද මිනිසුන් දැනුවත් කිරිමටත් එම අවදානමි සාධක අවම කර ගැනිමට අවශ්‍ය උපදෙස් ලබා දිමටත් යොදා ගැනෙයි
සෞඛ්‍ය සේවා සැපයීම- සේවා සපයන්නන් පිලිබදවත් අවශ්‍ය ප්‍රතිකාර පිලිබදවත් දැනුවත් විමට අවශ්‍ය තොරතුරු ලබා දේ
සෞඛ්‍යය පනත් - සෞඛ්‍යයට අදාලව ඇති විවිධ පනත් සහ සෞඛ්‍යය පණිවිඩ පිලිබද දැනුවත් කිරිමට අවශ්‍ය තොරතුරු ලබා දේ
සෞඛ්‍ය සන්නිවෙිදන මාර්ග සෞඛ්‍යය සේවයේ නියුතු වූවන්
ප්‍රාථමික සෞඛ්‍ය කාර්ය මණ්ඩලය
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිය
මහජන සෞඛ්‍ය පරික්ෂක
මහජන සෞඛ්‍ය හෙදි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි
වෙනත් සංවිධාන
ජාතික සංවිධාන
අන්තර්ජාතික සංවිධාන
රාජ්‍ය නොවන සංවිධාන
ස්වෙචිඡ සංවිධාන
ජනමාධ්‍ය
විද්‍යුත් මාධ්‍ය
මුද්‍රිත මාධ්‍ය
පොත්පත් සඟරා පෝස්ටර් අත්පත්‍රිකා
තවත් සෞඛ්‍ය සංවර්ධන උපාය මාර්ග ලෙස වැඩමුළු සමිමන්ත්රණ සමිති දේශන සන්නිවෙිදනය තුළ අන්තර් පුද්ගල සන්නිවෙිදනය ආදි සියලු දේ මීට සමිබන්ධ වෙි
සෞඛ්‍ය සන්නිවෙිදනයේ අරමුණ වනුයේ එම තොරතුරු අවශ්‍ය පුද්ගලයන් වැඩිම පිරිසකට ලැබෙන සේ නිවැරදි හා කාලීන තොරතුරු සපයා දීමයි මෙි සඳහා පුද්ගලයන්ට අවහ්‍ය වන විටකදි එම තොරතුරු සහ සෞඛ්‍ය පණ්විඩ පහසුවෙන් පහසුවෙන් ලබාගත හැකි වන පරිදි තිබිමයි
සෞඛ්‍ය සන්නිවෙිදනය විවිධ අවශ්‍යතා සදහා යොදා ගනි
සෞඛ්‍ය ප්‍රවර්ධනයට - සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි අවදානමි සාධක පිලිබද මිනිසුන් දැනුවත් කිරිමටත් එම අවදානමි සාධක අවම කර ගැනිමට අවශ්‍ය උපදෙස් ලබා දිමටත් යොදා ගැනෙයි
සෞඛ්‍ය සේවා සැපයීම- සේවා සපයන්නන් පිලිබදවත් අවශ්‍ය ප්‍රතිකාර පිලිබදවත් දැනුවත් විමට අවශ්‍ය තොරතුරු ලබා දේ
සෞඛ්‍යය පනත් - සෞඛ්‍යයට අදාලව ඇති විවිධ පනත් සහ සෞඛ්‍යය පණිවිඩ පිලිබද දැනුවත් කිරිමට අවශ්‍ය තොරතුරු ලබා දේ
සෞඛ්‍ය සන්නිවෙිදන මාර්ග සෞඛ්‍යය සේවයේ නියුතු වූවන්
ප්‍රාථමික සෞඛ්‍ය කාර්ය මණ්ඩලය
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිය
මහජන සෞඛ්‍ය පරික්ෂක
මහජන සෞඛ්‍ය හෙදි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි
වෙනත් සංවිධාන
ජාතික සංවිධාන
අන්තර්ජාතික සංවිධාන
රාජ්‍ය නොවන සංවිධාන
ස්වෙචිඡ සංවිධාන
ජනමාධ්‍ය
විද්‍යුත් මාධ්‍ය
මුද්‍රිත මාධ්‍ය
පොත්පත් සඟරා පෝස්ටර් අත්පත්‍රිකා
