”කෙනෙකු සොබාදමි සංගීතයට සවන් දීමට ඉගෙන ගත් විටත්
සොබාදහමෙි සුන්දරත්‍වය අගය කිරිමට ඉගෙන ගත් විටත් ඔහුගේ ආත්මය මුළු මහත් වටපිටාව සමඟම
සුසංගත වෙයි ඔහුගේ හැම කි‍්‍රයාවක්ම හැම හඬක්ම එවිට මිනිස් සංහතියෙන්
ලැබිය යුතු නියමිත තැන ලබා ගන්නේය සෑම මිනිසෙකුටම තමාගේ ජිවිතයේ පෙර ගමනට පෙරාතුව
තම සිත සොබාදහමට පේ‍්‍රම කිරිමට පුහුණු කළ යුතුය”
‐ස්වාමි ශ්‍රී රාමා‐
සොබාදහම යන වචනය පවා
කන වැකෙත්ම මැවි පෙනෙනුයේ නිල්වන් ආකාසය හිනැහෙන හිරු කඳු අතර මීදුම අතු අග හිනැහෙන
මල් එක පෙළට නැළවෙන රුක් ගොමු ගං දිය දහරා සහිත සජිවි සිතුමකි සැබවින්ම එය සිතුවමක් නොව නොනවතින සිනමාපටයකි
නිතර නිතර වෙනස් වන කවියෙකුටනමි කවි සිත් පුබුදුවාලන සිතුවමිකරුවෙකුටනමිි ඔහුගේ තෙලිතුඩ
පණ ගන්වන මනුෂ්‍යයන්ගේ ගත සිත පුබුදුවාලන අලුත් අලුත් දසුන් මවන්නෙකි සොබාදහම සොබාදමි මව මැවු අපූරු
පරිසර පද්ධතියට හිමිකරුවෝ නොවෙති වගවලසුන් අලි ඇතුන්ගේ සිට කුහුඹුවා තිත්ත පැටවා දක්වාත්
සුවිසල් රුක් ගොමුවෙි සිට තෘණ ලතාව දක්වාත් මනුෂ්‍යයාත් සොබාදමි මවුගේ දරුවෝ වෙති නමුත් මෙි සහෝදර රැල
එකිනෙකා ඇනකොටා ගන්නා අවස්ථාද නැත්තේම නොවෙයි නිසලව ගලන ගංගාවෝ රළු වි පිටාර ගැලීමත්
සුන්දර කදු රැලි පෙරලි පහළට ඒමත් මුදලම පමණක් ජිවිතය කරගත් සිත්පිත් නැත්තවුන් සේ
මුදලට ගස් කපා දැමිමි අලි ඇතුන් මරා දැමිමි ආදිය සහෝදර රැල අතර වන හතුරුකමිය මෙි සියල්ල
කාලයත් සමඟ වෙනස් වූ දේවල්ය 17 18 සියවස්හි පටන්ම ලෝකය තුළ වූ කාර්මික විප්ලවයත්
නාගරීකරණයත් විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසුන් සියල්ලම පහසුුුුවෙන් කර
ගන්නට යත්න දරයි අද සියල්ල කෘතිම වෙමින් පවතියි සොබාවිකත්‍වය පවා කෘතිමව මවා පායි අහසින්
වැටෙන කුඩා ජල බිඳු එකතු වි දිය කඩිති ඇළදොළ ගංගා හරහා මුහුදට වැටෙන දිය දහරා මුහුද
කරා යන ගමනේදි ඇයට වන කෙනෙහෙලිකමිනමි බොහෝය
සියල්ල කෘතිම වී ඇති ලෝකයේ තම තමන්ගේ සුව පහසුව තකා ටොෆි කොළය පවා කාණුවට දමා
යන මිනිසා එයින් තමන්ටම වන ඵලවිපාක ගෙනනමි කිසිදා සිතන්නට නැත නිහඬවම සැමට සිසිල බෙදාදෙමින්
පිරිසිදු ලෙස පහළට ගලා බසින දිය දහරා මුහුද වෙත ළඟා වන්නේ ප‍්‍රමාණයකින් සිතිය නොහැකි
අපද්‍රව්‍ය තොගයක් කර පින්නා ගෙනය අද ලෝකය ඉතා කාර්ය බහුලය රෝබොවරු යන්ත‍්‍රසූත‍්‍ර
