Tuesday, June 25, 2019

බින්තැන්නේ වැද්දෝ


ශ්‍රී ලංකාවේ තවමත් මහියංගනය දඹාන වැනි  ප්‍රදේශවල වෙසෙන  ආදිවාසී ජනතාව තුළින් පිළිබිඹු වන සාම්ප්‍රදායික  සන්නිවේදන ලක්ෂණ පිළිබඳ සාකච්ඡාවකි මේ



වැද්දා යනු  ආදි මානවයාගේ සම්භවයක් වශයෙන් මානව විද්‍යාඥයන් හඳුන්වා ඇත ප්‍රාග් ආදි මානවයාගේ සිට යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පසුව ආර්යයන්ගේ පැමිණීමෙන් පසුව වැදි ජනතාව  වෙනත් ජන කොටස් හා මිශ්‍රව ශිෂ්ට සම්පන්න විය පසුව 1815 න් පසුව හේන් ගොවිතැන් හා මිශ්‍රව ගොවිතැනට හුරු විය ආදි මානවයන්ගේ පරපුරට අයත් යැයි සැලකෙන යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවත එන වැද්දන්ට එම නම භාවිතා වන්නට වූයේ දුන්නෙන් විද සතුන් දඩයම් කිරීමෙන් ජීවත් වූ නිසාය

 බොහෝ කලකට පෙර ලංකාව පුරාම විසිරී ගියේ යැයි සැලකෙන වැද්දන් පසු කාලයේදී මහා වැදි රටට පමණක් සීමා විය
  ඉන් පසුව ඇතිවූ විවිධ හේතූන් නිසා ලංකාවේ දැනට ශේෂව ඇති මෙම ආදිවාසී ජන කණ්ඩායමේ වඳවීම ශීඝ්‍රයෙන් ඉහළ යන්නට විය ඒ හේතුවෙන් වර්තමානය වැද්දන් දක්නට ලැබෙන්නේ මහියංගණය ආශ්‍රිතව සොරබොර දඹාන හේනේගල ‌ දිවුලාන පෙදෙසේ ඌව බින්තැන්නට අයත් රතුගල හා දිගාමඩුලු බින්තැන්නට අයත් මහඔය පෙදෙසේ පොල්ලේබැද්දේ යන ගම්මාන කිහිපයක පමණි  ජන සංඛ්‍යා පවුල් 1500ක් වෙතැයි සැලකේ
 ඉපැරණි සම්ප්‍රදායන්ට අනුව අයත් මෙම වැද්දා වර්තමානයේ දක්නට නැත පැරණි වැද්දන් ගසකින් උගුල්ලා ගන්නා ලද තරමක් ලොකු පොත්තතකින් තම ඇඳුම සකස් කර ගන්නා ලදී ශිෂ්ටාචාරය වනපෙත ආක්‍රමණය කිරීමේ හේතුවෙන් හා එමෙන්ම විවිධ ජාතීන්ගේ සම්මිශ්‍රනයෙන්  ආදිවාසීන්ගේ ජීවන චර්යාව වෙනස් විය නමුත් ආදි වැද්දාගේ පැවත එන්නන් අතර යම් තරමකින් හෝ අඩු වැඩි වශයෙන් ඉපැරණි  ගෝත්‍රික ලක්ෂණ තිබේ උසස් පරපුරක ට උරුමකම්  කියන ඔවුන් තම තමන්ටම  ආවේණික  වාරිත්‍ර අභිචාරවිධි හිමි ජනකොටසකි
බොහෝ විට  කැලෑ බිම් ආශ්‍රිතව අනිකුත් ජන කොටස් වලින් ඈත්ව ජීවත් වීම නිසා ඔවුන් සතුව පැවති සංස්කෘතික ලක්ෂණ බොහෝ කලක් නොනැසී පවතී වැද්දන්ට තමනට හිමි ඇදහීම් රටාවක් හා සමාජ නීති රීති සමුදායක් වූ සීමිත වචන සමුදායකින්  යුතු භාෂාවක් භාවිතා කල  මිනිස් කොටසකි ආහාර සොයා ගැනීමේදී ගැටලු හා ගැටුම් වලට ලක් නොවන අන්දමට තම දඩමීමා වෙන්කර තිබිණි එසේ වෙන්කරගත් සම්මත මායිම් ලකුණු වූයේ කඳු වැටි ගල්පර්වත දියඇලි ගංගා ඇළ කඳුරු ආදිය
මෙසේ ස්වභාවික සීමාමායිම් භාවිත කළ නොහැකි භූමියක මායිම් ලකුණු කලේ දුනු හණ ගස් වල කෙටි‌ෙමෙනි   මෙසේ ගල් වලද කොටා සීමා ලකුණු කරයි මෙවැනි ගල්වල කෙටු සලකුණු නිදන් වස්තු යැයි  සමහරු සිතති

