වස්තු ලෝභයත් ප්‍රේමයත් අතර දෝලනය වන තරුණයකුගේ ආධ්‍යාත්මය ගවේශනය
නිධානය |
දේශීය සිනමා
වංශයට කලාත්මක මුහුනුවරක් එක්කල විදග්ධ අව්‍යාජ සිනමාකරුවාණන් වන ලෙස්ටර් ජේම්ස් පීරිස්
කලාකරුවන් අතින් බිහිවූ තවත් විශිෂ්ට ගණයේ සිනමා කෘතියකි නිධානය මෙහි තිර නාටකය ලියන්නෙ
කෘතහස්ත තිරනාටක රචක තිස්ස අබේසේකර විසින් එමෙන්ම මෙහි කැමරාකරණය ඒම් ඒස් ආනන්ද මහතා ආලෝකය හා අඳුර මෙතරම් නිර්මාණාත්මක ලෙස
භාවිතා කළ වෙනත් චිර්‍තපටියක් නොමැති තරම් බව විචාරකයෝ පවසති ඒමෙන්ම ප්‍රේමසිරි කේමදාස නම් සුවිශිෂ්ට සංගීතවේදියාණන්ගේ
සංගීත් අධ්‍යක්ෂණය ගාමිණී ෆොන්සේකා
හා මාලිනී ෆොන්සේකා යන විශිෂ්ට නළු නිළි දෙපළගේ රංගනයෙනුත් සමන්විත් නිධානය සිනමා කෘතියඩසිංහල
සිනමාවට බිහි වූ සුවිශේෂිතම චිත්‍රපටය යන විරුදාවලිය තවමත් හිමි කරගෙන තිබේ
1956 දී ලෙස්ටර් මහතාගේ රේඛාව චිත්‍රපටයෙන්
පසු නිධානය චිත්‍රපටිය සිංහල සිනමා වංශ කතාවේ තවත් එක් හැරවුම් ලක්ෂයකි කැලෑහඳ චිත්‍රපටයේ
ඇරඹෙන නවකතා චිත්‍රපටියට නැගීමේ සංස්කෘතියේ තවත් එක් පුරුකක් වශයෙන් නිධානය හැඳින්වේ
නමුත් නිධානය චිත්‍රපටය කෘතහස්ත ලේඛකයෙකු වන ජී බී සේනානායකයන්ගේ පලිගැනීම කෙටිකතා
සංග්‍රහයේ එන නිධානය කෙටි කතාව මූලික වන්නේය චිත්‍රපටිය නැරඹීමට පෙර එම කෙටි කතාව කියවා
තිබෙන්නේ නම් චිත්‍රපටියේ සුළු සුළු වෙනස්කම් සිදුකර ඇති බව වැටහේ කෙටිකතා කරුවන් අතරින්
විශේෂම කෙටිකතා කරුවෙකු වන ජී බී සේනානායකයන්ගේ නිධානය වැඩිවශයෙන් කතා
බහට ලක් වූවකි
කෙටිකතාව වූ කලී යම් සිද්ධියක් හෝ යම් චරිතයක්
පාදක කර ගනිමින් රචිත එක හුස්මට කියවා හමාර කළ හැක්කකි එවැන්නක් චිත්‍රපටියකින් වැනි
විශාල මාධ්‍යයකට නැගීමේ ගෞරවය මෙහි තිර පිටපත ලියූ තිස්ස අබේසේකරයන්ට ද හිමිවන්නේ ය
ලෙස්ටර් කලාකරුවාණන් තමන්ගේ අනෙක් චිත්‍රපටි
හරහා කතා කළේ මිනිස් ජීවිතයේ බාහිර තාත්විකත්වය යි නමුත් නිධානයේදි ඉන් ඔබ්බට ගොස්
මිනිස් සිත පතුළටම පිවිස එහි අඳුරු අහුමුලු ගවේෂණය කරයි නිධානය කෙටිකතාවට පෙරවදනක්
