Thursday, March 28, 2019

රුහුණු කතරගම ‌‌‌ඇසළ මංගල්‍යය හා බැදුනු අන්තර් සංස්කෘතික ලක්ෂණ

රුහුණු කතරගම ‌‌‌ඇසළ මංගල්‍යය හා බැදුනු අන්තර් සංස්කෘතික ලක්ෂණ 


ශි්‍්‍ර  ලංකාව  වූ කලි බහුවිධ වු ද්විපයකි එනමි විවිධ ජාතින් විවිධ ආගමි මෙන්ම එකිනෙකට වෙනස් වු සංස්කෘතිකාංග රැුසක් පවතින්නා වු දිවයිනකි රාවණා යුගය විමසිමෙිදි වුවද ඒ  හා බැදුණු කථාංග ජනශ‍්‍රැති මගින් ද පසක් වනුයේ ලංකාවට ආසන්නතම ද්විපය වු භාරතය හා පැවැත් වු සමිබන්ධතාවයයි එමෙන්ම විජය රජුගෙන් ආරමිභ වුනු ආර්ය ජන කොටස් මෙන් ම මිහිදු හිමි සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ඇතුලූ දහඅට කුලවල පිරිස් මෙහි පැමිණි බවත් විවිධ කාලවකවානු වල ආක‍්‍රමණ සංක‍්‍රමණ මෙි ආදි හේතු සාධක විශාල ප‍්‍රමාණයක බලපෑමෙන් ලංකාද්විපය බහුවිධ රාජ්‍යයක් බවට පත් විය ඒ අනුව එකිනෙකට වෙනස් සංස්කෘතින්හි අංග තවත් සංස්කෘතියක් හා මුසු වෙමින් ඇතැමි විට විවිධ අවස්ථා වල එකිනෙකට වෙනස් සංස්කෘතින්හි මුසු විම පෙන්නුමි කරයි මෙහදිි සාකචිඡා කෙරෙනුයේ ලාංකික විවිධ උත්සව තුළ දක්නට ලැබෙන අන්තර්සංස්කෘතික ලක්ෂණ  පිලිබද කෙටි විමසුමකි              ඇසළ උත්සවය කියු පමණනි් අප මතකයට නැගෙනුයේ ශ්‍රී දළදා වහන්සේ මුල් කරගත් ඇසළ මංගල්‍යයි දළදා වහන්සේ මෙරටට වැඩම කලදා සිට ශ්‍රී ලංකාව බ‍්‍රිතාන්‍ය යටත් විිජිතයක් බවට පත් විම දක්වාම දළදා පෙරහැර යමි යමි සංස්කෘතික වෙනස්කමි සහිතව විකාශනය විය සැබවින්ම සංස්කෘතිය යනු කාලිනව වෙනස්කමි වලට භාජනය වන්නා වු සංකල්පයකි එය ගතික වෙි ඒ ඒ අවධීන් තුළ පැවති සමාජ ආර්ථික දේශපාලන තත්වයන් හරහා එක් සංසක්ෘතියක් තුළට තවත් සංස්කෘතියක අංග ලක්ෂණ රිංගා ගැනිම වැලැක්විය නොහැක්කකි  මෙහිදි සාකචිඡුා වනුයේ ඇසළ මංගල්‍යයේ තවත් පුරුකක් වු රුහුණු කතරගම ඇසළ මංගල්‍ය තුළ අද වන විට දක්නට ලැබෙන අන්තර් සංස්කෘතික ලක්ෂණ පිලිබදවයි 


අතීතයේ පටන්ම පැරැුන්නන් අතර ඇසළ මාසය පෙරහැර මාසය ලෙස ජනප‍්‍රීය විය මෙි මාසය තුළ පෙරහැර ඇසළ මංගල්‍යයක් ලෙස උත්සවාකරයෙන් දින කිහිපයක් මුළුල්ලේ විවිධ චාරිත‍්‍රවාරිත‍්‍ර ඇතුළු අංග සහිතව සංස්කෘතික මංගල්‍යයක් වශයෙන් පවත්වනු ලැබෙි ලංකාවෙි සියලු උත්සව අතර ඇසළ උත්සවය ප‍්‍රධාන තැනක් ගනුයේ එය අතීත ශ්‍රී ලාංකේය සංස්කෘතියේ හරය මූර්තිමත් කෙරෙන්නක් වන බැවිනි මෙහිදි පෙරහැර මංගල්‍යය සමිබන්දයෙන් සෑම කාර්යයක්ම සැම පුද්ගලයෙක්ම මෙන් ම සෑම නිර්මාණශිලි අංගයන්ගෙන්ම පිලිඹිබු වන්නේ සංස්කෘතික මිශ‍්‍රතාවයයි ඇසළ පෙරහැර මංගල්‍ය තුළ පෙළගැසෙන දද කොඩිසේසත් මුරායුධ සිය දහස් ගණන් විවිධ නිලධරයන් ඔවුන්ගේ ඇඳුමි පැළඳුමි නර්තනාංග වස්ත‍්‍රාභරණ මෙි ආදි සියලු අංගයන් පිලිබද විමසිමෙිදි පෙනියන්නේ ඒ තුළ පවත්නා අන්තර් සංස්කෘතික සබදතාවයයි ඒ කෙසේද යත් මෙි පෙරහැර මංගල්‍ය තුළ දක්නට ලැබෙන බෞද්ධ හා හින්දු සංස්කෘතික සමිබන්ධතාවය මෙන්ම අනෙකුත් සංස්කෘතික මුසු විිම සහිත අන්තර් සංස්කෘතික සමිබන්ධතාවයයි රුහුණු කතරගම පෙරහැර මූලික වශයෙන් අරමුණු කරගන්නේ කඳ කුමරු හෙවත් ස්කන්ධ දේව වන්දනාවයි බෞද්ධ සංස්කෘතිය තුළ දේව වන්දනාව යමි පමණකින් ප‍්‍රතික්ෂේප වුවත් අතීතයේ පටන්  ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ දේව වන්දනාව දක්නට ලැබිණි අද වන විට එම දේව සමිප‍්‍රදාය හා බෞද්ධ සමිප‍්‍රදාය එකටම ගමන් කරන බව පෙනෙයි 
මෙහිදි මෙරටට ස්කන්ද දේව වන්දනාව පැමිණි ආකාරය විමසිම වැදගත් වෙයි 
ක‍්‍රි.ව 12 සියවසේදි ආරමිභ වූ නායක් සමයේදි ස්කන්ධ ඇදහිම ප‍්‍රථමවරට ඉංදියාටෙි ඇති විය මෙි සමයේදිම ස්කන්ධ ඇදහිම ලංකාවෙි ව්‍යාප්ත වන්න ඇතැයි සැලකෙයි මානවමිව කුමරු රජකම පතා ලංකාවෙි නැගෙනහිර ගෝකණ්ණ වෙරලේ ගං ඉවුරක ඉදිමින් අක්ෂ මාලයක් ජප කරද්දි ස්කන්ධ කුමරු මයුර වාහනයෙන් පැමිණ ඔහුට වරයක් ලබා දුන් බවත් ඉන් ඔහටු රාජ්‍යයත්වය ලැබූ බවත් මහාවංශය සදහන් කරයි ඒ අනුව 12 සියවසේ පටන්ම ස්කන්ධ දේව රටෙි ආරක්ෂක දෙවි කෙනෙකුන් මෙන්ම සිංහල බුද්ධාගමෙි දිසාපාලක දෙවිවරුන් අතර ස්කන්ද දෙවියන්ද කෙනෙක් බවට කියැවෙයි  බුදුන් වහන්සේ තුන්වන වරට  ලක්්දිවට වැඩම කල අවස්ථාවෙි කතරගම කිරිවෙහෙර පිහිටි ස්ථානයට වැඩම කොට සමාපත්ති සුවයෙන් ඉඳ ධර්මදේශනා කොට මහා පොළොව කමිපා කලහ ඒ අවස්ථාවෙි එහි සිටි මහාඝෝෂ නමි දේව පුත‍්‍රයා කිරිවෙහෙර පිහිටන ස්ථානය ආරක්ෂාකරන ලෙස නවතා ඉන් නැගිට තිස්සමහාරාමයට වැඩම කළහ එහිදි කතරගමදි බුදුන්ගෙන් බණ ඇසු මහාඝෝස පසුකළෙක දෙවිකෙනෙකු වි කතරගම ප‍්‍රදේශය රකින බව චිරාගත මතයයි 12 වන සියවසෙන් පසුව රටෙි ව්‍යාප්ත වු හින්දු ආගමත් සමඟ හින්දු ජනයා  කතරගම දෙවියන්ට හින්දු සංකල්පය ආරෝපණය කොට ඔහුගේ බලසමිපන්න බව හුවා දැක්විමට මුහුණු සයකින් හා විවිධ ආභරණ ද අත් දොලොසක් හා තේවානි හා වල්ලි වශයෙන් දේවීන්වරු දෙදෙනෙක් සහිතව මූර්තිමත් කොට ඇත මෙි අනුව පසක් වන්නේ මූරාමිභයේ පටන්ම ස්කන්ධ හෙවත් කතරගම දේව ඇදහිම හින්දු සංස්කෘතියත් බෞද්ධ සංස්කෘතියත් අතර අන්තර් සංස්කෘතිමය වශයෙන් බැඳිමෙන් යුතුව කටයුතු කල ආකාරයයි 

