මනුෂ්‍යයත්වය |
Friday, June 7, 2019
කැළැ හඳ - ඩබ්ලිව් ඒ් සිල්වා
කැළැ හඳ - ඩබ්ලිව් ඒ් සිල්වා |
සිංහල නවකතාව කලාත්මක නව මගකට යොමු කළ ශ්‍රේෂ්ඨ
නවකතා කරුවකු ලෙස ඩබ්ලිව් ඒ සිල්වා ශූරීන් හැඳින්වීම නිවැරදිය
සිංහල සිනමා සිත්තමට ඔහුද ඔහුගේ කැලෑහඳ හිගන කොල්ලා දෛව්‍ය
යෝගය වැනි නවකතාවලින් ලැබුණේ දැවැන්ත ආලෝකයකි
ඒ් පිනෙන් පහල වූ එම ගත් කතුවරයෙකු ගේ නවකථාවල
එක් පැතිකඩක් විවරණය කොට දැක්වීම මෙහි අරමුණයි
එනම් එතුමා සිය නවකතා වලින් කාන්තාව
ප්‍රතිනිර්මාණය කළ අයුරු හඳුනාගැනීමය එය අප සමාජයට වඩා වැදගත් වන්නේ නිරතුරුවම අද අපට
අසන්නට දකින්නට ලැබෙන පරිදි කාන්තාව දෙස හෙලන දෘෂ්ටි කෝණය අන් කවරදාටත් වඩා ඉතා ආනාදරණීය
වී ඇති බැවිනි ආදරණීය සාහිත්‍ය කෘති වඩාත් අත්‍යවශ්‍ය වන්නේ ආදරණීය සමාජයකටය
කාල්මාක්ස් පවසන අයුරින් කිසියම් සමාජයක ප්‍රගතිය
මැන ගත හැකි වන්නේ ඒ සමාජයේ කාන්තාවන්ගේ තත්වය දෙස බැලීමෙනි
එමෙන්ම ගාන්ධිතුමන් පවසා
ඇත්තේ සොළොස් හැවිරිදි රූමත් ස්ති‍්‍රයක් අන්ධකාරය පැතිරිනු රෑක භාරතයේ එහා කොනේ සිට
මෙහා කොණ දක්වා තනිව කිසිදු බලහත්කාර ක්‍රියාව ලක් නොවී යාහැකි නම් ඔහු භාරතය සමෘද්ධිමත්
හා නිදහස් නිවහල් දේශයක් ලෙස පිළිගන්නා බවයි
මේනිර්වචන ද්විත්වයම නිරායාසයෙන්ම යොමු කරන්නේ අද අප සමාජයේ ලබා ඇත්තේ
කිනම් ප්‍රගතියක් ද යන්න සිහිකිරීමට ය පුරුෂයාට මෙන්ම කාන්තාවටද සම මානුෂික අගයක් එක්
කළ ලේඛකයකු ලෙස ඩබ්ලිව් ඒ සිල්වා සූරීන් ප්‍රමුඛය ඩබ්ලිව් ඒ සිල්වා මහතා සහ මාර්ටින්
වික්‍රමසිංහ මහතා ස්ත්‍රී ප්රශංසාර්භ ගුණය
ඉදිරිපත් කරති
සිල්වා ශූරීහු හිඟන කොල්ලා පාසල් ගුරුවරිය සුනේත්‍රා
කැලෑහඳ හඳ දෛවයෝගය රදළ පිළිරුව වැනි නවකතාවන්හි ඔහු ස්ත්‍රී චරිත්යෙන් ඉහත සඳහන් ප්‍රශංසාව
ගුණයෙන් ප්රතීයමාන කළහ අද සමහර කෘතියක දැක්වෙන පරිද්දෙන් සිල්වා ශූරීහු බිරිඳකගේ උසස්
බව පිරිමි කිහිප දෙනෙකු කරායන දුෂ්චරිතයන් ලෙසින් මහත් අභිරුචියකින් වර්ණනා කරමින්
බිඳ දැමුවේ නැත සෑම මනුෂ්‍යයෙකු තුලම පවතින් මානුෂික හැඟීම් ඈ තුළ ද පිහිටුවමින් කතුවරයා
පතිනියකගේ පිවිතුරු බව ආරක්ෂා කළේය විශේෂයෙන්ම
සමාජයෙහි ස්ත්‍රී පුරුෂයන් අතර සිදුවන අකටයුතුකම් පුන පුනා වර්ණය කර දැක්වීමට ලේඛකයන්
