Wednesday, April 24, 2019

බුදුදහම ආගමක් ද ? දර්ශනයක් ද ?

          
          බුදුදහම ආගමක් ද ? දර්ශනයක් ද ?


සකලවිධ ලෝකවාසී ජනතාව කිනම් හෝ ආගමකට අයත් වෙති. උරුමයෙන් ආගමක් ලත් හා වත්මනයෙහිදි නම් තමන්ට කැමති ආගමක් ඇදහීම මානව අයිතිවාසිකමක් සේ සලකයි.ආසියානු සමාජයේ බෝහෝ  පිරිසක් අදහන ආගම වූ බුදුදහමේ ශාස්තෘවරයාණෝ තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේය.බුදුදහමේ උපත දඹදිව රාජ්‍්‍යයෙන් ඉපිද ඒ් ඒ රජවරු යටතේ ආසියාව පුරා මෙන්ම වර්තමානය වන විට යුරෝපය පුරා ද පැතිර ගිය බුදූදහම කාලයාගේ ඈවැමෙන්  නව අංග ඒකතු වී ‌වෙනස් වෙමින්  ඉදිරියට ගමන් කරන බව පෙනෙයි.ඒය නවතාලිය නොහැක්කකි.මංද යත් තථාගත ධර්මය උන්වහන්සේ ගේ උත්පත්තිය සිදු වූ දඔදිව්තලයෙන්ම තුරන් වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් නොබෝ දිනකින්මය.විවිධකාලවකවානු වල රාජ්‍යයත්වයට පත් රජවරු යටතේ ධර්මය යම් පමණකින් රැකගෙන පිටදේශ වලටද ලබා දීමට කටයුතු කිරිම ධර්මයේ උන්නතියට මහගු පිටුවහලක් විය.ඒ තථාගත ධර්මය විවිධ රටවල ඔවුනොවුන්ට ආවේණික ලෙස විවිධ මුහුනුවර ඔස්සේ ක්‍රිායාත්මක  වෙයි.ඒවැනි ඒත් ‌බෙදිමක් ලෙස ථෙිරවාදි හා මහායාන ලෙස බුදුදහම මුහුණුවරයන් දෙකක් යටතේ බෙදිම හැදින්විය හැකිය.
දේවානම්පියතිස්ස රජ දවස මහින්ද මහරහතන් වහන්සේ ලක්දිවට ගෙන ආ  ශ්‍රි සද්ධර්මය ථෙරවාදි ධර්මය වුවත් ඒ් වන විටත් ගස්ගල් වන්දනය ගිනී පිදිම යක්ෂ නාග වන්දනයට පුරුදු ව සිටි ලක්වාසින්ට නිවන් මාර්ගය අවබෝධ කරලීම අසීරූ වූ බැවින්දෝඋන්වහන්සේ සංඝමිත්ත‌ා මෙහෙණින් වහන්සේ ලවා මෙරටට ශිර්‍ මහා බෝධි අංකුරයක් ගෙන්වා ඊට වැදුමි පිදුම් කිරිමට මෙරටට ජනතාවට හුරු කරවීය.ඒමෙන්ම කලා  ශිල්ප ආදියට අනුබල දෙමින් විහාර ඉදිකොට මෙන්ම පිළිම වහන්සේලාට වැදුම් පිදුම් කරවීමටත් ධාතුන් වහන්සේලා වඩම්මවා ස්තූප ඉදිකොට ඒ්වාට වැදුම් පිදුම් කිරිමටත් හුරුකරවීය. නිවන සදහා යන ගමනේ මුලාරම්භය වන්නේ ශ්‍රද්ධාවයි.ශ්‍රද්ධාව නැත්තාට ප්‍රඥව පහළ නොවෙයි අතීතයේ පටන් හුරු වී ආ ආමිසය බුදුදහමේ හරය ලෙස වර්තමානය දක්වා ස්ථාපිත වී ඇත.
 තථාගතයාණෝ දේශිත  ධර්මය ඇදහිය යුත්තක්ද හැදැරිමෙන් අවබෝධ කරගත යුත්තක්ද යන වග විමසීම වැදගත් වන්නේය මිහිදු මහරහතන් වහන්සේ මෙරටට ගෙන ආ බුදුදහම නෝබෝ දිනකින්ම මහාවිහාරීය හා අභයගිරිය වශයෙන් දෙකඩ වූයේ මීනිසුන් වටහා ගත යුතු වූ ධර්මය ඇදහිම තූළය ඒතැන් පටන් බෞද්ධාගම ලාභ සත්කාර වෙනුවෙන් හැඩගැසෙන්නට විය වත්මනෙහිද මිනිසාට බුදූදහමේ දර්ශනය අමතක වී ගොස් ඒය ආගමකට පමණක් සීමා කරගෙන ඇති බව පෙනී යයි
බුදුදහම නිදහස් දර්ශනයකි ඒතුළ කියැවෙන්නේ තමාට පිහීට තමාම බවයි දේවවාදි ආගම් තුළ මෙන් අනිවාර්ය ඇදහීමක් ඒ තුල ඉගැන්වෙන්නේ නැත පෝයට පන්සල් යෑම අනිවාරිය වීම පන්සීල් රැකීම අනිවාර්ය වීම වශයෙන් බුදූදහමතුළ තහංචි නැත ඒහෙයින්දෝ බෞද්ධයා තුළ ප්‍රතිපත්තිමය ධර්මයට වඩා ආමිසය පෙරට අවුත් ඇත්තේ බුදුරුව මලින් සුවද දුමින් පහන් ආලෝකයෙන් මෙන් ම ඔසුපැනෙන් කිරි පූජාවෙන් ආදි අනේක විධ පූජෝපහාරයන්ට ලක් වෙයි 