එමෙන්ම මෙම ස්කන්ධ දේව සංකල්පය පිලිබද මුස්ලිමි ආගමෙි ද සදහන් වන්නේ ය මුස්ලිමි ආගමෙි කිල්ලනූර්නබි වශයෙන් ද හඳුන්වනු ලබන කරුණාවෙන් ද දයාවෙන්ද වික‍්‍රමයෙන්ද අවිආයුධ ගෙන විශාරද බවකින් යුත් යුද්ධයට අධිපති කන්ද කුමාර දෙවියන් අසමීිත බලයකින් යුත් දෙවිකෙනෙකු ලෙස හඳුන්වා තිබෙයි  රුහුණු කතරගම දෙවොලේ පවත්වන පෙරහැර මංගල්‍ය වනාහි පැරණිතම ලාංකේය පෙරහැරයි කතරගම යාදින්නේ ද දඔදිව මුල්තැන දෙන හින්දු චාරිත‍්‍රත් ලංකාවෙි මුල් තැන දෙන  බෞද්ධ චාරිත‍්‍රත් කතරගම දෙවියන්ට ලක්වැසියන් දක්වන ප‍්‍රියමනාප භාවයත් පෙරදැරි කරගෙනය
රුහුණු කතරගම දේවාල පෙරහැරෙ අරමුණ වන්නේ ස්කන්ධ දිව්‍ය රාජායාණන්ට හා වල්ලි මාතාවන්ට උපහාර කිරිමයි ප‍්‍රථම වතාවට මෙම ස්කන්ධ ඇදහිම සිදුවන්නේ ඉංදියාවෙිය දකුණු ඉංදියාවෙන් ඇති වු මෙම ස්කන්ධ දේව වන්දනය ලංකාව තුල ද සිදුවු අතර 12 වන සියවසෙන් පසුව ලංකාවෙි ඇති වු සිංහල බුද්ධාගමෙි දිිසාපාලක දෙවිවරුන් අතර ස්කන්ද දෙවියන්ද කෙනෙකි ඒ අනුවයි මෙහිදි හින්දු බෞද්ධ සංස්කෘතීන් මිශ‍්‍ර වන්නේ කතරගම පෙරහැර සහිත කතරගම ඇසළ උත්සවය සියලු නිල කටයුතු භාර වන්නේ බස්නායක නිලමෙි වෙතටයි පෙරහැර ආරමිභ වන්නේ ද බස්නායක නිලමෙිතුමා දෙවියන් වැඳ ගණ දෙවි කෝවිල නැමද ගණේෂ දෙවි නැමද පසුව කිරිවෙහෙරට සැපත්ව පන්සිල් ගැනිමෙන් අනතුරුවයි මෙම ගණ දෙවි සංකල්පයද දකුණු ඉංදීය ආභාෂයෙන් එන්නකි  
                                                                                                                    