මගින් පහසුවෙන් වැඩ කර ගැනිමට තරමි තාක්ෂණය දියුණුය අද මිනිසුන්ට එකිනෙකා හා සිනහා
විමටවත් කාලයක් නිදහසක් නැත නමුත් මවා ගත් සිනහාවකින් හා ලෙංගතුකමකින් සිටින පිරිසක්
ද සමාජයේ සිටිති ඔවුන් නමි දේශය පාලනය කරන්නෝ හෙවත් දේශපාලකයෝ වෙති ඔවුන්ගේ කාර්ය වන්නේ
රටෙි ජනතාවට සුභසාධනය සලසමින් ජනතාවට සේවය කිරිමයි එය ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාලන ක‍්‍රමයක
ලක්ෂණයකි කුමක්ද යත් රටෙි ජනතාවට සුභසාධනය
සැලසීමයි නමුත් වැඩ බැරි ටාසන්ලා සේ
විවිධ ඉදිකිරිමි වලට මුල පිරුවත් අක‍්‍රමත්ව සැලසුමකින් තොරව වන ඉදිකිරිමි තුළින් පරිසරයට
හා මිනිසාගේ සෞඛ්‍යයට වන හානිය පිළිබදව ඔවුන්ට අවබෝධයක් නැතිද වෙනත් හේතුවක් ද කියා
නොසිතේ
”පතිරූප දේශවාසෝච පුබිබෙිත කත පුඤ්ඤතා අත්ත සමිමා පණිධීච ඒතං මංගල මුත්තමං” (සුදුසු පෙදෙස් හි විසිමද පෙර පින් කල ඇති
බවද සිය අත් බව මනා දහමිහි පිහිටුවිමද උතූමි මඟූල්ය)
සුදුසු පෙදෙසක වාසය
කිරිමට පෙර පින් කල යුතූ බව බුද්ධ දේශනාවයි ශ්‍රී ලංකාද්විපය තරමි මිනිසාට ජිවත් විමට
සුදුසු පෙදෙසක් කොයින්ද? දේශගූණය කාලගූණය අතිනූත් සතෙකූ කා හළ අඹ
ඇටයක් වුව නැවත පැළ වන පිං බිමක් මෙන්ම කිසිවෙකූට කූසගින්නේ මැරෙන්නට නොදි කොස් මදුලකින්වත්
කූස පුරවා ගන්නට හැකි සරුසාරෙට වැවෙන වැවිය හැකි බිමක් ඇති ලංකාද්විපය තරමි සුදුසු
පෙදෙසක් තව කොයින්ද? සැබවින්ම අපි පින් ඇත්තෝ වෙමු නමුත් කාලයත් සමග මිනිසා නිනැතින්ම පි‍්‍රය
කරන්නේ නාගරික හා තාක්ෂණික ලෝකයටයි ඒ හරහා ඔවුන්ම සොබාවිකත්වය විනාශ කරමින් සිටිති
පරිසරයෙන් අපට දයාද කරන දේ අයිතිවාසිකමක් සේ සලකා සොබාදමි මවිගෙන් උදුරගෙන අප ඇයට දෙන්නේ
කූමක්ද ප්ලාස්ටික් පොලිතීන් ආදි කූණු කදුය අද වෙළෙඳ ලෝකය තුළ තම මඩිහ තර කර ගන්නට වෙර
දරන මිනිසුන්ට මෙිවායේ කර්ම ඵල විපාක ගෙවන්නට සිදුවන බව ඔවුන් නොදනි එය ඇස් පනා පිටම
අපට දැක ගන්නට ලැබුණි මීතොටමුල්ල යන නගරය දැන් ප‍්‍රසිද්ධ කූණු කන්ද තුලිනි දළ පූටිිටුවා
විල්පත්තූව ඩෝසර් වෙයි වායු සමනය කල කාමර ඇතූලේ ඉන්නවුන් හා පොලිතීන් බෑගයක් ඇතූලේ
දුවන මාළුවත් අතර වෙනසක් ඇද්ද??? කෘතිම ලොව තූළ අපි අපිම සිරගත නොවි පරිසරයට
අනුකමිපා කරමු.....................
Nilushika......