මෙහිලා ජපන් සෙන් කතාවක් ගෙන හැර පෑම ගැලපෙන බව සිතෙයි
භික්ෂුන් වහන්සේ දෙනමක් තමන් සතු වටිනාම වස්තුව වූ  වටිනා ලීයෙන් කල බුදුරුවක්ද රැගෙන භාවනා කිරිමට යෝග්‍ය තැනක් සොයාගැනිම සදහා කැලය  ඇතුළට ගමන් ආරම්භ කල අතර සුදුසු ගල්ගුහාවක් සොයා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ දෙනම භාවනා කිරිම ආරම්භ ක‌ළෝය රාත්‍රි කාලය ඒළඹිමත් සමග සීතල ඒන්න ඒන්න වැඩි විය අවටින් සොයා ගත් දර කැබලි ගින්නට දමමින් සීතල මගහරවා ගත් නමුත් තවදුරටත් ගින්නට දැමීමට දර සොයා ගැනීමට උන්වහන්සේ දෙනමට නොහැකි විය ඒක් භික්ෂුවක් තමන් සතු බුදු රුව ගින්නට දැමීමට යෝජනා කල අතර අ⁣ෙනක් භික්ෂුව ඊට දැඩි ලෙස විරෝධය පළ කර තමන් ඒවැනි පාපකර්මයකට සම්බන්ධ නොවන බව පවසමින් ඒම ස්ථානයෙන් ඉවත් ව යන්නට සැරසෙන්නට විය නමුත් උන්වහන්සේගේ සහෝදර භික්ෂුව ධර්මය ඇත්තේ සිත තුළ බවත් ඒය අවබෝධ කරගතයුතු දෙයක් බවත් ලී රුවක් රැකීම හෝ පුදසත්කාර කිරිමෙන් අවසාන ඵලය වන නිවන කරා යා නොහැකි බවත්  වටහා දීමට කෙතරම් උත්සහා දැරුවත් ඒම ක්‍රියාව බලගතු පාපකර්මයක් ලෙස සලකන අනෙක්  භික්ෂුව තමන් සතු ලී බුදුරුවද රැගෙන වෙනත් ස්ථානයක් කරා යන්නට විය’ ඒතැනින් පසු ගල්ගුහාවේ නතර වූ භික්ෂුව තමන්ගේ ලී බුදුරුව ගින්නට දමා සීතල මගහරවා ගනිමින් භාවනා කොට ධර්මය අවබෝධ කරගනිමින් අරහත් තත්ත්වයට පත් විය උදැසනම අරහත් මහරහතන් වහන්සේ ගල්ගුහාවෙන් පිටත් වූ තම සහොදර භික්ෂුව සොයා යන්නට විය ඒසේ යන අතරමගදි උන්වහන්සේට දකින්නට හැකි වූයේ අධික සීතල දරාගත නොහැකිව අපවත් වී සිටින තම සහෝදර භික්ෂුවයි


