පරිසර සන්නිවේදනය |
මානව සම්භවයත් සන්නිවේදනයත් බිහි වූයේ එකටමය
එතරම්ම සන්නිවේදනය හා මානවයා අතර පවතින්නේ තද සම්බන්ධයකි සන්නිවේදනයෙන් තොරව මානව පැවැත්මක්
වර්ධනයක් අපේක්ෂා කළ නොහැකිය මානව ආරම්භයේ පටන්ම 21 සියවසේ මේ වනවිට තාක්ෂණමය වශයෙන් හෝ වෙනත් අංශ මගින් අප ලබාගෙන ඇති ජයග්‍රහණයට
මූලිකම සාධකය වූයේ සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමගම ලේඛනය භාෂණය සංඥ මාර්ගයෙන් අදහස් දැනුම යනාදිය හුවමාරු
කරගැනීම වෂයෙන් සරලව පැවැති සන්නිවේදනය විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමඟ ජනසංනිවේදනය
දක්වා වර්ධනය විය ජනමාධ්‍ය එතරම්ම රූපවාහිනිය ගුවන්විදුලිය පුවත්පත මෙන්ම නව මාධ්‍ය
මගින් විශාල ජන සංඛ්‍යාවක් ඉලක්ක කරගෙන ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් දැවැන්ත සන්නිවේදන
කාර්යක් සිදු වේ එමෙන්ම චන්ද්‍රිකා තාක්ෂණය ආදී සන්නිවේදනන තාක්ෂණයන්ගේ දියුණුවත් නිසාම
අද ජාත්‍යන්තර සන්නිවේදනය නමින් ජාතික සීමාවන්
ඉක්මවා ගිය විශ්වීය සන්නිවේදන ප්රවණතා බිහිව තිබේ ඒ යටතේ අද වන විට ලෝකයේ සියළු ක්ෂේත්රයන්හි
විධිමත් භාවය උදෙසා එම විෂයය හා සන්නිවේදනය වැදගත්කම මෙන්ම සම්බන්ධතා මේ උදෙසා ක්‍රියා පිළිවෙත් නිර්මාණය වී තිබේ එහිදී තවත් එක් අවධානය
යොමු විය යුතු මෙන්ම ක්‍රියාකාරී ලෙස වැඩසටහන්
ක්‍රියාත්මක වන පරිසර සන්නිවේදන විශය පිළිබඳව
අද වන විට පුලුල් වකතාබහ කරන්නකි මේ යටතේ මූලික
කරුණු සාකච්ඡා කළ යුතු කාරණා කිහිපයකි එනම්
- පරිසරය කුමක්ද
- පරිසරය හා මානවයා අතර ඇති සබඳතාවය
- තිරසාර සංවර්ධනය සදහා පරිසර සන්නිවේදනයේ ඇති වැදගත්කම
පරිසරය යනු සරලව ගතහොත් අප ජීවත්වන වටපිටාවයි
එය කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ය ඒනම්
- ජීවි
- අජීවි වශයෙනි
මෙහිදී ජීවි වස්තූන් ලෙස මිනිසුන් සතුන් ශාක ලෙස වර්ග කළ හැකි අතර අජීවී වස්තූන් ගණයට මිනිසා
විසින් නිර්මාණය කල සියලුම දෑ එනම් ගොඩනැගිලි
යාන වාහන මංමාවත් ආදිය ගත හැකිය
සැබැවින්ම
මනුෂ්‍ය ජීවිතයේ පැවැත්ම රඳා පවතින්නේ සොබාදම්
මෑණියන් නිසාය පරිසරය තුළින් සිතට නැගෙනුයේ චමත්කාරජනක දසුනකි නක වර්ණවලින්
යුත් මල් තුරු වදුළු ඉහල නිල්වන් ආකාශයේ කුරුල්ලන්ගේ කිචි බිචි නාදය විවිධාකාර සතුන්
දිය ඇලි ඇළ දොළ ගංගා මෙවැනි සිදුවීමක් මැවී පෙනෙනුයේ කාර්මීකරණය තුළින් මෙන්ම විද්‍යාව