 එකල සිටි වැද්දන් සිය දේපළ වැඩිමහල් පුතාට හෝ බෑණාට පවරයි එසේ පවරන  වස්තූන් අතර මේ සීමා කල දඩබිම් ද ලකුණු කෙට් මී බඹර ද වෙයි මෙසේ පවරාදීමේ සංඛකේතය වශයෙන් තිරිවානා ගලක් යොදාගත්තේය
වැද්දත් ‌කෙස්  ‌රොද කින් ගල වටා එතීමෙන් එය සහතික කරයි එමෙන්ම පෙර කළ රජවරුන් මැතිඇමැතිවරුන් දඩමස් ගැනීමට වැද්දන්ට පහින පත් යවති මෙම අවශ්‍යතා සපුරා දීමේ වැද්දාට තෑගි තෑගිබෝග ලැබේ ඒ්වායේ විවිධ සන්නිවේදනයන් සිදු ‌වෙයි
// මුව මස් වල සංකේතය
//------ මුව කදන්
0 මී පැණි
වැදි ජනතාව අතරින් විවාහ චාරිත්‍ර වලින්  පිළිබිඹු වන සාම්ප්‍රදායික සන්නිවේදන ලක්ෂණ විග්‍රහ කර බැලීමේදී මොවුන්ගේ විවාහ චාරිත්‍ර චාම් ලෙස සිදුවේ   ඇතැම් වැදි   දැරියන් වැඩි විය එක් වීමටත් පෙර සිටම විවාහවේ එමෙන්ම නෑනා මස්සිනාලා අතර වන විවාහය බොහෝ කොට සිදුවෙයි
 කිසියම් තමන්ගේ  සිත ඇඳි කෙල්ල විවාහ කරගැනීමට පෙර ගැහැනියක් නඩත්තු කළ හැකි බව පෙන්වීමට මාමාට තෑගි කදක් ‌ෙගෙන යයි  මී පැණි දඩමස් ආදී කන්දක් බැදගෙන ‌ලෙනට ‌ගෙනයන්නේ සිරිත අනුවය මෙසේ  රැගෙන යන තරුණයා  වහල මත දුන්නත් හී තලයක් රඳවා තබා අනිත් ‌‌‌දේ රැගෙන ‌‌‌‌‌ගෙට  ඇතුළුවෙයි තෑගි කන්ද පිළිගතහොත් විවාහයට අවසර දුන්නා යැයි සන්නිවේදනය වෙයි පසුව එයින් පිටවන බෑනා එසේ පිට වන්නේ පෙර තැබූ දුන්න ඊතලය ලෙසම තබාය
රැහේ අනෙක් වැද්දන්ගේ විවාහය පිළිබඳ දැනගන්නේ මේ දැකීමෙනි සිංහලෙන් අතර පවතින මේ ප්‍රසිද්ධ කිරීමේ නිවේදනය විවාහ ලේකම් කාර්යාලය දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම සිහිකරවන පැරණිතම සන්නිවේදන ක්‍රමයකි