එමෙන්ම මෙහිදි අන්තර් සංස්කෘති ලක්ෂණ පිලිබද සාකචිඡුා කිරිමෙදි තවත් සැලකිය යුතු අංගයක් වන්නේ මෙම පෙරහැර සදහා ආදිවාසි සංස්කෘතියේ බලපෑමයි අතීත පුරාවෘත්ත වලට අනුව ස්කන්ධ කුමරුන්ගේ භාර්යාව වන වල්ලි මාතාව ආදිවාසි පරපුරෙන් පැවත එන්නකි පෙරහැර ආරමිභයට පෙර ආදිවාසි චාරිත‍්‍ර කිහිපයක් මෙහිදි ඉටු කෙරෙයි මෙමගින් මෙහි පවතින්නා වු සංස්කෘතික මිශ‍්‍ර විම හඳුනා ගත හැකිය ඒ කෙසේ ද යත් වාහල්කඩ අසලදි අතීත සිදුවිමි එලිදරවි කිරිමක් හැටියට ආදිවාසි කෙනෙක් ඇත්හාමිපිට වැඩ සිටින දෙයියල ඇත්තන්ට දුන්නෙන් විදිමට සැරසෙයි ඉන් පෙන්නුමි කෙරෙනුයේ තම නැගණිය වු වල්ලි බැලමිට ස්කන්ධ කුමරුට යෑමට ඉඩ නොදෙන බවයි ”තොරන් පොජ්ජ කඩුළු පොජ්ජ රැුකුමි කරනවා” යැයි ආදිවාසි හඳුන්වන  මෙි අවස්ථාවෙිදි දෙවියන්ගේ පණිවිඩය රැුගෙන එන අධිකාරමි නිලමෙි පවසනුයේ ”තොපලාට වස්තුව දෙන්නමි නැගනිය බැලිමට ඉඩ දෙන්න” යනුවෙනි ඒ බව හගවමින් අධිකාරමි විසින් කප්පමි පොජ්ජක්  රතු කවිචිචි මත හෙලනු ලබයි ඉන් පසු වැදි ජනතාව එයට එකගත්වය පවසමින් දෙයියල ඇත්තන්ට වල්ලි බැලිමට ඉඩ දෙයි  කල වරදට දෙයියන්ගෙන් සමාව ගැනිමක් හැටියට දෙවියන්ට පිටු නොපා නමස්කාර කරමින් ආදිවාසියෙක් පෙරහැරෙ පස්සෙන් පස්සට යයි මෙි වැදි වාරිත‍්‍රයෙන් පසුව පෙරහැර විදි සංචාරය කරයි
පෙරහැර කාලය තුළ චාරිත‍්‍රයක් වශයෙන් උතුරු නැගෙනහිර  දමිළ ජනතාව දින ගණනාවක් මුළුල්ලේ පටන් පා ගමනෙන් කතරගමට පැමිණෙයි  මෙයින්ද සංස්කාතික මිශ‍්‍රතාවය පිලිඔුබු වෙයි
ඇසළ මංගල්‍යයේ පෙරහැර පෙළගැස්විමෙදි වැදගත් තැනක් නර්තනාංග වලට හිමි වෙයි උඩරට පහතරට සබරගමු නැටුමි සමිප‍්‍රදායන් තළුින් මෙන්ම හින්දු නර්තාංග මෙහි පිලිඔිබු විම  එම නර්තනාංග අතර  



 දෙවොල් නර්තනය 
 නානමුර 
 පත්තිනි නර්තනය 
  වඩිග පටුන 
 ගිරිදේවි නර්තනය 
 තෙල්මෙි
ගරායක් නර්තනය වැනි සාමිප‍්‍රදායික නර්තනාංග මෙන්ම කලස් පාලිය රබන් නර්තනය දහඅට සන්නි වැනි ගැමි සාමිප‍්‍රදායික නර්තනාංග ද මීට ඇතුළු වෙය එමෙන්ම කොහොඔ කලය නර්තනය විශේෂයෙන් හින්දු නර්තන සමිප‍්‍රදායේ එන්නකි වෙස් නර්තනය උඩැක්කි නර්තනය පන්තේරු නර්තනය උඩරට සමිප‍්‍රදාය නියෝජනය කෙරෙන අතර කවාඩි යනු මුරුගන් කාවඩිය භක්ති කාවඩිය කතරගම දෙවියන්ගේ අභිමානය විද්‍යමාන කෙරෙන්නකි 
එමෙන්ම පෙරහැර මංගල්‍යයේ තවත් අංගයක් වන්නේ නඩත්තු පූජා අංගයයි මෙහිදි ස්ථාන 6කදි නඩත්තු පූජා 6ක් සිදු කෙරෙයි මින් සංකේතවත් වනුයේ කතරගම විසු දෙමළ සිංහල ජනතාව තනාගත් මඩමි වල සිට පෙරහැරට උපහාර දැක්විමෙි පුරාවෘත්තයයි එම ස්ථාන 6 වන්නේ 
1* ගණ දේවාලය 2* භහිරව දේවාලය 3* රාම ක‍්‍රිෂ්ණ මඩම 4* සතර දේවාලය 5* මහා භද්‍රකාලි දෙවොල අසල ඇති බෝධිය 6* අභිනවාරමය
එමෙන්ම මෙම පෙරහැර මංගල්‍යයේ සුවිශේෂි අංගයක් වනුයේ පෙරහැර ආරමිභ කොට 6 වන දිනයේ කෙරෙන චාරිත‍්‍රයයි එහිදි මූලික වශයෙන් බෞද්ධ වතාවත් වලට මුල් තැන දි තිබෙයි  එනමි සඟසතු දානය දිම පිරිත් කිම ආදි චාරිත‍්‍රයන් එමෙන්ම පෙරහැර මංගල්‍යය ආශ‍්‍රිතව සිදු වන තවත් චාරිත‍්‍ර වනුයේ 
 ගිනි පෑගිම 
 මහා නානමුර මංගල්‍ය 
 අලුත් සහල් මංගල්‍යය  
 කාර්තිකෝත්සවය
කතරගම  දේවාලය යනු ස්කන්ධ මුරුගන් කතරගම දෙවියන් ලෙසින්ද හැඳින්වෙන අතර ස්කන්ධ මුරුගන් වෙනුවෙන් පූජා කෙරුණු හින්දු හා බෞද්ධ සිද්ධස්ථාන සංකීර්ණයයි ශ්‍රී ලංකාවෙි පවතින පූජා කිහිපය අතරින් එකක් වන කතරගම දේව පූජාව ලාංකික බෞද්ධයන් දෙමල හින්දු හා මුස්ලිමි භක්තිකයන් සුලු පිරිසක් හා ස්වදේශ වැදි ජනතාවගේද පුදපූජා පවත්වනු ලබයි 
මෙම පූජකස්ථානයේ පූජකයන් කපුරාළ නමින් හැඳින්වෙන අතර ස්වදේශිය වැදි ජනතාවගෙන් පරපුරෙන් පැවත එන යැයි විහ්වාස කරනු ලබයි අසල පිහිටි කඳු මුදුන සහිත් ප‍්‍රදේශය පිලිබද පවතින පුරාවෘත්තය නිසා වැදි ජනතාවටද මෙම පූජකස්ථානයට උරුමයක් පවතිනැයි විශ්වාස කරයි මුස්ලිමි පල්ලියක් හා මුස්ලිමි ජනතාවගේ සුසානඝර කිහිපයක් ඒ අසල පවතියි 
ස්්කන්ධ දේව ඇදහිල්ල මුල්වරට මෙරටට ආවෙි දකුණු ඉංදීය ආභාෂයෙන් වුවත් එක් පුරාවෘත්තයකට අනුව ස්කන්ධ දේව චරිතය සිංහල බෞද්ධයා හා මුසු වෙයි ඒ අනුව බෞද්ධ සංස්කෘතියද එයට එකතු වෙමින් බෞද්ධ ආගමෙි ආාරක්ෂකයා වශයෙන් ස්කන්ධ දේව හදුන්වයි
ඉතිහාසයේ සදහන් වන ලංකා වැදි ජනතාව කතරගම දෙවියන් දෙවි කෙනෙතු ලෙස සලකා නැත ඒ වෙනුවට ඔවුන් කන්දේ යකා ගලේ යකා යැයි සලකා දඩයමි කිරිමට ප‍්‍රථම දෙවියන් සතුටු කරනු ලබයි මානවවෙිදි  චාල්ස් සොලමන් සිතු පරිදි කතරගම දෙවියන් වෙනුවෙන් වැදි ජනතාව පවත්වන ලබන පුදපූජා කන්දේ යකා වෙනුවෙන් පවත්වන පුදපූජා අතර සමාන ලක්ෂණ ඇති බවයි 
මෙි සියලු කාරණා කැටිකොට ගත්කල රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍ය හා සංස්කෘතීන් කිහිපයක්් සමිබන්ධ බව පසක් වෙයි එනමි 
සිංහල බෞද්ධ 
ලාංකික දෙමළ 
ඉංදීයානු දෙමළ
ස්වදේශික වැදි ජනතාව
මුස්ලිමි සුළු භක්තියන් පිරිසක් මෙම සංස්කෘතීන් කිහපියක එකතුවෙන් හා අන්තර් සංස්කෘතිකමය වශයෙන් බැඳිමෙන් ඇසළ මංගල්‍ය අති උත්කර්ෂවත් ලෙස වසරක් පාසා පවතව්යි








අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ     

පැන මඩකඩිති වැව් තාවුලු වැහි කාලේ
පෙන්නා මඟ නොමඟ නෙවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසීලයින් උඩු මාලේ
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස්පොළේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගතමනා ශිල්පය පිල්කඩ නොපැතු
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ

රන්මසු පටපිළි අභරණ උරන වෙලා
සමන් පිචිච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතුසිතුමක් වෙලා


අකුරට පංතිභේද මිලමුදල් නොසලකන අකුරද ජීවිතයද කියා දෙන සියලුම දුයිෂේන්ලාට උපහාරයක්ම වේවා !!!

මා උපන්නේ හද්දා පිටිසර ගමක නොවෙි හද්දා පිටිසර බැද්දේ එවුන් මෙන් මා විඳි දුකක් නැත මා වුන් කොට්ඨාෂයේ කොතෙකුත් ප‍්‍රසිද්ධ පාසල් ඇතත් මගේ ඉස්කොලේ වූයේ මා නිවසට නුදුරින් ය එය මගේ දෙමාපියන්ටනමි වාසියක් වූ නමුත් මට නමි කරදරයක් විය අවුරුදු දහසක පමණ  අතීතයක් ඇති රජමහා විහාරයකට අතරමැදිව මගේ ප‍්‍රාථමික හා ජ්‍යෙෂ්ඨ පාසල් පිහිටා තිබුණි පන්සල් වත්තෙන් පැන පාසලට යෑමට මට ගත වූයේ විනාඩි පහළොවකි උදෑසනට එතරමි වෙිගයෙන්් පාසලට ගියත්  ගෙදර එන්නේ නමි පැයක් දෙකක්  ගතකර දුර පාරිනි එතරමි පාසල් ජීවිතය ප‍්‍රිය මිතුරු සමාගම මා හට ප‍්‍රියජනක විය ඊට තවත් හේතුවක් ඇත එනමි ආදරණිය ගුරු අමිමාවරු තාත්තාවරුන්ගේ කරුණාවයි බොහෝ ළමුන් ප‍්‍රසිද්ධ පාසල් කරා  ඇදෙද්දි මගේ පාසළේ සිටියේ මා වැනිම ළඟපාත එවුන් කිහිප දෙනෙකු පමණි පංතියේ මුළු ළමුන් සංඛ්‍යාව 25 ටත් අවම විය කුඩාකල පටන්ම ඉගෙනීමට දැඩි ආදරයක් දැක් වූ මා හට ඇවැසි වූයේ කෙඳිනකහෝ සාරි ඇඳන් රැුකියාවට යන හීනය හෑබැ කර ගැනීම පමණි කුඩා කල පටන්ම ඉගෙනීමට නිසි තල්ලුවක් දෙමාපියන්ගේ නොලැබුණු නමුත් ඉගෙනීමට ආදරයක්් අනාගතය ගෙන හීන දකින්නට කියා දුන්නේ ආදරණිය ගුරුවරුන් ය විශ්වවිද්‍යාලයක් ගෙන සිහිනයක්වත් නොතිබුණු මා හට සරසවි පිං බිමට ඇතුලු විමට මඟපාදා දුන්නේ  මගේ ආදරණිය ගුරුවරුන් ය කෙඳිනකවත් මුදල් ගෙවා ටියුෂන් නොගිය මා සරසවියට ඇතුළු වීම දක්වා මගේ අධ්‍යාපනය ගමනට රුකුලක් වූයේ ඒ ආදරණිය ගුරුවරුන්ගේ සෙනෙහෙබර අවධානය හා දක්ෂ ඉගැන්වීමත් නිසායි එහෙයිනි මගේ අධ්‍යාපනයේ සමිපූර්ණ ගෞරවය මගේ  ගුරුවරුන්ට පිරිනමන්නේ චිංගීස් අයිත්මාතව්ගේ ගුරුගීතයේ එන දුයිෂේන් වැන්නවුන් රුසියාවෙි පමණක් නොව අහිංංසක ¥දරුවන් වෙනුවෙන් තම ජීවිතය කැපකරන ආදරණිය ගුරුවරු ලොව පුරා ඇත මා වැන්නවුන් කී දාහකගේ ජීවන ගමන සාර්ථක කරගන්න ඔවුන් කැප වෙන්න ඇද්ද ආදරණිය ගුරු පියෙකුගේ එක් වදනක් සිහියට නැගේ ”ඔබ මා සිටින තැනට නොව මට වඩා ඉදිරියට යන්න” මෙි කියුම එදා එතරමි ගැඹුරින් නොදැනුනත් අද එය සිහියට එද්දිත් දැඩි සෙනෙහසක් සිතට නැගේ එවැනි පරාර්ථකාමී හදවත් ඇති කී දාහක් ලොව පුරා ඇද්ද අපි ඔවුන් ගෙන කෙතරමි කතා කරන්නේ ද චන්ද්‍රසේකරයන්ගේ පැනමඩ කඩිති ගීතයේ පදවැල මෙතරමි මට දැනුනේ මගේම අත්දැකිමි මෙබඳු වීම නිසයි
මීට දශක දෙකකට පමණ පෙර ලියන ලද ගීතයකින් චන්ද්‍රසේකරයන් ගුරුවරයෙක් මෙසේ කියයි
පැන මඩකඩිති වැව් තාවුලු වැහි කාලේ
පෙන්නා මඟ නොමඟ නෙවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසීලයින් උඩු මාලේ
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