හා තාක්ෂණයේ දියුණුවත් සමග මිනිසාගේ මූලික අවශ්‍යතා පුළුල් වීම්ත් සමග එම අවශ්‍යතා
ඔවුන් ඉතා පහසු ලෙස ඉටු කරගන්නට යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් කෘතිමව නිර්මාණය වී ගොඩනැඟිලි
මංමාවත් යාන වාහන වලින් යුක්ත කෘතිම ලෝකයකි අද දක්නට ඇත්තේ සැබැවින්ම වර්තමානයේ
ස්වභාවිකත්වයට වඩා කෘතිමත්වය ඉස්මතු වී ඇති අතර සියල්ල කෘතිමත්වයට පත් වන දින
වැඩි ඈතක නොවේ
බොහෝ දෙනා නාගරිකත්වය ප්‍රියකරති ගොඩනැගිලි මං මාවත් සතුන් මරා සිදුවන
ජාවාරම් ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී නමුත් මේ වන විටත් කෘතිමත්වය තුළද ස්වභාදහම යම් තරමකට රැඳී පවතී අනාගතයේ එසේ වත්ඉතුරු
වේද යනු සැක සහිතය පරිසරය පිලිබද නිවැරදි
දරනුවත් භාවය මනුෂ්‍ය වර්ගයා අතර පැවතිය යුතුය මේ කාර්යයට උරදෙමින් සංවිධානගත සියලු
දෙනාම මෙන්ම පරිසරවේදීන් සන්නිවේදනඥ ගේ අවධානය පරිසර සන්නිවේදන විෂයට යොමු වී තිබේ
මෙම සන්නිවේදන කාර්යයේදී සිදුකෙරෙනුයේ යමක් පිළිබඳව
විශාල පිරිසක් අතර නිවැරදි තථ්‍ය දැනුවත්භාවය ඇතිකරලීමයි
මෙහිදී පුද්ගලාන්තර සන්නිවේදනය ජන ජනසන්නිවේදනය කණ්ඩායම සන්නිවේදනය මෙන්ම අන්තර් වර්තී පුද්ගල සන්නිවේදනයක් ඇති කරලීම
සඳහා ද කටයුතු කළ යුතුයි පාරිසරික සන්නිවේදන
විශය ක්ෂෙත්රය තුළදී අවධානය යොමු කළ යුතු
කරුණු කිහිපයකි නම්
- පරිසරය පිළිබඳ මිනිසාගේ ආකල්පය
- ඒ පිළිබඳ දැනුමවත්භාවය
- පරිසරික ගැටලු
- ගැටලු අවම කිරීම
- ස්වාභාවික විපත් ආදී කරුණු පිළිබඳ විමසා බැලිය යුතුවේ එමෙන්ම
- පරිසර හිතවාදී ව්‍යාපාර සංවිධානය ගත කිරීම
- ජනමාධ්‍ය මගින් පරිසරය පිළිබඳ ආකල්පමය වර්ධනය
- පාරිසරික ගැටලු පිළිබඳ කතිකාවන්
ආදී මෙන්ම සන්නිවේදන ක්ෂේත්රය තුළ භාවිතා වන සියලුම ක්රමෝපායන්
මඟින් පාරිසරික සන්නිවේදනය ඉටුකළයුතුය පරිසර
සන්නිවේදනය පිළිබඳ අද වන විට පුළුල් ලෙස ජාත්‍යන්තර ජාතික මට්ටමින් කථා කළ නමුත්
පරිසරය පිළිබඳ සංවේදීතාවක් ඇති කිරීම හා එමගින් පරිසරය පිළිබඳ යහපත් ආකල්ප වර්ධනය කිරීමට
මෙන්ම ළමා සාහිත්‍ය මඟින් ළමා මනස තුළ සොබාදහම පිළිබඳ අපූර්වත්වයක් යහපත් ආකල්ප වර්ධනයක්
ඇති කරලීම උදෙසා හෙළ සාහිත්‍යයේ පමණක් නොව විශ්ව සාහිත්‍ය කරුවෝ ද උර දුන් බව කිව යුතුයි
වර්ඩ්ස්වර්ත් එමෙන්ම ශ්‍රී ලංකාවේ නම් විමලරත්න
කුමාරගමයන් ආනන්ද රාජකරුණා මහගමසේකරයන් ආදී නම් සඳහන් නොකළ විශාල කවීන් පමණක් නොව සිතුවම්