තම ප්‍රතිභාව ශක්තිය වැය කළයුතු නැත දුශ්ශීල යෙදෙන්නන් සුචරිතයේ පිහිටුවාලීමේ සමාජ
මෙහෙවර ලේඛකයා සතු බව ඔහු අමතක නො නොකළ යුතුය නිරතුරුවම තම නවකතා මඟින් නිරූපණය කරන්නේ ගැහැනු පිරිමි යන මේ දෙපාර්ශවය
තුළම මිනිසාට හිමි පොදු ගති ලක්ෂණ සම සමව පිහිටා ඇති බව ය පිරිමින් සතු උසස් ගුණධර්ම
ගැහැනුන් තුලද පවතින බවත් ගැහැනුන් තුළ පවතින දුබලතා පිරිමින් තුළ ද පවතින බවත් ඔහු
මැදිහත් සිතින් දුටුවේය
සිනමා සිතුවමක් ලෙසින් ප්‍රථම වරට සිනමාවට එක් වූ නවකතාව කැලෑහඳ
ය 1933 දී එය බිහිවන්නේ සිල්වා ශූරීන්ගේ ශ්‍රී
හස්තයෙහි කැලෑහදෙහි ඒන ඇඩා ජයපාල මවක ලෙසින්
දෙවැනි විවාහයකට ද අවතීර්ණ වී සිය පුත්‍රයා වෙනුවෙන් සිය ජීවිතය කැප කළ උතුම් කාන්තාවකි
එමන්ම මෙහි එන ඩෙිසි අත්තනායක ද සිය සැමියා වෙනුවෙන්ම කැප වූ උතුම් ස්ත්‍රී රත්නයකි
එහි සුවිශේෂීතම චරිතය ලෙස මා දකිනා මාලනිය ද ඉතා උසස් ගුණ ධර්මයෙන් හිමි බිරියක් පෙම්වතියක්
මෙන්ම උතුම් කුල කතකි පිටිසර ගම්මානයක ජීවත්වූ
දිළිඳු මෙන්ම ඉතා රූමත් යුවතියක නමුත් ඉහල පෙලේ බලවතුන්ගේ හා නූගත් ගම්මුන්ගේ බලවත්
විරෝධතා මැද තම ප්‍රේමය ජය ගැනීමට අවස්ථාවක් ලබා ගන්නා යථෝක්ත ගැමිලිය අවසානයේදී තම
ආත්ම පරාජය ජීවිතයද මරුවාට කැප කරයි මෙන්ම කුලවත් සමාජයෙහි වෙසෙන ජෝන් ජයපාල හා විවාහ
වන මාලනියගේ විවාහ ජීවිතය තෙමසකින් අවසන් වන අතර ජෝන්ගේ විසි වන විෙයහි මනස තවත් සොඳුරු යුවතිය දෙසට ආකර්ෂණය වේ සිය සැමියා වෙනුවෙන්
අවංක ගුණධර්මයෙන් අපමණ දුක් විඳිමින් ලොව ප්‍රසිද්ධ නාට්යාංඅංගනාවක් වී නැවත පැමිණ
සිය සැමියා ලබාගැනීමේ අවස්ථාව ඇයට ලැබුණ ද ජෝන්ගේ දෙවැනි බිරිය ගේ ජීවිත සතුට ඈ සිය
සතුට වෙනුවෙන් විනාශ කරදැමීමට නොසිතයි ආදරේ නියම අරුත පසක් කරමින් ඈ තවත් ස්ත්‍රියක්
වෙනුවෙන් තම ප්‍රේමය පරිත්‍යාග කරයි
ඔබ කැටුව යන්නේ මට සෙරක වෙනුවෙන් නැගෙන
අපවාදය දුරු කළ නොහැකි ඔබේ මතු දියුණුවට අපකාරයක් විනා උපකාරයක්ද කළ නොහැකි ඔබ නැතිව
යන මට මේ ගමන හැර අන් ගමනක්ද යා නොහැකි හෙයින්
මම මේ ගමන යන්නෙමි
සිය පෙම්වතාගේ මතු දියුණුව වෙනුවෙන් ඇය මෙලෙසින්
ජීවිතයෙන් සමු ගනී මේ අයුරින් සිරියලතා හිඟන