තවත් සෞඛ්‍ය සංවර්ධන උපාය මාර්ග ලෙස වැඩමුළු සමිමන්ත්රණ සමිති දේශන සන්නිවෙිදනය තුළ අන්තර් පුද්ගල සන්නිවෙිදනය ආදි සියලු දේ මීට සමිබන්ධ වෙි
Sunday, July 21, 2019
Saturday, July 20, 2019
Wednesday, July 17, 2019
වස්තු ලෝභයත් ප්‍රේමයත් අතර දෝලනය වන තරුණයකුගේ ආධ්‍යාත්මය ගවේශනය
වස්තු ලෝභයත් ප්‍රේමයත් අතර දෝලනය වන තරුණයකුගේ ආධ්‍යාත්මය ගවේශනය
නිධානය |
දේශීය සිනමා
වංශයට කලාත්මක මුහුනුවරක් එක්කල විදග්ධ අව්‍යාජ සිනමාකරුවාණන් වන ලෙස්ටර් ජේම්ස් පීරිස්
කලාකරුවන් අතින් බිහිවූ තවත් විශිෂ්ට ගණයේ සිනමා කෘතියකි නිධානය මෙහි තිර නාටකය ලියන්නෙ
කෘතහස්ත තිරනාටක රචක තිස්ස අබේසේකර විසින් එමෙන්ම මෙහි කැමරාකරණය ඒම් ඒස් ආනන්ද මහතා ආලෝකය හා අඳුර මෙතරම් නිර්මාණාත්මක ලෙස
භාවිතා කළ වෙනත් චිර්‍තපටියක් නොමැති තරම් බව විචාරකයෝ පවසති ඒමෙන්ම ප්‍රේමසිරි කේමදාස නම් සුවිශිෂ්ට සංගීතවේදියාණන්ගේ
සංගීත් අධ්‍යක්ෂණය ගාමිණී ෆොන්සේකා
හා මාලිනී ෆොන්සේකා යන විශිෂ්ට නළු නිළි දෙපළගේ රංගනයෙනුත් සමන්විත් නිධානය සිනමා කෘතියඩසිංහල
සිනමාවට බිහි වූ සුවිශේෂිතම චිත්‍රපටය යන විරුදාවලිය තවමත් හිමි කරගෙන තිබේ
1956 දී ලෙස්ටර් මහතාගේ රේඛාව චිත්‍රපටයෙන්
පසු නිධානය චිත්‍රපටිය සිංහල සිනමා වංශ කතාවේ තවත් එක් හැරවුම් ලක්ෂයකි කැලෑහඳ චිත්‍රපටයේ
ඇරඹෙන නවකතා චිත්‍රපටියට නැගීමේ සංස්කෘතියේ තවත් එක් පුරුකක් වශයෙන් නිධානය හැඳින්වේ
නමුත් නිධානය චිත්‍රපටය කෘතහස්ත ලේඛකයෙකු වන ජී බී සේනානායකයන්ගේ පලිගැනීම කෙටිකතා
සංග්‍රහයේ එන නිධානය කෙටි කතාව මූලික වන්නේය චිත්‍රපටිය නැරඹීමට පෙර එම කෙටි කතාව කියවා
තිබෙන්නේ නම් චිත්‍රපටියේ සුළු සුළු වෙනස්කම් සිදුකර ඇති බව වැටහේ කෙටිකතා කරුවන් අතරින්
විශේෂම කෙටිකතා කරුවෙකු වන ජී බී සේනානායකයන්ගේ නිධානය වැඩිවශයෙන් කතා
බහට ලක් වූවකි
කෙටිකතාව වූ කලී යම් සිද්ධියක් හෝ යම් චරිතයක්
පාදක කර ගනිමින් රචිත එක හුස්මට කියවා හමාර කළ හැක්කකි එවැන්නක් චිත්‍රපටියකින් වැනි
විශාල මාධ්‍යයකට නැගීමේ ගෞරවය මෙහි තිර පිටපත ලියූ තිස්ස අබේසේකරයන්ට ද හිමිවන්නේ ය
ලෙස්ටර් කලාකරුවාණන් තමන්ගේ අනෙක් චිත්‍රපටි
හරහා කතා කළේ මිනිස් ජීවිතයේ බාහිර තාත්විකත්වය යි නමුත් නිධානයේදි ඉන් ඔබ්බට ගොස්
මිනිස් සිත පතුළටම පිවිස එහි අඳුරු අහුමුලු ගවේෂණය කරයි නිධානය කෙටිකතාවට පෙරවදනක්