වැහි කාලේදි මඩ කඩිිති වැව්තාවුලු ද පැන පාසලට යන උදෙන්ම අවුත් සිය සිිසු¥දරුවන්ට නොවැටී යන මඟනොමඟ පෙන්වා දුන් උතුමි ගුරුවරයෙකි ඔහු පෙන්වා දෙන ගුරුතුමා අන්ත අසරණ තත්ත්වයකයි පසු වන්නේ ඔහු ඒ බව පළමු පේළි හතරෙන්ම කියයි මූසිලයන්ට උඩුමාළට යන්න සලස්වා අපේ ගුරුතුමා තවමත් ඉස්කොලේ යන බව කියයිි චන්ද්‍රසේකරයන් අවසාන පදවැල් හතරෙන් ගුරුවරයා පත් වී ඇති අර්බුදය පෙන්වා දෙන්නේ ය
රන්මසු පටපිළි අභරණ උරන වෙලා
සමන් පිචිච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතුසිතුවක් වෙලා
ඔහුගේ ගෙදර ජීවිතය එකම ඛෙිදවාචකයකි දීග නොගිය එකම දියණිය ගුරු නිවහනේ මිලිිනව      සිටින්නීය බිත්තියේ සිතුවමක් මෙන් කඳුළට උල්පතක් වී ලොකු හාමිනේද සිටින්නීය චන්ද්‍රසේකරයන් මෙි කියන්නේ සමස්ත ගුරුපරපුරේම ඛෙිදවාචකයයි අපේ ගුරුවරුන්ට අද අධ්‍යාපනය මුදලට දීමට සිදු ව ඇත ආකර්ෂණිය බැනර් පොස්ටර් ගසා දරුවන් තමන් වෙත ආකර්ෂණය කරගැනීමට සිදු ව ඇත ඇතැමි විට ටියුෂන් කඩ නමින් හැඳින්වීමද සුදුසු නොවෙි යැයි සිතේ මංද යත් සමස්ත සමාජ අර්බුදය තුළ ගුරුවරයාටද තම එකම දයාදය වූ අධ්‍යාපනය දීමට සිදු ව ඇත්තේ මෙලෙසය එය ගුරුවරයාගේ වරදක් නොවෙි ඒ සමාජය යන අතය නමුත් නිසි අධ්‍යාපනය ලද සොඳුරු නිහඬ ගුරුවරුන් පෞද්ගලිකව මෙි සමාජය යන අත වෙනස් කිරිමට වෑයමි දරන බව දන්නෝ දනිති චන්ද්‍රසේකරයන්ගේ මෙි නිර්මාණය හරහා සහෘද මනස යොමු කරන්නේ මෙි සමාජ යථාර්ථය වෙතයි පැනමඩ කඩිති ගීතය ඒ නිහඬ සේවයේ නියුතු ආදරණිය ගුරුවරුන් මුහුන පා ඇති අර්බුදය සිතන්නට මඟ සලසා දෙයි
ඒ බව චන්ද්‍රසේකරයන් මෙසේ පවසයි  ”පැනමඩ කඩිති ගීතය ගත්තාම අදටත් පාසල් වල ගුරු දිනය දවසට වාදනය කරනවා නමුත් ඇත්තටම මෙි ගීතය ඇතුලේ මම කියන්න උත්සහා කලේ ගුරුවරයාගේ ජීවිතයේ තිබෙන අර්බුදය හා අධ්‍යාපනය ක‍්‍රමය මහා අර්බුදයකට ලක් වෙලා කියන එක ඒක ඇත්තටම ගුරු උපහාර ගීතයකට වැඩිය මෙි ඛෙිදවාචකය ගෙන සමාජ කතිකාවක් ගේන්න තමයි මට ඔින කළේ”
(සරෝජා ගී මියැසිය වෙනුවෙන් පළ වූ සමිමුඛ සාකචිඡුාවකදි*
ඔහු මෙි ගීතයේ දෙවන කොටස හරහා සිසු දරුවන් වැටි ඇති තත්ත්වය පෙන්වා දෙයි සාමලාත් අමරත් බස්පොළේ කජු විකුණති ඒ රටකජු ගොටු වලට එන්නේ කුමාරෝද පොතේ පිටුය 
සාමා අමර විකුණති බස්පොළේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගතමනා ශිල්පය පිල්කඩ නොපැතු
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ
චන්ද්‍රසේකරයන් සිය ගුරුතුමා මගින් කියන්නනේ අපේ අධ්‍යාපනයේ සමස්ත අර්බුදයයි ඔහුගේ නිර්මාණය තුල ඇති යථාර්ථවාදිත්වය පමණක් නොව එය රසවත් ගීතයක් ද වන්නේ ය ඒ සඳහා  ඔහුගේ බස හැසිරවීම අපූරුය ගැමි වහර ගත් වහර අපූරුවට සංයෝජනය කර ඇත මඟනොමඟ/උගතමනා/රන්මසු අබරණ/උරණ/බිතුසිතුවමි ආදි වචන ගත් වහරෙනුත් වැව්තාවුලු/ඉස්කොලේ/පිල්කඩ ආදි වදන් ගැමි වහරෙනුත් ගන්නා ලද්දේ ය මෙි පද සංයෝජනය මනරමි සංකල්ප සිතුවමි මැවිමට සමත් වන අතර සහෘද මනස ගැඹුරු සමාජ විවරණයක් වෙත ගෙන යන්නේය  සුනිල් එදිරිසිංහයන්ගේ කටහඬත් රෝහණයන්ගේ සංගීතයත් සමඟ චන්ද්‍රසේකරයන්ගේ පදවැල අපූරුවට සංයෝජනය වි ඇත එය සහෘද හදවත මෙතරමි සසල කලේ මේ සංයෝජනයේ ඇති ගැලපීමයි
සැබැවින්ම අල්තිනායි ගමට එන විට දුයිෂේන් ලියුමි බෙදන්නෙකි පැනමඩ කඩිති ගීතයේ එන ගුරුවරයාද මූසිලයන්ට උඩුමාළට යන්නට සලස්වා වැව්තාවුලුු වලින් එතෙරෙව තවමත් ඉස්කොලේ යයි මෙි නිර්මාණයන් ඒ නිහඬ සේවයේ නියුතු ආදරණිය ගුරුවරුන්ගේ සැබැ තත්ත්වය සිතන්නට මඟපාදා දෙයි චන්ද්‍රසේකරයන් ද වෘත්තියෙන් ගුරුවරයෙකි ඔහු අමිපාර පානමිපත්තුවෙි හා අනුරාධපුරයේ ගුරුවරයෙක් වශයෙන් සේවයේ නියුතුව සිටි කාලයේ ලද අත්දැකීමි ඔහුගේ නිර්මාණ වලට වස්තුවිශය විය පැනමඩ කඩිති ගීතයද එලෙස ලබා ගත් අත්දැකීමි හා රචකයාගේ ගැඹුරු පරිකල්පනයත් සංවෙිදි සිතුවිල්ලේත් ඵලයකි
මටත් තියෙනවා හීන ගොන්නක් කවදා හෝ තෑගි ගොඩක් ගෙන ආදරණිය ගුරු අමිමාවරු තාත්තාවරු බැහැ දකින්න යන්න එය සිල්ලර හීනයක් නමුත් මා දැන් ඊට වඩා ගැඹුරු හීනයක් දකිනවා ඒ මගේ ආදරණිය ගුරුවරු මගේ ජීවන ගමන සාර්ථක කරගන්නට කපා දුන් මඟ ඔස්සේ හිනි පෙත්තටම  ගොස් ඒ සොඳුරු පරාර්ථකාමීන් නැවතු තැනින් ඒ කර්තව්‍ය ඉදිරියටම ගෙන යන්න

