හුදෙකලාව ජීවත් වූ මිනිසා සමූහයක් ලෙස ජීවත්වීමට පටන් ගැනීමත් සමග විවිධ සොයා ගැනීම් සඳහා ද යොමු විය. යුරෝපයේ ඇතිවූ නව කාර්මික පුනරුදයත් සමග නව තාක්ෂණය ද ක‍්‍රමයෙන් දියුණු විය. අද වන විට මෙම විද්‍යාත්මක හා තාක්ෂණය පදනම් කර ගෙන ලෝකයේ සෑම අංශයක් ම එකට සම්බන්ධ වී තිබේ. එය විශ්ව ගම්මානය හෙවත් ගෝලීයකරණය ලෙසින් ද හඳුන්වනු ලැබේ.
ගෝලීයකරණය යනු මුළු ලෝක ආර්ථිකයම එකම වෙළඳපොළ ආර්ථිකයක් බවට පත්වීමයි. එනම් මුළු ලෝකයේම ජාතීන් සහ රටවල් වලට සමාන ආකාරයේ අයිතිවාසිකම් ඇතිව නිදහසේ සම්පත් හුවමාරු කරගනිමින් සම්පත් භුක්ති විදීමේ හැකියාව පවතින ඒකීය ආර්ථික ක‍්‍රමයක් බවට පත්වීමයි. මෙහිදී ලෝකයේ රටවල් සහ ජනතාව අතර ආර්ථික සමාජීය, සංස්කෘතිකමය, දේශපාලන සහ තාක්‍ෂණික සම්බන්ධතාවයන් තුළින් රටවල් සහ ජනතාව අතර ඒකාබද්ධතාවයක් ඇති වීම මගින් මුළු ලෝක ආර්ථිකය පුරාම ප‍්‍රාග්ධනය, තාක්‍ෂණය, භාණ්ඩ හා සේවා නිදහසේ හුවමාරු වීමක් සිදු වීමේ ක‍්‍රියාවලිය ගෝලීයකරණය වේ.
ගෝලීයකරණ ක‍්‍රියාවලියේ ආරම්භය අධිරාජ්‍යවාදී රටවල් විසින් යටත්විජිතවාදය ව්‍යාප්ත කිරීමේ අවධිය දක්වා දිවයන අතර අධිරාජ්‍යවාදීී රටවල ඒකාරාශී වූ ප‍්‍රාග්ධනය ආයෝජනය කිරීමේ ඉඩප‍්‍රස්ථාවන් සළසා ගැනීමේ අරමුණින් එම රටවල් විසින් යටත්විජිත රටවල ඔවුන්ගේ ප‍්‍රාග්ධනය ආයෝජනය කිරීම ආරම්භ කිරිමත් සමග ගෝලීයකරණය ආරම්භ විය.
1980 ගණන් වලට පෙර ලෝක ආර්ථික තුළ ප‍්‍රධාන ප‍්‍රවණතාවන් දෙකක් හඳුනා ගත හැකිය. එනම්
x ඇමරිකානු ව්‍යාප්තවාදය සහ
x රුසියානු ව්‍යාප්තවාදයයි.
ඇමරිකානු ව්‍යාප්තවාදය තුළින් ඇමරිකාව උත්සාහ ගනු ලැබුවේ ලෝක ආර්ථිකය තුළ ඇමරිකාවට හිතවත් ධනවාදී වෙළදපොළ ආර්ථික ක‍්‍රමයන් ව්‍යාප්ත කිරීමට වන අතර රුසියාව උත්සාහ ගනු ලැබුයේ රුසියාවට හිතවත් සමාජවාදී කඳවුරේ රටවල් ව්‍යාප්ත කිරීම සදහාය. මේ සදහා ඇමරිකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව. එක්සත් ජාතීන්ගේ සංවිධානය, වැනි ආයතන හරහාත් විදේශීය ණය, විදේශ ණය ආධාර, තාක්‍ෂණික ආධාර, යුද්ධ ආධාර, ජාත්‍යන්තර වෙළදාම වැනි අංශ වලින් අනෙක් රටවල් වලට බලපෑමක් කළ අතර රුසියාවද විදේශීය ණය ආධාර, තාක්‍ෂණික ආධාර, යුද්ධ ආධාර සහ විදේශීය වෙළදාම වැනි අංශවලින් බලපෑමක් කරන ලදී. 1980 ගණන් අගභාගයෙන් පසුව රුසියාව ඇතුළු සමාජවාදී රටවල පැවති රාජ්‍ය ඒකාධිකාරය බිඳවැටීමත් සමග ගෝලීයකරණ ක‍්‍රියාවලිය වේගවත් වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන විසින් ගෝලීයකරණ ක‍්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට පසුබිම නිර්මාණය කරනු ලබයි. 1980 ගණන් වලින් පසුව සමාජවාදී රටවල් වශයෙන් හැදින්වූ රටවල පැවති රාජ්‍ය ඒකාධිකාරි තත්ත්වය බිද වැටීමට පසුව එම රටවල් පුද්ගලික අංශයට අවශ්‍ය සානු බලයන් සපයමින් වෙළඳපොළේ තරගකාරී තත්ත්වයට ඉඩ දෙමින් බහුජාතික සමාගම් සහ පාරදේශාන්තර සමාගම් වල ක‍්‍රියාකාරීත්වයට ඉඩ දෙමින් එම රටවල් වෙළඳපොල ආර්ථික ක‍්‍රමයන් බවට පරිවර්තනය වීමේ උපනතියක් පවතී. ඒ හැරුණු විට 1960 ගණන් අවසානභාගයේ සහ 1970 ගණන් මුල් කාලයේ සිට ශ‍්‍රී ලංකාව 1977 න් පසුවත් රජය ආර්ථික කටයුතු වලට මැදිහත්වීම ක‍්‍රමයෙන් ඉවත් වෙමින් පුද්ගලික අංශයට අවශ්‍ය සානු බලය සපයමින් වෙළදපොළේ තරගකාරී තත්ත්වයට ඉඩ දෙමින් සංවර්ධනය වෙමින් පවතින රටවල් ද වෙළදපොල ආර්ථික ක‍්‍රමය කරා පරිවර්තනය වෙමින් පවතී. ඒ අනුව වර්තමාන ලෝක ආර්ථිකය තුළ රටවල් කොටස් දෙකක් හඳුනාගත හැකිය.