ලියන ජී බි සේනානායකයන් එහිදී දක්වන්නේ මිනී මැරීමට තරම් සාහසිකයෙකු වූවකුගේ සිතේ
හැටි හෙළි කිරීම බවයි නමුත් නිධානය සිනමා කෘතිය නරඹන ප්‍රේක්ෂකයන්ට මෙහි ප්‍රධාන
චරිතය වූ විලී පිළිබඳ අනුකම්පාවක් ජනිත වනු ඇත
චිත්‍රපටියේ කතාව ලුහුඬින් මෙසේ ය
කතානායකයා වන විල්ප්‍රඩ් අබේනායක පිරිහි ගිය රදල පරම්පරාවක ආඛ්‍යානයයි විලීගේ
පියා මියගොස් ඇත්තේ ණය කරුවෙකු වීමෙනි මේ පරම්පරාවට ඉතිරිව තිබුණේ විලීගේ නමට ලියු
වලව්වත් එහි පිහිටි වත්තත් පමණි ණය ගෙවන්නේ පරම්පරාවේ තත්ත්වයට අනුව ජීවත්වන්නේ රජයේ
කොන්ත්‍රාත් වැඩ කිරීමේනිඩ ණය වලව්ව විකුණ ගෙවිය හැකි වූ නමුත් පියා මිය යෑමට පෙර විලි
වූ පොරොන්දුව මත එවැන්නක් කළ නොහැකි ය විලී ටයිකෝට් අඳින එකෙකු වූ මිථ්‍යා මත කෙරෙහි දැඩි විශ්වාසයක් පවතින බව චිත්රපටියෙදි
පාලමක් ඉදිකරන අවස්ථාවේ දෙවියන් සතුටු කිරීම කරන කුඩා ශාන්තිකර්මයෙන් වැටහේ දිනක් හමුවූ පුස්කොළපොතක නිධානය පිළිබඳ සඳහන් වන
අතර එය ලබා ගැනීමට නම් බෙල්ලෙ හි හා නිකටෙහි එක පෙළට කුඩා වන ලප දෙකක් පිහිටි විය යුතු
බව සඳහන් වේ මෙවැනි ස්ත්‍රියක් සොයා වොහසෙන විලිට දිනක් තොටුපොළ ලඟදි මුණගැසේ අයිරින් දුටු සැණින් ඇය විවාහ කර ගැනීමට තීරණය කර ගන්නා
විලි මාස දෙකක් වැනි කුඩා කලකින් විවාහ කරගත් නමුත් ඇය හා ලිංගිකව එක් නොවේ විවාහය
මුලදි ඔහුට අයිරින් පිළිබදව ආලයක් නොතිබූ බවට
නිගමනය කළ හැකිය
ගරා වැටෙන රදළ වලව්ව ආරක්ෂා කර ගැනීමට නිතර
නිතර පියා සිහිනෙන් අයුත් කියයි එවිට නිධානය
ලබා ගැනීමේ අරමුණ තවතවත් ස්ථිර වෙයි ලෙස්ටර් මහතා චිත්‍රපටිය සංකේත යොදා ගනිමින්
ඒය මනරම් ලෙස පෙන්වයි මොණරා /මියගිය කුකුලෙක්/ පිහිය ආදී දෑ සංකේතාත්මක වේ. දිනක්
අයිරින් මොණර කූඩුව ලග සිටින විට විලිගෙ කටින්ම කියන වදන් විලිගේ චරිතය හුවා දක්වනුයේය එමෙන්ම නිතර නිතර මොණරාගේ කෑ ගැසිම සංකේතාත්මකය දිනක් අයරින් මව වෙත යයි අයිරින් අතුරුදන් වී ඇති බව සිතා ඇය සොයා යළි නිවසට එන
විලි අයිරින්ට පවසනුයේ ඇය තවමත් කන්‍යාවක් ලෙස තබාගත්තේ තමා දේවාලයට බාරයක් වී ඇති
බව බවයි ඒ බාරය ඔප්පු කිරීමට අවශ්‍ය දෑ සකසමින් ඉන්නා විට දිනක් වීලිට මීමැස්මොරය වැළඳීමෙන් දැඩි ලෙස රෝගාතුර වූ අවස්ථාවේ ඔහුට මවක මෙන් සාත්තු කිරීම් නිසා හටගන්නා
දැඩි ආලයෙන් නිධානය පිළිබඳ ඇති ලෝභයත් තණ්හාවත් යටපත් කරගනී නමුත් ඔහුට වලව්ව සින්න