චන්ද්‍රසේකරයන්ගේ මේ ගීතය ලෝකයේ සෑම තැනම නිහඬ පරාර්ථකාමිත්වය වෙනුවෙන් කැප වෙන දුයිෂේන්ලාට උපහාරයක් වන අතර ඔවුන්ගේ ජීවිතයේ ඇති ඛෙිදනීය පැතිකඩත් මුළුමහත් අධ්‍යාපන ක‍්‍රමය තුළ ඇති අර්බුදයත් පිළිබඳ සහෘද මනස යොමුකරවන සාර්ථක නිර්මාණයකි ඒ සඳහා ඔහුගේ බස හැසිරවිම අපූරුය ව්‍යංගාර්ථවත් බස උචිතව යොද තීබිම මෙම නිර්මාණයේ සාර්ථකත්වට හේතුවකි

ජනප‍්‍රිය සංස්කෘතිය හා වින්දනීය රියැලටිි කලාවේ බලපෑම

ජනප‍්‍රිය සංස්කෘතිය හා වින්දනීය රියැලටිි කලාවේ බලපෑම

වර්තමානයේ  ජනප‍්‍රිය සංස්කෘතිය ද ජනප‍්‍රිය කලාවද විසින් මිනිසා  පාරිබෝගික භාණ්ඩ බවට පත්කරගෙන ඇත.මෙහි වැදගත් කාර්යයක් ඉටුකරන්නේ ජනමාධ්‍යයන්ය.ඒ අතරින් රූපවාහිනි මාධ්‍ය ප‍්‍රමුඛ වෙයි.වත්මන් ලෝක මාධ්‍ය පද්ධතිය තුළ රූපවාහිනිය වඩාත් ප‍්‍රබල මෙන්ම බලපෑමි සහිත මාධ්‍ය ලෙස ක‍්‍රියාකරන බව පෙනෙයි.ඒ බව රූපවාහිනි ආරමිභක සමයේ ඇස්තමෙින්තුගත ලැයිස්තු අනුව රූපවාහිනි යන්ත‍්‍ර වල වැඩි වීමත් යන සංඛ්‍යා ලේඛන අනුව පෙනී යයි.1979 දි ලංකාවට රූපවාහිනිය හඳුන්වා දීමත් සමඟ එය මෙරටද විශාල වශයෙන් ව්‍යාප්ත වන්නට විය.අද වන විට රූපවාහිනිය යනු හුදු තොරතුරු ඉදිරිපත් කරන වාර්තාකරණ සන්නිවෙිදන මාධ්‍යයක් නොව මිනිසාගේ සංස්කෘතියට ආර්ථිකයට සමාජයට අධ්‍යාපනය ආදි සියලු විශය ක්ෂේත‍්‍රයන්ට බලපෑමි කරන්නා වූ මාධ්‍යයකි.එය විනෝදාස්වාදය ඔස්සේ ග‍්‍රාහකයා තමන් වෙත ඇඳබැඳ තබා ගැනීමට සමත් වී ඇත.එම විනෝදාස්වාදය උදෙසා ඔවුන් නොයෙකුත් ක‍්‍රියාමාර්ග ඔස්සේ විවිධ අකෘතීන් මගින් වැඩසටහන් නිෂ්පාදනය කරන අතර ඊට අතිවිශාල පිරිවැයක් දරමින් පේ‍්‍රක්ෂකයා වෙත යුහුසුළුව ලබා දීමට කටයුතු කරන බව පෙනෙයි.ශ්‍රී ලාංකීය ඇතුළු ආසියානු කලාපීය මෙන්ම යුරෝපීය ආදි ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරන ආකෘතිය වන්නේ පේ‍්‍රක්ෂකයන්ට විනෝදය ලබා දෙමින් ඔවුන් පිනවීමයි.මෙගාටෙලිනාට්‍ය සංගීත වැඩසටහන් ක‍්‍රිඩා ආදි නොයෙකුත් වැඩසටහන් අතර  රූපවාහිනි මාධ්‍ය තුළ රියැලිටි වැඩසටහන් කලාව ලෝකය පුරාම නවතම ආකෘතියක් වෙමින් ජනප‍්‍රීය සංස්කෘතිකාංගයක් බවට පත් ව ඇත.

යුරෝපීය රටවල් හී රූපවාහිනි මාධ්‍ය මූලික කරගෙන ආරමිභ වූ මෙම රියැලිටි වැඩසටහන් ආකෘතිය ආසියානු කලාපීය රටවල් පමණ ඉක්මවා වැළඳ ගෙන ඇත. අද ජනප‍්‍රිය සංස්කෘතිය තුළ නිරිමාණය වී ඇති හුදු විනෝදයම පමණක් අරමුණු වූ ජනමාධ්‍ය කලාව මිනිසාගේ මනස මෙහෙයවයි.සත්‍ය ජිවිතයෙන් මෙහොතකට අමුතුම තරු ලොවකට රැුගෙන යන රියැලිටි කලාව තුළ මිනිසාගේ සැබැ ප‍්‍රශ්න සැබැ ජිවිතය මොහොතකට අමතක කරවයි.සුපිරි තරුව තේරිමෙි අවස්ථාව ජනතාවට ලබා දී එය භාරදුර්ය කාර්යයක් බව ඒත්තුගන්වා අපට දැනට තිබෙන ලොකුම ගැටලුව සුපිරි තරුව කවුරුන්ද යනවග පමණක් ම කිරිමට රියැලිටිය සමත් වෙයි.එනමි ව්‍යාජ මානසික අවශ්‍යතා ඇතිකරමින් පරිබෝජනවාදි ධනේෂ්වර ඇවැතුමිපැවතුමි කෙරෙහි ජනතාව කීකරු කරවයි.ග‍්‍රාහකයා වෙත විනෝදාස්වාදය සැපයීමෙි අරමුණ ඇති වැඩසටහන් නිෂ්පාදනය කිරිම මගින් ඇති වන්නේ ජනප‍්‍රිය සංකල්පයකි. මෙි තුළින් මාධ්‍යජාල අතර තරඟය ඇති වී RATING මිත්‍යාව පසුපස දුවත මාධ්‍ය ආයතන තුළින් විටෙක නොනිසි දේ නිසිදේ ලෙසත් හුවා දක්වමින් විවිධ වැඩසටහන් ආකෘති නිර්මාණය කරමින් තරඟයට විකාශනය කරයි.උදාහරණ ලෙස CHAMPION STAR රියැලිටි වැඩසටහන තුළ භාවිතා වන භාෂා විලාසය හා පූරකයන්ගේ හැසිරීමි විලාසය රූපවාහිනි වැනි ජනමාධ්‍යයක් තුළට ගැලපෙනවාදැයි විමසිය යුතුය.