කරුවන් සංගීතවේදී සිනමාකරුවන් ආදී විවිධ ක්ෂේත්‍ර
මගින් පරිසර සන්නිවේදනය ඉටු කරයි එමෙන්ම ළමා
සහ සාහිත්‍ය මඟින් කුඩා කල් පටන්ම සොබාදහමට ආදරය කරන යහපත් පෞරුෂයකින් හෙබි පුරවැසියන්
බිහි කිරීමට නිර්මාණය වූ නිර්මාණ බොහෝය
උදාහරණ
මේගසේ බොහෝ
පැනිදොඩම් තිබේ
නංගිටයි මටයි ගෙඩි
දෙකක් ඇති
වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ
අපි ඉතා සරලව කියන්නා වූ මේ පද්‍ය පන්තිය තුළින් ළමුන්ට පමණක් නොව වැඩිහිටියන්ට පවා ගැඹුරු සංනිවේදනයක් මෙයින් මනරම්
ලෙස ඉදිරිපත් කෙරෙයි මෙම නිර්මාණකරුවන් තම තමන්ගේ ක්ෂේත්රයන්ට අදාළව පරිසර සත්ව ශාක සංරක්ෂණය ආදී අනේකවිධ පණිවිඩ කියා පායි පරිසර සන්නිවේදනය තුළින් තිරසාර සංවර්ධනයක් අත්පත් කරගැනීම්ට නම් යාන
වාහන මංමාවත් නිර්මාණය කරන ගමන් සොබාදම් මාතාව රැකීමෙහි ලා ද කටයුතු කළ යුතු වේ පරිසර සන්නිවේදනය තුළ පරිසර සංරක්ෂණයේ දී මෙන්ම
සංවර්ධනයේදී දීම සන්නිවේදන ක්‍රියාවලියක අවශ්‍යතාව
පිළිබඳ අවධානය යොමු වී ඇත
එමෙන්ම මේ පිළිබඳ විධිමත් ආයතන ද පිහිටුවාගෙන ඇත
උදාහරණ එක්සත්
ජාතීන්ගේ පරිසර වැඩසටහන පරිසරය හා සංවර්ධනය පිළිබඳ සාකච්ඡා බොහෝ ලෝකය පුරා ඇති වූ අතර
සංවර්ධනයත් සමග පරිසරය රැක ගත යුතු බවට සාකච්ඡා ඇති වුණි මීට සන්නිවේදනය ඉටුකරන්නේ මහගු කාර්ය භාරයකි ලෝක
පරිසර දිනය ජුනි මස පස් වැනිදාට යෙදී තිබේ මීට සමගාමීව වාර්ෂිකව රටවල් එකසිය පනහකට
පමණ පරිසර වැඩසටහන් ක්‍රියාත්මක වේ මේ සියලු කාර්යයනි සඳහා සන්නිවේදනය ඉටුකරන්නේ මහඟු කාර්යයකි
එමෙන්ම ලෝකය තුළ කාර්මීකරණය නාගරීකරණය බිහිවීම තුළින් පරිසරයට වන හානිය ශීඝ්‍රයෙන්
වර්ධනය වන්නට විය ඒ ඔස්සේ තිරසාර සංවර්ධනය පරිසරයක් යන දිත්වයම පිළිබඳව අවධානය යොමුකරමින්
පරිසර සන්නිවේදනය විශය ගොඩනැගී තිබේ මේ පිළිබඳව අදහස් දක්වන රොබට් හොක්ස්
මහතා පාරිසරික සන්නිවේදනය නිර්වචන ගත කරන්නේ මෙසේය
පරිසරය පිළිබඳව මිනිසාගේ අවබෝධය හා ස්වාභාවික
ලෝකය මිනිසාත් අතර තිබෙන සම්බන්ධතාවය විදහා දැක්වෙන ප්‍රධාන සාධකය බවත් පාරිසරික ප්‍රශ්න
විග්රහ කරන බවත් හා සම්බන්ධව සමාජයේ විවිධාකාර ප්‍රතිචාර විග්රහ කිරීමෙහිලා යොදාගනු
ලබන සංකේතාත්මක මාධ්‍යයක් වේ
මෙම නිර්වචනයට අනුව ඔහු පාරිසරික සන්නිවේදන
විෂය තුළ අධ්‍යනය කළ යුතු ප්‍රධාන කරුණු හතක් ඇති බව සදහන් කර ඇත එනම්
- ස්වභාවික අලංකාරය පිළිබඳ කතිකාව