වීමට ඉඩ හැරීමට අකමැති වන්නේ තවමත් ඔහු වැඩවසම් රදළ පැලැන්තිය තුළ ජීවත් වීමට ඇති කැමැත්ත
නිසාත් පියාට වූ පොරොන්දුව නිසා ත්‍ය
දිනක් පියා සීනෙන් විත් බය කිරිමෙන් අනතුරුව නැවත නිදානය පිළිබඳව වූ ආශාව අලු ගොඩක සැඟවුණු ගිනි පුපුරක් මෙන් උඩට මතු ෙවී කාලය
ගෙවීයාමත් සමඟ වලව්ව ආණ්ඩුව විසින් සින්න කර ගැනීමේ දින ද ලංවෙයි ඔහු දැඩි ලෙස සිත
ශක්තිමත් කොට අයිරින් කැටුව නිදන් ගල වෙත යයි ඒ අතරතුර ඔහු ඇගේ අත අල්වා මහත් ආදරයෙන් ඇය දෙස බැලීමෙන්
ප්‍රේක්ෂකයාටත් ඔහු පිළිබඳ අනුකම්පාවක් ජනිතවේ
තණ්හාව ප්‍රේමයට වඩා බලවත් විය ඔවුන් දෙදෙනා බාරය
ඔප්පු කිරීමට ලෑස්ති වෙයි ඉතාමත් අහිංසක අසරණ අයිරින් වැළඳ ගෙන සිටින විට මතුරන ජප
කරමින් ඉන්නා විලිට මීමැස්මොරය සෑදෙයි ඔහු
පිහිය ගෙන අයිරින් මරා දමයි නමුත් නිධන් දොර නොඇරේ චිත්‍රපටිය අවසාන භාගයේ ඔහු නිදන්ගල මත උමතු වූවෙකු මෙන් වැළපෙන්නේ සැබැවින්ම නිධාන නොලැබීම
පිළිබඳව අයිරින් ඝාතනය පිළිබඳ විමසූවොත් අයිරින් ඝාතනය පිළිබඳව බව වැටහෙයි හඳහනට අනුව ඔහුට ඔහු හොඳට හිටියොත් හොඳ පැත්තට යන
බව කියැවිණි ඔහුට ලැබීමට නියමිත නිධානය අයිරින්ය නමුත් ඒ පසක් වන විට ඔහු ප්‍රමාද වැඩියි
සැබවින්ම නිධානය චිත්රපටයෙන්යෙන් කියැවෙන්නේ
ගරා වැටෙන රදල ධනවාදී ආර්ථිකයයි විලීගේ ටයි කොට් ඇඳීමත් අශ්ව කරත්තයෙන් ගමන් බිමන් යාම වලව්වත් රදල
වැඩවසම්වාදී නිරූපණය කරන සංකේත ෙවී අවසානයේදී විලිගේ බලාපොරොත්තුව සුන් වී ඔහුට දිවි තොරකර ගැනීමට
තරම් සිතෙන අවස්ථාව රදල බිඳ වැටීම නිරෑපණය වන්නේය චිත්‍රපටිය නැරබීමෙන් අන්තිමේ දී සිදුවන්නේ කුමක්ද
අයිරින් මරා බිලි දුන්නාට නිධානය දොර ඇරේද යන කුහුල සංසිදවා ගැනීමට මේ චිත්‍රපටය නැරඹීමට වඩා ඒ
පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් ඇරඹිය යුතුය
ශ්‍රී ලාංකේය මාක්ස්වාදී චින්තකයෙක් වන
සයිමන් නවගත්තේගම නිධානය චිත්‍රපටය පිළිබඳ
මෙසේ කියයි නිධානයේ විලි පිරිහීගෙන එන ධනවාදයේ
සංකේතයක් ආර්ථික හා මානව සම්බන්ධතා විසිරී
ගිය පවුලක හුදකලා සාමාජිකයෙක් මෙම රදළ පැලැන්තියේ ජුලියස් වැන්නෝ අධිරාජ්‍යවාදී සුද්දන්ට
මිත්‍රව හා ගැතිව හිද ජාතිය දීනත්වය කෙරෙන්ද යැපෙති අලුතින් බිහිව ආ ධනවාදයට හා වෙමින්
රදලයන් වශයෙන් පෙර භුක්ති විඳ සමාජ බලය ධනවාදී සමාජ රටාව තුළ ද සාර්වාදී සමාජ රටාව