ලියන ජී බි සේනානායකයන් එහිදී දක්වන්නේ මිනී මැරීමට තරම් සාහසිකයෙකු වූවකුගේ සිතේ
හැටි හෙළි කිරීම බවයි නමුත් නිධානය සිනමා කෘතිය නරඹන ප්‍රේක්ෂකයන්ට මෙහි ප්‍රධාන
චරිතය වූ විලී පිළිබඳ අනුකම්පාවක් ජනිත වනු ඇත
චිත්‍රපටියේ කතාව ලුහුඬින් මෙසේ ය
කතානායකයා වන විල්ප්‍රඩ් අබේනායක පිරිහි ගිය රදල පරම්පරාවක ආඛ්‍යානයයි විලීගේ
පියා මියගොස් ඇත්තේ ණය කරුවෙකු වීමෙනි මේ පරම්පරාවට ඉතිරිව තිබුණේ විලීගේ නමට ලියු
වලව්වත් එහි පිහිටි වත්තත් පමණි ණය ගෙවන්නේ පරම්පරාවේ තත්ත්වයට අනුව ජීවත්වන්නේ රජයේ
කොන්ත්‍රාත් වැඩ කිරීමේනිඩ ණය වලව්ව විකුණ ගෙවිය හැකි වූ නමුත් පියා මිය යෑමට පෙර විලි
වූ පොරොන්දුව මත එවැන්නක් කළ නොහැකි ය විලී ටයිකෝට් අඳින එකෙකු වූ මිථ්‍යා මත කෙරෙහි දැඩි විශ්වාසයක් පවතින බව චිත්රපටියෙදි
පාලමක් ඉදිකරන අවස්ථාවේ දෙවියන් සතුටු කිරීම කරන කුඩා ශාන්තිකර්මයෙන් වැටහේ දිනක් හමුවූ පුස්කොළපොතක නිධානය පිළිබඳ සඳහන් වන
අතර එය ලබා ගැනීමට නම් බෙල්ලෙ හි හා නිකටෙහි එක පෙළට කුඩා වන ලප දෙකක් පිහිටි විය යුතු
බව සඳහන් වේ මෙවැනි ස්ත්‍රියක් සොයා වොහසෙන විලිට දිනක් තොටුපොළ ලඟදි මුණගැසේ අයිරින් දුටු සැණින් ඇය විවාහ කර ගැනීමට තීරණය කර ගන්නා
විලි මාස දෙකක් වැනි කුඩා කලකින් විවාහ කරගත් නමුත් ඇය හා ලිංගිකව එක් නොවේ විවාහය
මුලදි ඔහුට අයිරින් පිළිබදව ආලයක් නොතිබූ බවට
නිගමනය කළ හැකිය
ගරා වැටෙන රදළ වලව්ව ආරක්ෂා කර ගැනීමට නිතර
නිතර පියා සිහිනෙන් අයුත් කියයි එවිට නිධානය
ලබා ගැනීමේ අරමුණ තවතවත් ස්ථිර වෙයි ලෙස්ටර් මහතා චිත්‍රපටිය සංකේත යොදා ගනිමින්
ඒය මනරම් ලෙස පෙන්වයි මොණරා /මියගිය කුකුලෙක්/ පිහිය ආදී දෑ සංකේතාත්මක වේ. දිනක්
අයිරින් මොණර කූඩුව ලග සිටින විට විලිගෙ කටින්ම කියන වදන් විලිගේ චරිතය හුවා දක්වනුයේය එමෙන්ම නිතර නිතර මොණරාගේ කෑ ගැසිම සංකේතාත්මකය දිනක් අයරින් මව වෙත යයි අයිරින් අතුරුදන් වී ඇති බව සිතා ඇය සොයා යළි නිවසට එන
විලි අයිරින්ට පවසනුයේ ඇය තවමත් කන්‍යාවක් ලෙස තබාගත්තේ තමා දේවාලයට බාරයක් වී ඇති