- ප්රවෘත්ති මාධ්‍ය හා පාරිසරික සන්නිවේදනය
- පරිසරය හා සම්බන්ධ තීරණ ගැනීමේ දී මහජන සහභාගීත්වය
- පරිසර හිතවාදී ව්‍යාපාර
- සහයෝගීතාවය හා ගැටළු විසඳිම
- අවධානවධානාත්මක සංනිවේදනය
- ජනප්‍රිය සංස්කෘතිය තුළ පාරිසරික නියෝජනය
ඔහුට අනුව මෙම සංරචකයන් වශයෙන් හෝ වෙන්ව
සමාජය තුළ සිදුවන කතිකාව පරිසර සන්නිවේදනයයි පරිසර සන්නිවේදනය තුලින් මිනිසා තුළ පරිසර සාක්ෂරතාවයක්
මිනිසා හා පරිසරය අතර ඇති අන්තර් සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම පරිසර ගැටලු කෙරෙහි
අවධානය පරිසර දේශපාලනය ආදී අනේකවිධ කාරණා රැසක් මීට අන්තර්ගතවේ මෙහිලා පරිසර සන්නිවේදනය
යනු කුමක්ද පිළිබඳ පළමුවෙන් ම වටහා ගැනීම් වැදගත් වෙයි පරිසර සන්නිවේදනය යනු පුද්ගලයා
ආයතන සමාජයේ හා සංස්කෘතීන් හැදෑරීමේ පරිසරය හා මානව අන්තර් ක්‍රියා සම්බන්ධතා පණිවිඩ
ලබා ගැනීම තේරුම් ගැනීම හා භාවිතා කිරීම පිළිබඳව හැදෑරීමයි අන්තර්වර්ති සංනිවේදනය සිට
අත්‍යවශ්‍ය ප්‍රජාවන්ට සහභාගිත්ව තීරණ ගැනීම හා පාරිසරික මාධ්‍ය ආවරණයෙන් පුළුල් පරාසයක
විවිධ අන්තර් ක්‍රියාවන් ගෙන් සමන්විත වේ එමෙන්ම වාචික සංනිවේදනය ද ඇතුළත් වේ එමෙන්ම
මෙහිදී රූපවාහිනියෙ ප්රවෘත්ති පත්‍ර ගුවන්විදුලිය වැනි නවීන මාධ්‍ය උපයෝගී කරගනිමින්
මෙන්ම නව මාධ්‍ය වැනි ජනමාධ්‍යන්ට අමතරව පුද්ගලාන්තර
සන්නිවේදන සමූහ සංනිවේදනය ගැන සන්නිවේදන ක්රමෝපායන්ද බද්ධ කර ගනී මෙම සන්නිවේදන විධික්රම
භාවිතය කුමන රටාවකට අනුව නිර්මිත විය යුතුද යන්න තීරණය කිරීම පණිවිඩයේ ස්වභාවය අනුව
අවස්ථාව අනුව වෙනස් වේ පරිසර සන්නිවේදනය මේ වනවිට දියුණු මාධ්‍ය වේදයක් දක්වා වර්ධනය
වී ඇත කඩිනමින් පාරිසරික ගැටලු වාර්තා කිරීම් වාර්තා වැඩ වැඩසටහන් නිර්මාණය ආදී වැඩසටහන්
රාශියක් මේ හරහා ක්‍රියාත්මක වේ මෙහිදී පරිසරය හා සම්බන්ධ පණිවිඩයක් සමාජයට ලබා දීමේදී
මාධ්‍ය කරුවෝ තම යුතුකම් හා වගකීම් තේරුම් ගෙන ක්‍රියා කිරීම වැදගත් වේ පරිසර සන්නිවේදනය
තවත් අවධානය යොමු විය යුතු කේෂ්ත්‍රය සන්නිවේදන රටාව පිළිබඳව එහිදී
- ග්‍රාම කේන්ද්‍රීය රටා
මෙහිදී සියලුම ගම් වලට එකම ආකෘතියක පිහිටා
සන්නිවේදනය සිදුකළ නොහැකිය එමෙන්ම පුද්ගලාන්තර සන්නිවේදනය මාධ්‍ය මූලික පාරිසරික හෝ
සංවර්ධනාත්මක පුවතක් ජනතාවට වඩාත් තේරුම් ගත යන පරිදි විවරණය කිරීමට සන්නිවේදනය උපකාරී
වේ එමෙන්ම ඕනෑම රටක පාරිසරික සන්නිවේදන සහායකවරුන් වශයෙන් හැඳින්විය නිලධාරීන් තුලින්ම