1. සංවර්ධිත ධනවාදී රටවල පවතින වෙළදපොළ ආර්ථික ක‍්‍රමය.
2. වෙළදපොල ආර්ථිකයක් කරා ගමන් කරන පරිවර්තන ආර්ථික ක‍්‍රමයන් වශයෙනි.
ඒ අනුව මෙම ක‍්‍රියාදාමයේ අවසාන ප‍්‍රතිඵලය වශයෙන් සිදු විය යුතුවන්නේ මුළු ලෝක ආර්ථිකයම එකම වෙළදපොළ ආර්ථික ක‍්‍රමයක් බවට පත්වීමයි.
ලෝක ආර්ථිකය තුළ බහුජාතික සමාගම් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල තම ප‍්‍රාග්ධනය සහ තාක්‍ෂණය ව්‍යාප්ත කළ අතර වර්තමානය වන විට පාරදේශාන්තර සමාගම් විසින් මුළු ලෝක ආර්ථිකය පුරාම තම ප‍්‍රාග්ධනය සහ තාක්‍ෂණය ව්‍යාප්ත කරමින් ගෝලීයකරණය ක‍්‍රියාවලිය ව්‍යාප්ත කරනු ලබයි.
පාරදේශාන්තර සමායතන විසින් තරගකාරී සමාගම් ඒකාබද්ධ කරමින් ලෝක ආර්ථිකය තුළ තම වෙළදපොළ කොටස් වර්ධනය කර ගැනීම සදහා කටයුතු කරන අතර ලෝක ආර්ථිකය තුළ නිෂ්පාදනය බෙදා හැරීම සහ අලෙවිය යන අංශ වල අයිතිය අත්පත් කර ගනිමින් පරදේශාන්තර සමායතන විසින් තම වෙළදපොළ ආධිපත්‍ය අත්පත්කර ගනිමින් සිටී. ඒ හැරුණු විට ලෝක ආර්ථිකය තුළ විදේශ ණය, විදේශ ආධාර, විදේශිය පුද්ගලික සෘජු ආයෝජන සහ තාක්‍ෂණික ආධාර විශාල වශයෙන් ව්‍යාප්තවීමක් සිදුවන අතර සංචාරක කර්මාන්තය, මූල්‍ය වෙළදපොළ කටයුතු, ප‍්‍රාග්ධන වෙළදපොළ කටයුතු, විදේශ විනිමය, වෙළදපොළ කටයුතු, අන්තර්ජාල පහසුකම් බැංකු සහ රක්‍ෂණ කටයුතු, ප‍්‍රවාහන කටයුතු, ගුවන් සහ නාවික ප‍්‍රවාහන කටයුතු, ජාත්‍යන්තර සංක‍්‍රමණ කටයුතු, පරිගණක, විදුලිසංදේශ සහ -දුරකතන පහසුකම් වැනි සේවා පහසුකම් ලෝක ආර්ථිකය පුරා ව්‍යාප්ත වෙමින් සංවර්ධනය වීමක් සිදුවේ. ඒ හැරුණු විට ලෝක ආර්ථිකය තුළ කළාපීය සහයෝගීතාවය ඇතිවීම තුළින් ගෝලීයකරණ ක‍්‍රියාවලිය ව්‍යාප්ත වෙමින් පවතී.(මහාචාර්ය උපාලි හෙට්ටිආරච්චි ”ගෝලීයකරණය”ලිපිය*
සන්නිවේදන මාධ්‍යයේ සහ ප‍්‍රවාහනයේ දියුණුවෙහි ප‍්‍රතිඵලයක් ලෙස ජාතික සංස්කෘතියට ගෝලීය සංස්කෘතිය මිශ‍්‍රවීමක් සිදු වී ඇත. ආහාර පාන, විලාසිතා, ගෘහනිර්මාණ ශිල්පය ඇතුළු බොහෝ සංස්කෘතික අංගයන් ගෝලීයකරණයට ලක්වීම මෙහි දී හඳුනාගත හැකි ය. උදාහරණ ලෙස ලොව පුරා පවත්වාගෙන යනු ලබන අවන්හල් එකම ප‍්‍රමිතියකින් යුක්ත ව ආහාර පාන සැපයීමට උත්සාහ දැරීම පෙන්වා දිය හැකි ය. සන්නිවේදන ක්ෂෙත‍්‍රයේ දියුණුවත් නිසාම එක් අන්තයක් තවත් අන්තයක් හා යා කරමින් ක්ෂණිකවම සම්බන්ඳතා ගොඩනගා ගැනීමට හැකි වීඹ හා නූතනයේ නිර්මාණය වී ඇති ජාල සමාජය හරහාත් ගෝලීයකරණය තුළින් අපේක්ෂා කරනුයේ ලොවම තනි ආර්ථික ඒකකයක් බවට පත් වීමයි
No comments:
Post a Comment