යෝ චේ වස්සසතං ජීවේ - කූසීතෝ හීන විරියෝ
ඒකාහං ජිවිතං සෙය්යො - විරියමාරභතෙ දළ්හං
ධම්මපදය සහස්ස වග්ගය 13
කම්මැලියකු ගේ සියක් වසරක ජීවිතයට වඩා වීර්ය ඇති
පුද්ගලයා ගේ එක්දින ජීවිතය ඊට වඩා අගනේය
ජීවිතය ජීවත් කරන්නේ බලාපොරොත්තු ය අරමුණු ය අරමුණුක්
නැත්තා ඔහේ සුළඟේ ගසාගෙන යන පරඬැලක් වැනිය කොහෙන් නතර වෙයි දැයි නොදනී නතර වුවද නැවත
නැවතත් ගසාගෙන යයි අරමුණක් ඇත්තා තමා යන දිශාව
දනියි තමන් කළ යුත්තේ කුමක්දැයි කල්පනා කරයි සොයා බලයි උත්සාහ ගනී
නමුත්
හීනයක් බලා සැබෑ කර ගැනීමට බලාපොරොත්තුවෙන් අපේක්ෂාවන් පෙරදැරිව යන ගමන නම් මල් ඇතිරු මාවතක් නම් වන්නට නොහැකිය මන්ද ජීවිතේට එන බාධක කරදර
දුක් කම්කටොළු බොහෝය එම කටුක අත්දැකීම් මතින් හීනය වෙත යන ගමනේදී අධිෂ්ඨානය උත්සාහවන්ත
බව ධෛර්ය එක ලෙස රඳා පවත්වා ගැනීම අසීරුය
මනුෂ්‍යයකු
වශයෙන් අප තුළ සිත් රිදීම් බිඳීම් කඩාවැටීම්වලට
ලක්වීම නිසා අතරමග නතර වීමට සිදුවණ අවස්ථා ඇත තමන්ගේ නිවැරදි යහපත් අරමුණක් වෙනුවෙන්
එක ලෙසම හිත ශක්තිමත්ව පවත්වා ගැනීම අසීරු වුවත් ජයග්රහණනය කරා ළඟා වීමට නම් එය කළ
යුතුමය ජීවන ගම්නේ අප කරා එන බාධක වලට සාර්ථකව
නොබියව මුහුණ දී අවැසි නම් මදක් හති ඇර ඉදිරියට යෑම මිස කළ යුත්තේ සියල්ල අතහැර කලකිරීම්
නොව
දියුණුවට
බාධකයකි අලස කම කුසීතයා එලොවටත් වැඩක් නොකරගනි මෙ ලොවටත් වැඩක් නොකර ගනි කූසිතයාට කායිකව
ශක්තියක් ද නැත මානසිකව ශක්තියක් ද නැත කායික හා මානසික ශක්තිය ඇති කරගත හැක්කේ තමන්ට ම පමණි
තම හිසට තම අතමය සෙවනැල්ල තමාගේ ගැලවුම්කාරයා තමාමයි
තමා ශක්තිමත් නැත්නම් ඊට වරද තමාගේමය එහෙම සිතා
නැගී සිටිය යුතුය කායිකව ශක්තිමත් වී මෙන්ම මානසිකව ශක්තිමත් වී නිවැරදි මාවතක
නිවැරදි අරමුණක් වෙනුවෙන් කැපවී රටට ලෝකයට බරක් නොවූ ණය නැති පුරවැසියෙකු වශයෙන් මිය යා හැකියි
අප හැමෝම
හීන දකිනවා ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු ඇතිකර ගන්නවා පෘථග්ජනයන් වශයෙන් හොඳ ගෙයක්
ගන්න හොඳ වාහනයක් ලබාගන්න හැමෝම හීන දකිනවා
ආත්මාර්ථය
ට වැඩක් කරගන්නා ගමන්ම පරාර්ථකාමී වීම අගනේය ජීවිතයේදී මෙලෙසින් අප නිර්මාණය කරගන්නා ඉලක්ක කරා
ළඟාවීමට නම් වැඩ කළ යුතුයි මා හීන බල බල නිදා ගැනීම තුළින් ඉලක්ක කර අපට යා හැකිද ????
විරියේන දුක්ඛං අච්චේති ……
උත්සාහයෙන් තොරව ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් කිසිවක් අත්පත් කරගත නො නොහැකි
බව බුද්ධ දේශනාවයි
අප සියලු
දෙනාගේම ප්‍රාර්ථනය ආර්ථික සාමාජික වශයෙන්
සාර්ථක පුද්ගලයෙකු වීමය එහිදී ඇතමුන් සාර්ථක වන අතර ඇතමුන් අසාර්ථක වේ
අසාර්ථකත්වයට
සාධක වශයෙන් අලසකම අධිෂ්ඨානශීලීත්වය බිඳවැටීම කැපවීමට ඇති නොහැකියාව සිත් රිදීම් බිඳීම් වැටීම් තුළින් කලකිරීම්ට අතහැරදැමීමට
පත්වීම
නමුත්
කළ යුත්තේ ජීවිතයට එන කටුක අත්දැකීම් තුලින් පන්නරය ලබාගෙන ඉදිරියට යෑමයි අඩුපාඩු නොහැකියාවන්
බොහෝ තිබෙන්නට පුළුවන් ලද දෙයින් සෑහීමකට පත්වෙමින් නොහැකියාවන් හැකියාවන් බවට පත්කර ගැනීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන්නේ නම් අද කටුක
මාවත හෙට මල් ඇතිරූ මාවතක් වනු නියතය
ඒ සඳහා
සැලසුම් සහගත ජීවන රටාවකට හුරු විය යුතුය අද කළ යුතු දේ අදම කළ යුතුය වැඩ කල් නොදැමිය
යුතුය මිනිසුන් වන අප නිතරම බලන්නේ අතපය නොවෙහෙසා සිටිමටය කට පිනවා කන පිනවා ශරීරය පින්වීමට නිතර අප ආශා කරයි
නිකන් ඉන්න හේතු හොයයි
අද නම් වහිනවා අද කම්මැලියි හිත කියන්නේ එහෙමයි නමුත්
ඒ මානසික ශක්තිය ඇති කරගත් යුත්තේ අපිමයි අඩුවෙන් කා වැඩියෙන් වැඩ කිරීම් ඊට පිළිවෙතයි
තම තමන් ශක්තිමත්ව තම තමන්ගේ නිවැරදි යහපත් අරමුණු සඳහා කැපවී
වෙහෙස නොබලා වැඩ කරොත් තමාත් තමා අවට සිටින
පිරිසත් සාර්ථකත්වයට පත් වනවා සේම තමා පෞද්ගලිකව සාර්ථක වී පොදුවේ රටත් සමාජයත් ජාතියක්
ඉදිරියට යනු ඇත මේ ගමනේදී පරාර්ථකාමීත්වය ද අගනේය ………….
Nilushika......