සන්නිවේදනය වන්නේ ය වන සම්පත් හා පරිසර අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරිය පරිසර සංරක්ෂණ
කළමනාකරණයට ආදී නිලධාරී මණ්ඩලයක් මගින් මේ කාර්යය සිදු වේ සන්නිවේදන රටා තුළින් සාකච්ඡා කළ යුතු පවත්නා දෙයකි
- සාම්ප්‍රදායික මාධ්‍ය
සම්ප්රදාය යනු අප සාමාන්‍යයෙන් අදහස් කරන්නේ
අතීතයේ සිට අපේ සංස්කෘතික උරුමයන් පැවත එන ඇදහිලි විශ්වාස ගති පැවතුම් සිරිත් විරිත්
කලා ශිල්ප චින්තන ක්‍රමය ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල පාරම්පරික සම්ප්‍රදායන් සංස්කෘතීන්
සමඟ බැඳුණු සන්නිවේදන මාධ්‍ය සංස්කෘතිය හා බැඳුණු පාරම්පරික සන්නිවේදන ක්‍රම සමහරක්
අද පවා ජීවමානව පවතී ගැමි නාටක කවිකොළෙ බිත්ති පත්තර මෙහිදී වැදගත් වන සාම්ප්‍රදායික
ක්‍රම වේද ඇතැම්විට ප්‍රවෘත්තිපත්‍ර ගුවන්විදුලිය සිනමාව වැනි මාධ්‍යයන්ට වඩා සාම්ප්‍රදායික
මාර්ගයෙන් සන්නිවේදන කාර්යයෙහි ලා වැදගත් වන අවස්ථා ද තිබේ එමෙන්ම ගුවන්විදුලිය පරිසර
සන්නිවේදන කාර්යෙහි උපයෝගී කරගෙන හැකි සන්නිවේදනිවේදන මාධ්‍ය කේන්ද්‍රය පරිසර සන්නිවේදන
කාර්යයේදී ගැමි ජනතාවගේ ඥානාවබෝධය වර්ධනය කරන සන්නිවේදනාත්මක මාධ්‍ය අතරින් මුල් තැන
ගුවන්විදුලියට හිමිවේ සාක්ෂරතා ඥානයේ අඩු ජනතාවට වුවද වැඩි තොරතුරු ප්‍රමාණයක් ගලා
යන්නේ මේ හරහා ය
විනෝදාස්වාදය ලබාදෙන අතරම විවාදාත්මක කරුණු
අළලා කෙරෙන සාකච්ඡා වන්ගෙන් වුවද ග්‍රාහකයක් සම්බන්ධ කර කරගැනීමට ගුවන් විදුලියට අද
හැකියාව ඇත පුද්ගලික ගුවන්විදුලි සේවාවන් තුළින් පැයෙන් පැය පුවත් විකාශය වීම පරිසර
ප්‍රශ්න පිළිබඳ ජනතාව දැනුවත් කිරීම් ප්‍රතිචාර දැනගගත හැකි සාර්ථක ගුවන් විදුලි ශිල්ප
ක්රමයකි ඒහිදී පරිසර පුවත් කලාව පිළිබඳව ද මේ ක්ෂේත්රය තුළ දී සාකච්ඡා කළ යුතු කාරණයකි
පරිසර පුවත් කලාවේ සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් ගැන පුවත්පත ගුවන්විදුලි රූපවාහිනී මාධ්‍යයන්
සියල්ලටම බලපාන පුවත් ඉදිරිපත් කිරීමේ නව රීතියක් වශයෙන් හැඳින්විය හැකිය පරිසර පුවත්
යනු සමාජයක සංවර්ධනයට හේතුවන දැනුම් සම්භාරයක් හා අවබෝධයක්ද ලබා දෙන්නෙකි පාරිසරික
කරුණු ආර්ථික ජාතික සංවර්ධනය හා සමග අත්‍යන්තයෙන්ම බැඳී පවතී පරිසර ප්‍රශ්න පිළිබඳව
ජනමතයක් ගොඩනැගීම සඳහා සුවිශේෂි කාර්යයක්
ඉටු කරන්නේ ජනමාධ්‍ය මගිනි
Nilushika......