බව බවයි ඒ බාරය ඔප්පු කිරීමට අවශ්‍ය දෑ සකසමින් ඉන්නා විට දිනක් වීලිට මීමැස්මොරය වැළඳීමෙන් දැඩි ලෙස රෝගාතුර වූ අවස්ථාවේ ඔහුට මවක මෙන් සාත්තු කිරීම් නිසා හටගන්නා
දැඩි ආලයෙන් නිධානය පිළිබඳ ඇති ලෝභයත් තණ්හාවත් යටපත් කරගනී නමුත් ඔහුට වලව්ව සින්න
වීමට ඉඩ හැරීමට අකමැති වන්නේ තවමත් ඔහු වැඩවසම් රදළ පැලැන්තිය තුළ ජීවත් වීමට ඇති කැමැත්ත
නිසාත් පියාට වූ පොරොන්දුව නිසා ත්‍ය
දිනක් පියා සීනෙන් විත් බය කිරිමෙන් අනතුරුව නැවත නිදානය පිළිබඳව වූ ආශාව අලු ගොඩක සැඟවුණු ගිනි පුපුරක් මෙන් උඩට මතු ෙවී කාලය
ගෙවීයාමත් සමඟ වලව්ව ආණ්ඩුව විසින් සින්න කර ගැනීමේ දින ද ලංවෙයි ඔහු දැඩි ලෙස සිත
ශක්තිමත් කොට අයිරින් කැටුව නිදන් ගල වෙත යයි ඒ අතරතුර ඔහු ඇගේ අත අල්වා මහත් ආදරයෙන් ඇය දෙස බැලීමෙන්
ප්‍රේක්ෂකයාටත් ඔහු පිළිබඳ අනුකම්පාවක් ජනිතවේ
තණ්හාව ප්‍රේමයට වඩා බලවත් විය ඔවුන් දෙදෙනා බාරය
ඔප්පු කිරීමට ලෑස්ති වෙයි ඉතාමත් අහිංසක අසරණ අයිරින් වැළඳ ගෙන සිටින විට මතුරන ජප
කරමින් ඉන්නා විලිට මීමැස්මොරය සෑදෙයි ඔහු
පිහිය ගෙන අයිරින් මරා දමයි නමුත් නිධන් දොර නොඇරේ චිත්‍රපටිය අවසාන භාගයේ ඔහු නිදන්ගල මත උමතු වූවෙකු මෙන් වැළපෙන්නේ සැබැවින්ම නිධාන නොලැබීම
පිළිබඳව අයිරින් ඝාතනය පිළිබඳ විමසූවොත් අයිරින් ඝාතනය පිළිබඳව බව වැටහෙයි හඳහනට අනුව ඔහුට ඔහු හොඳට හිටියොත් හොඳ පැත්තට යන
බව කියැවිණි ඔහුට ලැබීමට නියමිත නිධානය අයිරින්ය නමුත් ඒ පසක් වන විට ඔහු ප්‍රමාද වැඩියි
සැබවින්ම නිධානය චිත්රපටයෙන්යෙන් කියැවෙන්නේ
ගරා වැටෙන රදල ධනවාදී ආර්ථිකයයි විලීගේ ටයි කොට් ඇඳීමත් අශ්ව කරත්තයෙන් ගමන් බිමන් යාම වලව්වත් රදල
වැඩවසම්වාදී නිරූපණය කරන සංකේත ෙවී අවසානයේදී විලිගේ බලාපොරොත්තුව සුන් වී ඔහුට දිවි තොරකර ගැනීමට
තරම් සිතෙන අවස්ථාව රදල බිඳ වැටීම නිරෑපණය වන්නේය චිත්‍රපටිය නැරබීමෙන් අන්තිමේ දී සිදුවන්නේ කුමක්ද
අයිරින් මරා බිලි දුන්නාට නිධානය දොර ඇරේද යන කුහුල සංසිදවා ගැනීමට මේ චිත්‍රපටය නැරඹීමට වඩා ඒ
පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් ඇරඹිය යුතුය
ශ්‍රී ලාංකේය මාක්ස්වාදී චින්තකයෙක් වන
සයිමන් නවගත්තේගම නිධානය චිත්‍රපටය පිළිබඳ
මෙසේ කියයි නිධානයේ විලි පිරිහීගෙන එන ධනවාදයේ
සංකේතයක් ආර්ථික හා මානව සම්බන්ධතා විසිරී
ගිය පවුලක හුදකලා සාමාජිකයෙක් මෙම රදළ පැලැන්තියේ ජුලියස් වැන්නෝ අධිරාජ්‍යවාදී සුද්දන්ට
මිත්‍රව හා ගැතිව හිද ජාතිය දීනත්වය කෙරෙන්ද යැපෙති අලුතින් බිහිව ආ ධනවාදයට හා වෙමින්
රදලයන් වශයෙන් පෙර භුක්ති විඳ සමාජ බලය ධනවාදී සමාජ රටාව තුළ ද සාර්වාදී සමාජ රටාව
තුළද සාර්ථක ලෙස භුක්ති විඳිති විලි මෙම සමාජ විපර්යාසයට මුහුණදිය නොහැකිව දැඩි මනෝ
ලෝකයක හුදෙකලා වීම නිසා රෝගී විය පාරම්පරික මිථ්‍යා විශ්වාසයන්ට ගොදුරුවිය වැඩවසම්
ක්‍රමය පුද්ගලිකත්වය හා ඊට අනුබද්ධ වරප්‍රසාද හා ධනය පරම්පරාවෙන් නිරුත්සහයෙන් ලැබෙයි මෙම වැඩවසම් ක්‍රමය මත සකස්
වුණු නිරුත්සාහි මානසික ජීවන රටාවක ට දඒතුණු
විලි නිරුත්සාහයෙන් පෝසතෙකු වීමට නිධානය කෙරෙහි විශ්වාසය තබයි
එමෙන්ම මෙම චිත්‍රපටිය හරහා සියලුම වටිනාකම් මුදලට යට වන ආකාරයත් අයිරින් වැනි ජීවිත
සෞන්දර්යය ධනවාදය ග්‍රහණයට යටපත් වීමත් ජීවිතය විවාහය වැනි සම්බන්ධතා ධනවාදය තුළ වාණිජත්වයේ
භාණ්ඩයක් වන ආකාරයත් ඒවා ධනවාදී පරමාර්ථ සමඟ විනාශ වන ආකාරය මෙහිලා අපූරු ලෙස නිරූපිතය
නිධානය චිත්‍රපටය තුළ ආලෝකකරණය කැමරාකරණය
ආදී කලා අධ්‍යක්ෂණය ආදී සියලුම අංග ඉතා විශිෂ්ට ලෙස හසුරුවා ඇති අතර කේමදාසයන්ගේ සංගීතය
සිතෙහි ඇති වීම සෙලවීම් මනාව නිරූපණය වන්නේ ය එය විටෙක ප්‍රේමය විටෙක වස්තු තණ්හාවත්
පසුබිම් සංගීතයෙන් මනාව නිරූපණය වේ නිධානය
චිත්‍රපටය අන්තර්ජාතික මට්ටමෙන් බැලුවද උසස් සිනමා පටයකි ජීවිත අර්ථයක් කැටිකොට ගත්තකි
සිනමා කලාවේ පටු ලාංකික සංස්කෘතික ක්ෂේත්රයේ ස්ථිරසාර වූ සිහිවටනයකි
නිධානය ජීවිතය නැමැති ඛේදජනක අත්දැකීම පිළිබඳ නිරූපිත ශෝකාන්තයකි කෙනෙකුගේ අවාසනාවන්ත
ඉරණම කෙරෙහි තවම ජීවත් වන්නා වූ සෙස්සන්ගේ
ජීවිත වාසනාවන්ත භාවයට පත් කිරීමට ඉවහල් වන ආදර්ශයකි