Michael Jackson
|
ජනප්රිය සංස්කෘතියේ ජනප්රිය සංගීතයේ
ප්රතිමූර්තියක් බඳු මයිකල් ජැක්සන් පොප් සංගීතයේ රජු ලෙස සලකයි. (King Of Pop)
ජනප්රියත්වයේ හිනිපෙත්තටම ගිය මයිකල් ජැක්සන් ලෝකයට
නව නර්තන විලාසිතාවක් ගායන ශෛලියක් මෙන්ම ඔහුගේ නර්තනය ඇදුම් පැලදුම් ආදි විලාසිතාවන් ලෝකය තුළ මිනිසුන් අදටත් අනුකරණය
කරයි. ඔහු ගීතය නර්තනය හරහා ලෝකය පුරාම විප්ලවයක් ඇති කරමින් එදත් අදත් මතුවටත් නොමැකෙන
නාමයක් ඉතිරි කල කලාකරුවෙකි.
1958 අගෝස්තු 29 වනදා ඇමෙරිකාවේ ඉන්ඩියානාහිදි උපත ලද මයිකල් නවදෙනෙකගෙන් යුතු පවුලක
අටවෙනි සමාජිකයා විය. ජැක්සන් ගැයකයෙකි වාදකයෙකි නර්තන ශිල්පියෙක් මෙන්ම තනු නිර්මාණය
ගීක රචනය ආදි සෑම ක්ෂේත්රයකම විශිෂ්ටයෙකි. ඔහු තම සංගීත දිවිය ආරම්භ කරන්නේ 1964 දීය ඉතාම කුඩා වයසින් සංගීතයට යොමු වන මොහු ලෝක
ප්රකට වන්නේද ඉතාම අඩු වයසිනි. කුඩාකලදිම ඔහුගේ සහෝදරයන් හා ඔහු ඇතුලත් වූ Jacson 5 සංගීත කණ්ඩායම සමග ඔහු තම සංගීත
ගමන ආරම්භ කරන අතර කෙටි කලකින්ම එහි ප්රධාන ගායකයා ද වන්නේය .
වයස 11 දි Want You Back ගීත ඇල්බමය මගින් ලොව පුරා ජනප්රියත්වයට
පත් වෙයි. හෙතෙම වර්ෂ 1978 දි සිය ඒක පුද්ගල ගීත ඇල්බමයක් එළි දැක්වූ අතර
එහ් මිලියන 10 ක පිටපත් ලොව පුරා අලෙවී විණි. මෙලෙස ඉතාම
අඩු වයසින් ජැක්සන් ලෝකය පුරා ජනප්රියත්වයට පත් වෙමින් ජනප්රිය සංගීතයේ නොමැකෙන
නාමයක් ඉතිරි කළ ඇත.
1982 දි ඔහු ඉදිරිපත් කළ Thriller ඇල්බමය ලෝක සංගීත ඉතිහාසයේ ඉතා වේගයෙන් පිටපත් අලෙවි වූ ඇල්බමයක් වන
අතර මිලියන 65 ක් තරම් වූ පිටපත් එහි අලෙවී වීම ගිනස්
වාර්තාවක් විය. මේ සුපිරි පොප් ගායකයා වාර්තාවන් පිහිටුවමින් ගීතයෙන් විල්පවයක් කරන්නට සමත් වූ ජනප්රියත්වයේ සංකේතයකි.
එක් වසරකදි
වැඩිම ග්රරැම් සම්මාන 13 ක් ලබා ගත් පුද්ගලයා බවට පත් වීම. ජැක්සන්
ගීතයෙන් පමණක් නොව ජනතාව අතරට ගියේ සංදර්ශන පවත්වමින් ලෝකය පුරාම සංචාරය කරමින් අති
දැවැන්ත සංදර්ශන තුළින් ලෝකය පුරිම ගායනයෙන්
නර්තනයෙන් විප්ලවයක් මෙන්ම වෙනමම ශෛලියක් බිහි
කරන්නට සමත් වූවෙකි.1972 පටන්
ජැක්සන් තනි ගායකයකු ලෙස පොප් සංගීතයේ සංකේතයක් බවට පත් විය.ඔහුගේ ඇල්බමයන්
අතර
1982 Thriller
1987 Bad
1991 dengeres
1995 Histroy
ජැක්සන් යනු ලොව පුරා මාතෘකාවට බදුන් වූ
මෙන්ම විලාසිතාවන් ඇති කළ ජනප්රිය සංස්කෘතියට වෙනමම සංස්කෘතික අංගයක් වූවෙකි. 2009දි ඔහු මිය ගියද ජැක්සන් ඉහළම ආදායම් ලබන මියගිය
පුද්ගලයන් ලැයිස්තුවේද ඉහළින්ම වැජබුනේය.
ගායනය නර්තනය තුළින් ලෝකයේ ඉමහත් ප්රසිද්ධියට
පත් ජැක්සන් ගේ පෞද්ගලික ජීවිතය ගුප්ත එකක් විය.මෙන්ම ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක්
වන්නට විය. පසුකලෙක ජැක්සන්ගේ ජීවිතයේ යම් කඩා වැටීමකට ද එකක හේතුවක් විය ජැක්සන් ගේ
ජිවිතය ඇසුරෙන් චිත්රපටි ටෙලි චිත්රපටි වාර්තා වැඩසටහන් විඩියෝ විශාල වශයෙන් නිපදවිණි.
ගිනස් වාර්තා පිහිටුවමින් මෙන්ම සම්මාන විශාල වශයෙන් ලබා ගනිමින් ජනප්රියත්වයේ හිනිපෙත්තටම
ගිය ජැක්සන් ගේ පෞද්ගලික ජිවිතයේ තොරතුරු නම්
කලූ ජාතිකයෙක් වශයෙන් ඉපිද
සැත්කමක් මගින් සමේ පැහැය මෙන්ම මුහුණේ හැඩය වෙනස් කරගත් අතර ඔහු කුඩා කල පටන්ම තම
පෙනුම පිළිබද කනස්සල්ලෙන් පසු වූ අතර පෙනුම වෙනස් කරගැන්මට නොයෙකුත් උපක්රම යොදා
ඇත. එම නිසාම ඔහුගේ මරණයද එතරම්ම යහපත් එකක් නොවීය.
එදාමෙදාතුර සාර්ථකම විනෝදාස්වාදනය සපයන
හා වැඩිම අලෙවියක් ලද ඇල්බමය ඇතුලූ ගිනස් වාර්තාවන් 8 ට හිමිකම් කියූ ජැක්සන් ජනප්රිය සංගීතයේ ප්රතිමූර්තියයි.
Nilushika......