තුළද සාර්ථක ලෙස භුක්ති විඳිති විලි මෙම සමාජ විපර්යාසයට මුහුණදිය නොහැකිව දැඩි මනෝ
ලෝකයක හුදෙකලා වීම නිසා රෝගී විය පාරම්පරික මිථ්‍යා විශ්වාසයන්ට ගොදුරුවිය වැඩවසම්
ක්‍රමය පුද්ගලිකත්වය හා ඊට අනුබද්ධ වරප්‍රසාද හා ධනය පරම්පරාවෙන් නිරුත්සහයෙන් ලැබෙයි මෙම වැඩවසම් ක්‍රමය මත සකස්
වුණු නිරුත්සාහි මානසික ජීවන රටාවක ට දඒතුණු
විලි නිරුත්සාහයෙන් පෝසතෙකු වීමට නිධානය කෙරෙහි විශ්වාසය තබයි
එමෙන්ම මෙම චිත්‍රපටිය හරහා සියලුම වටිනාකම් මුදලට යට වන ආකාරයත් අයිරින් වැනි ජීවිත
සෞන්දර්යය ධනවාදය ග්‍රහණයට යටපත් වීමත් ජීවිතය විවාහය වැනි සම්බන්ධතා ධනවාදය තුළ වාණිජත්වයේ
භාණ්ඩයක් වන ආකාරයත් ඒවා ධනවාදී පරමාර්ථ සමඟ විනාශ වන ආකාරය මෙහිලා අපූරු ලෙස නිරූපිතය
නිධානය චිත්‍රපටය තුළ ආලෝකකරණය කැමරාකරණය
ආදී කලා අධ්‍යක්ෂණය ආදී සියලුම අංග ඉතා විශිෂ්ට ලෙස හසුරුවා ඇති අතර කේමදාසයන්ගේ සංගීතය
සිතෙහි ඇති වීම සෙලවීම් මනාව නිරූපණය වන්නේ ය එය විටෙක ප්‍රේමය විටෙක වස්තු තණ්හාවත්
පසුබිම් සංගීතයෙන් මනාව නිරූපණය වේ නිධානය
චිත්‍රපටය අන්තර්ජාතික මට්ටමෙන් බැලුවද උසස් සිනමා පටයකි ජීවිත අර්ථයක් කැටිකොට ගත්තකි
සිනමා කලාවේ පටු ලාංකික සංස්කෘතික ක්ෂේත්රයේ ස්ථිරසාර වූ සිහිවටනයකි
නිධානය ජීවිතය නැමැති ඛේදජනක අත්දැකීම පිළිබඳ නිරූපිත ශෝකාන්තයකි කෙනෙකුගේ අවාසනාවන්ත
ඉරණම කෙරෙහි තවම ජීවත් වන්නා වූ සෙස්සන්ගේ
ජීවිත වාසනාවන්ත භාවයට පත් කිරීමට ඉවහල් වන ආදර්ශයකි
Sunday, July 14, 2019
Subscribe to:
Posts (Atom)
-
යෝ චේ වස්සසතං ජීවේ - කූසීතෝ හීන විරියෝ ඒකාහං ජිවිතං සෙය්යො - විරියමාරභතෙ දළ්හං ධම්මපදය සහස්ස වග්ගය 13 කම්මැලියකු ගේ ස...
-
පරිසර සන්නිවේදනය මානව සම්භවයත් සන්නිවේදනයත් බිහි වූයේ එකටමය එතරම්ම සන්නිවේදනය හා මානවයා අතර පවතින්නේ තද සම්බන්ධයකි සන්නිවේදනයෙ...
-
ජනප්‍රිය සංස්කෘතිය හා වින්දනීය රියැලටිි කලාවේ බලපෑම වර්තමානයේ ජනප්‍රිය සංස්කෘතිය ද ජනප්‍රිය කලාවද විසින් මිනිසා පාරිබෝගික භාණ්ඩ බව...
-
රුපවාහිනියෙන් නීරූපිතප්රචණ්ඩත්වය හා ළමා මනසට කෙරෙන බලපෑම මනස යනු ශරීරයේ වැදගත්ම අංගයකි . මනස මොළය මගින් පාලනය වන්නකි ....
-
හුදෙකලාව ජීවත් වූ මිනිසා සමූහයක් ලෙස ජීවත්වීමට පටන් ගැනීමත් සමග විවිධ සොයා ගැනීම් සඳහා ද යොමු විය. යුරෝපයේ ඇතිවූ නව කාර්මික පුනරුදයත් සමග ...