 මෙම වැඩසටහන කෙරෙහි පේ‍්‍රක්ෂක ආකර්ෂණය ඉතාම ඉහළය. එක්වරක් නවතා තිබු වැඩසටහන නැවත ප‍්‍රචාරය කිරිමට ආදාල ආයතනය තීරණය කරන්නේද එබැවින්ය. එමෙන්ම වැඩසටහන තුල නොයෙකුත් ආහාර හදුන්වා දීම බීම වර්ග හඳුන්වා දෙමින් නැති ගුණ ප‍්‍රකාශ කරමින් වැඩසටහන තුළ අපූරුවට වෙළඳ ප‍්‍රචාරණයද සිදුකරයි.සැබවින්ම පරිබෝජනවාදි ධනේෂ්වර ඇවතුමිපැවතුමි කෙරෙහි ජනතාව යොමු කිරිම මෙමගින් දැකගත හැකිය.යාථාර්ථය යන අර්ථය ලත් රියැලිටි වැඩසටහන් ජනප‍්‍රිය සංස්කාතිය මගින් විටෙක අසමිමත චර්යාන්ට මඟපාදන්නකි.එයින් බිහි වූ සුපිරි තරු කෙරෙහි මෙරට කාන්තාවන් තුළ මෙන්ම පිරිමීන් තුළ ද පැවතියේ උන්මාදයකි.ඔවුගේ කොණ්ඩා විලාසිතා ඇඳුමිපැළඳුමි  අනුකරණය කරන්නට යෑමෙන් ම ජනප‍්‍රිය සංස්කාතිය තුළ රියැලිටි කලාව කෙතරමි බලපෑමිකාරිද යනවග පැහැදිලිය. රියැලිටිකලාව හැඳින්වීමෙිදි එය සමාන්‍ය පොදු ජනතාව භවිතා කරමින් නිර්මාණය වූ වැඩසටහනකි. එනමි සමාන්‍ය ජනතාව අතරින් ගායන තරුව නර්තන තරුව තෝරා අතිවිශාල ත්‍යාග මුදල් ලබා දීම මෙහි අකෘතියයි.රියැලිටි වැඩසටහන් වාණිජ්‍ය කර්මාන්තයක් ලෙස ජනප‍්‍රිය වීම හරහා දැන්වීමි විශාල වශයෙන් ලැබීම යන හේතු කාරණා මත බොහෝ මාධ්‍ය ආයතන මෙි අකෘතියේ නිෂ්පාදන වලට පෙළබෙන්නේය. එමෙන්ම සමාන්‍ය ජනතාව අතර වන තරඟයක් බැවින් මෙය උන්මාදයක් ලෙස පේ‍්‍රක්ෂකයන් අතර ජනප‍්‍රිය වූයේ තමන් වැනිම වූ සමාන්‍ය ජනතාව මෙහි සිටිමයි මෙම වැඩසටහන් තුළ තරඟකරුවන් හඬා වැටෙන අවස්ථා සතුටින් ඉපිල යන අවස්ථා උපහාසයට ලක්වන අවස්ථා ආදි ගෙනහැරපාමින් වැඩසටහන අධි සංවෙිදිකරණයට ලක්කරමින් පේ‍්‍රක්ෂකයන් ඇඳබැඳ තබාගැනිමට උත්සහා ගනියි.ජනප‍්‍රිය සංස්කෘතිය තුළ කලාව වෙළද භාණ්ඩයක් බවට පත්කිරිමෙි තවත් අදිරයක් බව රියැලිටි හඳුනාගත හැකිය.
ලංකාවෙි මෙි වන විට නවතම රියැලිටි වැඩසටහන ලෙස HIRU STAR හඳුනාගත හැකියි. අධිතාක්ෂණය හා සුපිරි රියැලිටි අත්දැකීමක්  මෙරට පේ‍්‍රක්ෂකයන්ට ලබා දෙමින් බටහිර වැඩසටහන් අනුකරණය කරන බව පෙනෙයි.පේ‍්‍රක්ෂකයන්ගේ රුව පුළුල් ඩිිජිටල් තිරය මත දිස්වන ආකාරයට තාක්ෂණය යොදාගෙන ඇත . රියැලිටි නොවෙයි ඔිනෑම ජනප‍්‍රිය වැඩසටහනක පැවැත්ම රඳා පවතින්නේ පේ‍්‍රක්ෂකයා තමන් වෙත රැුඳි ඉන්නවානමි පමණි.එහෙයින් ලාභය මත වෙළඳපොළ අවශතාවය වෙනුවෙන් ක‍්‍රියාකරන ජනමාධ්‍ය පේ‍්‍රක්ෂක ආකර්ෂණය වෙනුවෙන් විවිධ උපක‍්‍රම යොදයි. රියැලිටි වැඩසටහන් හරහා තරඟකරුවන්ගේ පෞද්ගලිකත්වය ඔවුන්ටම නොදැනි විකිණෙයි. රියැලිටි වැඩඩසටහන් සමස්තයක් ලෙස විපලායනය හෙවත් සැබැ ජිවිතයෙන් පැනයාමට ජනතාවට උපකාර කරන තවත් ජනප‍්‍රිය සංස්කෘතික මාධ්‍ය නිර්මාණයකි.ආධුනිකයන්ට දක්ශතා පෙන්වීමට අවකාශ මෙමගින් ලැබෙන නමුත් රියැලිටියේ ඇතැමි අංග හරහා ජනප‍්‍රිය සංස්කෘතියේ නිස්සාරත්වය පෙන්වයි උදාහරණ වශයෙන්  ලංකාවෙි නලුනිලියන් යොදා ගෙන කෙරෙන ඇතැමි රියැලිටි වැඩසටහන් එවැනි නිස්සාර බව පෙන්වයි. උදාහරණ DANCE UNLIMITED / DERANA STAR CITY රියැලිටි වැඩසටහන් වලදි ග‍්‍රාහකයින් මායා ලෝකයක හුදෙකලා කිරිම සදහා ලෝකය පුරා මාධ්‍ය නිෂ්පාදකයින් යොදාගන්නා උපක‍්‍රම කිහිපයක් පවති.
x          නාටකීය ගැටුමි (මෙි ගැටුමි බොහෝ විට කලින් සැලසුමි කළ ඒවාය* එම ගැටුමි සංස්කරණය නොකර සේ මතුපිටින් පෙන්වන ආඛ්‍යානයක් ඔස්සේ දිව යෑමට ඉඩ සැලැස්වීම
x          ගායන වාදන නර්තන ආදි ක්ෂේත‍්‍ර වලින් ඉදිරියට පැමිණි තරු ප‍්‍රවීණයන් අනුකරණය කිරිම
x          මෙිවාට සමිබන්ධ වන පුද්ගලයින් සදහා ඔවුන්ගේ සැබැ ජිවිතය වෙනුවට ක‍්‍රමයෙන් අලුත් චරිතයන් නිරිමාණය වීම (ඔවුන්ගේ ඇඳුමි ඇතුලු විලාසිතාවන් වෙනස් වීම ආදිය මගින් රියැලිටිය සංවෙිදිකරණයකට ලක්කෙරෙයි*