 විවාහ චාරිත්‍රවල දී තරුණයා තරුණියගේ ඉනවටා  රෙදි කඩයක් දවටන් අතර තරුණිය තමා විසින් ඇබරූ ලණුවක් තරුණයගෙ ඉනවටා බදියි සිංහල සාහිත්‍ය අතර පවතින මුදු මාරු කිරීමේ චාරිත්‍රය සිහිකරවයි සිංහල චාරිත්‍ර අතර මෙය ඉතා අර්ථවත් චාරිත්‍රයකි ලණුුව  වැද්දා  ඉතා ප්‍රයෝජනවත් දෙයකි  ඒමෙන්ම විවාහයේදී කාන්තාවන්ගෙන් දෑවැද්ද අනිවාර්ය ‌වෙයි  වැදි ජනතාව අතර මේ සෑම අවස්ථාවකදී තම සහයෝගීත්වය සන්නිවේදනය වේ
එමෙන් දරු ප්‍රසූතියකදී ඔවුන්ගෙන් සාම්ප්‍රදායික සන්නිවේදන ලක්ෂණ ඉතාම අර්ථාන්විත වෙයි එමෙන්ම ප්‍රසූත අවස්ථාවේදී කරදරයකින් තොරව ප්‍රසූතිය සිදු කිරීමට නෑ යකුන්ගේ ආධාර බලාපොරොත්තු වෙන බාරහාර වත්පිළිවෙත් සිදු කරයි පට්ට යකුන් වශයෙන් හැඳින්වෙන්නේ මෙවැනි භාරකාරයෙකිි
 යකුන් තුන් දෙනෙකු සඳහා නටන ‌ෙමේ යක්කමේදි  ගස්වලින් ගලවා ගත් පට්ටාවලින් හොඳින්  වේලන ලද කූඤ්ඤ තුනක් බිම සිටවා  ඒ වටා යාතිකා  ගයමින් යකුන්ගේ පිහිට පතයිමේ යකුන් නැටීම නිසා දරු ප්‍රසූතිය  පහසුවන අතර මවටත් දරුවාටත් ආරක්ෂාව ලැබේෙතැයි වැද්දන් විශ්වාස කරයි
මොවුන් අතර පවතින අවමංගල සිරිත් ඉතා ගුප්ත ස්වභාවයක් දරයි නමුත් එනම් රැහේ අයකු මිය ගිය පසු ඔවුන් මළකඳ අතහැර ඉතා ඈත ප්‍රදේශයකට පැන යන අතර එසේ පැන යාමෙන් ඔවුන් සන්නිවේදනය කරන්නේ ඔහුගේ/ ඇයගේ ආත්මය ඒ වටා ගැවසෙමින් තමන්ට විපත්තියක්  සිදු කරයි යන බියෙනි
 විවාහවලදී තරුණයන් හෝ පිරිමි පාර්ශවය කරදමන පොරව තුළින් සන්නිවේදනය කරයි පිරිමි පාර්ශ්වය තමන්ට නොගැලපෙන ‌හෝ ‌‌ලේ බැදිමක්  ඇත්තියක් සමග සම්බන්ධතා ඇති කර ගත්හොත් ඒම ‌පොරව කරේ   දමාගැනීමට රැහේ වැඩිහිටියන්  ඉඩ නො‌ෙදෙයි
ඒයිනුත් යම්කිසි සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමය න්  පිළිබිඹු වේ  දැනට වැදි ජනතාව අතර පවතින දැනට පවතින ක්‍රමවලින් පිළිබඳ වන සාම්ප්‍රදායික සන්නිවේදන ලක්ෂණ සාකච්ඡා කිරීමේදී ඔවුන්ගේ ප්‍රධානතම කෙරෙන ඇදහීම වන්නේ නෑයකුන් පිදිමයි  මේ නෑයකුන් පිදීමේ දී සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඊතලයට අමතරව ආයුධය නමින් නැටුම සඳහාම භාවිත කරන දිගු හා කෙටි  මිටක් සහිත ඊයක් භාවිතා කර යි  දඩයමයම් සරුසාර කර ගැනීමටත්  අනතුරු අඩුකරගැනීමටත්   යක් නැටුම බඹරු යක් නැටුම් ආදී යාතු කර්කර්ම සිදුකෙරේ ජනතාවගේ ජීවන රටාව ඉතාම සංකීර්ණ වෙයි ඔවුන්ගේ එකම අරමුණ වන්නේ ආහාර සොයාගැනීම් පමණින් ඔවුන් ගේ වාසස්ථානය වනය  වන අතර කුඩා දරුවන් බැද්දෙ අතරමං වීම වැළැක්වීමට ගස් තුළ විවිධ සලකුණු තැබීම මවුන්ගේ සන්නිවේදන ලක්ෂණයකි එමෙන්ම ඉතාම සම්ප්‍රදායික සරල ලෙස  වැදි ජනතාව තුළින් පිළිබිඹු වන සාම්ප්‍රදායික සන්නිවේදන ලක්ෂණ වර්තමානය වන විට වෙනස් වෙමින් පවතී