කොල්ලා ළමා හාමි හඳපාන ෙමවැනි තරුණියද ස්ථර ගුණයෙන් හෙබි පෙම්වතියන්ය හඳපානේඒන එක්තරා නාගරික තරුණියෙකුගේ චපල කමෙන් වේදනා
ලද සේන මුළු ගැහැණු සංහතියටම නිග්‍රහ කරමින් පහත් ලෙස සලකන
විට කතුවරයා ඔහුගේ මිතුරා මාර්ගයෙන් පවසන්නේ සියලුම කාන්තාවන් චඵල නොවන බවයි එමන්ම
ඩබ්ලිව් ඒ සිල්වා නිරූපණය කර ඇති කාන්තාවන්ගෙ සුවිශේෂිත්වය ඔවුන් බුද්ධිමත්යඒතුමන්
පුරාතන හා ආධුනික කාන්තාවන්ගේ ගුණ ස්වභාව දක්වමින්
ඉස්මතු කර දැක්වීමට උත්සාහ දරා ඇත්තේ අධ්‍යාපනය කාන්තාවන්ට ද අත්‍යවශ්‍ය දායාදයක් වන
බවයි පුරුෂයාට මෙන්ම ස්ත්‍රියද අධ්‍යාපනයයේ අවශ්‍යතාවය දක්වමින් උගත් බුද්ධිමත් කාන්තාවට
ජීවිතයේ යථාර්ථය දැකීමේ හැකියාව ජීවිතයේ අභියෝගවලට මුහුණදීමේ හැකියාව සාර්ථක ලෙස විවාහ
ජීවිතය ගෙනයාමේ හැකියාවක් ඇති වන බව පෙන්වා දෙයි එතුමන් තම කෘති තුළින් සිය ලේඛන ශක්තිය
මෙහෙයවා උත්සාහ දරා ඇත්තේ සමාජය කාන්තාව දෙස හෙළන දෘෂ්ටිය ආදරණීය කරලීමටය මිනිසා උත්සාහ
දැරිය යුත්තේ හඳට යෑමට නොව හදවතට ගමන් කිරීම්ට ය යනුවෙන් අදිකාරම්තුමා පැවසුවාක් මෙන්
වත්මන් ලේඛකයාද උත්සාහ දැරිය යුත්තේ කාන්තාවකගේ නිරුවත් මහත් අභිරුචියෙන් වර්ණනා කිරීම්ට
නොව කාන්තාවන්ගේ හදවතේ ඇති උතුම් ගති ලක්ෂණ නිරුවත් කොට මිනිස් හදවත් තුළ කාන්තාව පිළිබඳ
ආදරණීය මෙන්ම ගෞරවනිය ආකල්පය ඇතිකොට වර්ධනය කරලීමට ය
සරසි රණසිංහ
Subscribe to:
Posts (Atom)
-
යෝ චේ වස්සසතං ජීවේ - කූසීතෝ හීන විරියෝ ඒකාහං ජිවිතං සෙය්යො - විරියමාරභතෙ දළ්හං ධම්මපදය සහස්ස වග්ගය 13 කම්මැලියකු ගේ ස...
-
පරිසර සන්නිවේදනය මානව සම්භවයත් සන්නිවේදනයත් බිහි වූයේ එකටමය එතරම්ම සන්නිවේදනය හා මානවයා අතර පවතින්නේ තද සම්බන්ධයකි සන්නිවේදනයෙ...
-
ජනප්‍රිය සංස්කෘතිය හා වින්දනීය රියැලටිි කලාවේ බලපෑම වර්තමානයේ ජනප්‍රිය සංස්කෘතිය ද ජනප්‍රිය කලාවද විසින් මිනිසා පාරිබෝගික භාණ්ඩ බව...
-
රුපවාහිනියෙන් නීරූපිතප්රචණ්ඩත්වය හා ළමා මනසට කෙරෙන බලපෑම මනස යනු ශරීරයේ වැදගත්ම අංගයකි . මනස මොළය මගින් පාලනය වන්නකි ....
-
හුදෙකලාව ජීවත් වූ මිනිසා සමූහයක් ලෙස ජීවත්වීමට පටන් ගැනීමත් සමග විවිධ සොයා ගැනීම් සඳහා ද යොමු විය. යුරෝපයේ ඇතිවූ නව කාර්මික පුනරුදයත් සමග ...