මෙම ශිල්ප ක‍්‍රමය හුදෙක් ග‍්‍රාාහකයින් මුලා කිරිමට හා මායා ලෝකයක තනි කිරිමට සමත් වන බව පෙනෙයි.අද වන විට රියැලිටිය ජාතික පෞද්ගලික සියලුම නාලිකා වල සති අන්තයේ ගුවන්කාලයෙන් වැඩිකාලයක් හිමිකරගෙන තිබෙයි.ගායන වාදන පමනක් නොව වෙනත් වෙනත් ක්ෂේත‍්‍ර තුළින්ද රියැලිටිය බිහිවන බව ලාකික උදාහරණ තුළින්ම පෙනෙයි. උදාහරණ ලෙස සූප ස්ටාර් වැනි ආහාර සකසන්න් තේරිමෙි තරඟගත හැකිය. සමස්තයක් ලෙස මෙම ජනප‍්‍රිය වැඩසටහන් කලාව හරහා ඇති වී ඇති බලපෑම
         ප‍්‍රවීණ කලාකරුවන් අපහසුතාවයට පත්වන අවස්ථා කීර්තිනාමයට අගෞරව වන අවස්ථා
         තරඟකරුවන්ගේ පෞද්ගලිකත්වය විකිණිම ඇතැමුන් විහිලුවකය ලක් වීම ගෞරවය බිඳවැටීම ආත්ම විශ්වාසය බිද වැටිම
         නවතම විලාසිතා සමාජගත වීම
         ප‍්‍රවීණ ශිල්පීන් අනුකරණය
         පූරක තනතුර විහිලුවකට ලක් වීම ඔවුන්ගේ වෘත්තිය බව අහිමි වීම මංදයත් මේ සදහා නලුනලියන් යොදා ගැනිම හරහා
         සංස්කෘතික බලපෑමි
සැබවින්ම සමාන්‍ය ජනතාව එදිනෙදා ජිවිතයේ රැුකියා කටයුතු සිදුකොට නුතනයේ කාන්තාවන් ගෙදරදොරේ වැඩකටයුතුකරන ගමන් රැුකියා වලද නිරත වෙයි. මෙවැනි කාර්ය බහුල ජිවිතගත කරන්නන් යමිකිසි තෘප්තියක් ලැබිමට රූපවාහිනිය උපකාරි වෙයි. එනමුත් සමාජ දේශපාලනික වශයෙන් පවතින්නා වූ සැබැ යථාර්ථය කෙරෙහි අවධානය ඔවුන් වෙතින් ගිලිහෙයි. රූපවාහිනිය ඇතුලු ජනමාධය මගින් ගෙන යන ජනප‍්‍රිය සංස්කෘතිය මගින් තමන්ගේම ප‍්‍රශ්න අමතක කර දැමිම හා සුපිරි තරුව තේරිම වැනි තවකාලික ප‍්‍රශ්න මිනිසා තුළ පටවයි. මෙමගින් මිනිසා තුළ සරල වින්දනය ඇති කරමින් රියැලිටියේ කොටස්කරුවන් බවට මානසිකව වශයෙන් ඔවුහු පත්වන්නේය. යුරෝපයේ BIG BROTHERS  වැඩසටහනෙන් ආරමිභ වූ රියැලිටිය ලංකාව තුළට පැමිණෙන්නේ පෞද්ගලික නාලිකාවක් වූ සිරස නාලිකාවෙි SUPER STAR වැඩසටහන හරහායි එතැන් පටන් සියලුම නාලිකා මෙි  කලාව අනුකරණය කරමින් ජනප‍්‍රිය සංස්කෘතියේ පවතින අංගලක්ෂණ පෙන්නුමි කරයි. යාථාව යැයි නමි ලද්දක් වුවත් රියැලිටිය අධික වියදමක් දරා නිෂ්පාදනය කරමින් නලුනිලියන්ගේ අඩනිරුවත සමිප‍්‍රපලාපය ආදිය තුළින් ජනප‍්‍රිය සංස්කෘතියේ නිස්සාරත්වය මැනවින් පිලිබිබු කරයි.   ව්‍යාපාරික චින්තනය ප‍්‍රමුඛකොට ගත් මෙය තරුණ ප‍්‍රජාවන්ගේ කුසලතා වර්ධනය කිරිම පරමාර්ථයෙන්  පමණක්  පසු වූවා යැයි කීම අපහසුය.ජනප‍්‍රිය සංස්කෘතිය යනු ලොව ගිනිගත්තත් නීරෝ වීණා වාදනය කරන්නාක් වැනි දෙයකි. රියැලිටි කලාව තුළින්ද සිදුවන්නේ ඒ දේමය.ජිවිිතයේ ගැඹුර සොයා යනවා වෙනුවට  සරල ක්ෂණික වින්දනයක් වෙත ඉඩ සැලසීම මෙමගින් සිදුවන්නේය. ගැඹුරු කලා නිරිමාණ මෙන්ම සැබැ ජනකලාවන් යටත්කරගනිමින් සරල ක්ෂණික වින්දන මාධ්‍ය ජනප‍්‍රිය සංස්කෘතිය විසින් හෙලිදරවි කරයි එහි තවත් අංගයකි රියැලිටි කලාව.


ආශි‍්‍රත ග‍්‍රන්ථ


ජනප‍්‍රිය සංස්කෘතිය හා මාධ්‍යය” ; දර්ශන අශෝක කුමාර 2013.කොළඹ 10 ප‍්‍රථම මුද්‍රණය