ලක්වාසි බහුතරය බෞද්ධයෝය මෙම නිදහස් දර්ශනය ආගමක් ලෙස අදහන්නෝ බුදුදහම තුළ ආමිසයට වැඩි නැඹුරුවක් දක්වයි වෙසක් දින පොහෝ සිදු වන කෝලම් නාඩගම් ආදියෙන්ම ඒ බව පසක් වෙයි බෝධීන් වහන්සේ ඉදිරියේ දණ නමා කිසිවක් ඉල්ලුවාට දිව්‍ය ලෝකයේ තිබෙනවා කියෙන කප් රුක මෙන් ලබා දිමට බෝධීන් වහන්සේට පිළිම වහන්සේට නොහැකිය තථාගත සම්බුදු රජානන් වහන්සේට බුදුවීමට පිට දුන් සෙවන දුන් බෝධින් වහන්සේට කෘත ගුණ දැක්වීමක් විනා කිරිකල හතකින් නවා දියුණුව අත්පත් කරදෙන මෙන් ඉල්ලිම කළ යුත්තේ නොවෙයි බුදුන් වහන්සේ සියල්ල අත්හළ තැන අප සියල්ල ඉල්ලන්නේ කෙලෙසද?????
පෘථග්ජන මිනිසුන් වශයෙන් අප සියල්ලෝම ආගම හා බැදෙන්නේ අසීමිත භක්තියකිනි ආගම් තුළ ඇත්තේ විශ්වාසයයි දේවවාදය දෙවි කෙනෙක් පිලිබද විශ්වාසයක් ඇතිව මැවුම්වාදි සංකල්පය තුල බෝහෝ විට ආගම් ගොඩනැගී ඇත
දර්ශනයක් කියන්නේ දැක්මයි බුදුදහම බුදුන් වහන්සේගේ දැකීම හෙවත් බුදුන් වහන්සේ වදාළ ප්‍රතිපදාවයි ඒදර්ශනය තුළ කියැවෙන්නේ සංසාර චක්‍රය තුළ නැවතීමට නම් දුක වටහා ගැනීම ඊට හේතුව විමසිම ඉන් මිදිම සදහා මාර්ගය සොයා ගැනිමයයි සංසාර දුක ඉපදිම දුකය ලෙඩ වීම දුකය වයසට යෑම දුකය මරණය දුකය ඉන් මිදීමේ මාර්ගය වන්නේ කුසල් වඩා ධර්මය අවබෝධයෙන් නිවන කරා ගමන් කිරිමය ආගමක් ලෙස බුදුදහම තුළ ලෞකික ජිවිතය යහපත් ව ගත කිරිමට අවශ්‍ය මග පෙන්වීම බුද්ධ වචනය තුළ  විග්‍රහ කෙරෙයි උට්ඨාන විර්්‍යයෙන් දිවි මග සරු කරගන්නට උපදෙස් බුදූදමෙන් ලබා දෙයි ආගමක් ලෙස ගතහොත් බුද්ධාගම තුළ පින් වැඩිම සංසාර ගමන යහපත් කරගැනීමට හැකිවෙයි ජාති ජාරා ව්‍යාධි මරණ යන සංස්කාරයන් නිවැරදිව දැකිම බුද්ධ දර්ශනයයි

බුදුදහම ආගමක් ද දර්ශනයක්ද යන්න වටහා ගත හැකිනම් අගනේය වුවත් ප්‍රඥාව කරා යෑමට නම් ශ්‍රද්ධාවෙන් ගමන් ආරම්භ කල යුතු බව සිහිතබා ගත යුතුය

No comments:

Post a Comment