”අයියේ විජේරාම කැමිපස් එකට යන්න ගාණ
කියද?”
”මල්ලි මෙිවා මීටර් ටැක්සි ඇයි දන්නේ
නැද්ද? මල්ලි කොහේද?
මි... මි... නගින්නකෝ ”
කුරුන්දමිකුලමෙන් අනුරාධපුර ටවුමට අවුත් පාන්දර හතරේ කොළඹට එන බසයේ
නැගගත් අරවින්ද පිටකොටුවට ළඟා වන විට උදේ දහය පමණ විය. අරවින්ද පිටකොටුවෙන් ති‍්‍රරෝද රථයකට ගොඩවන්නට වූයේ ගමන් විඩාවත් අමිමා
පොදි ගසා දුන් බඩු මල්ල ද විශාල වු බැවිනි.දින ගණනක් තිස්සේ අමිමා සෑදු රසකැවිලි වගයකූත්
අනේකවිධ බඩු තොගයකුත් ගෙන අරවින්ද නොසැහෙන සෙනහසින් යුතුව තම නැගණිය දැක ගැනිමෙි ආශාවෙන්
පසු විය. මීට සය මසකට පමණ ඉහත අවසන්වරට සමන්ති
ගෙදර ආ මොහොතේ ඇගේ හැසිරිම පිලිබඳ ව අරවින්ද පසු වූයේ දැඩි විස්සෝපයකිනි.
සමන්ති තොල් ආලේපන පුයර මිනි ගවුමි වලින්
සැරසිම අරවින්ද එතරමි නොසැලකුවෙි ගමෙි ගතිපැවතුම් කොළඹට විහිලුවක් වන බව ඔහු දන්නා නිසාත්
යහළුවන් සමග තම නැගණිය කරට කරට සිටිය යුතු බව ඔහු ඇදහු නිසාත් ය. නමුත් සමන්ති මෙවර
අවසාන වතාවට ගෙදර ආ දා ඇය බලාගත් අත බලාගෙන සිටිමත් නිතර නිතර හඩන්නට විමත් අරවින්දගේ සිතට
මහත් ගැටලුවකි. මෙි සියල්ල අරවින්දගේ සිතේ තිබුණ නමුත් ඔහුට නැගණිය බලන්නට ඒමට තරමි
වෙිලාවක් සාදාගත නොහැකි වූයේ කප්පරක් වැඩ කන්දක් ඔහුගේ හිස මත තිබු නිසාත්ය. පියාත්
නැති නිවසේ සියලු බර පැටවුනේ අරවින්දටය. සමන්ති දැන් තුනවසරේය . අරවින්දගේත්්අමිමාගේත්
එකම හීනය සමන්තීය. සමන්ති හොඳට ඉගෙනගෙන සාරි ඇදන් රැුකියාවට යනවා බලන්න අරවින්දට තිබුනේ
පුදුම ආසාවකි.අමිමා වරක් දැසේ කදුලු පුරවන් කියු කතාව අරවින්දට මතක්වෙයි.
”අයියාට උගන්නන බැරි උණා මයේ පුතේ උඹලැගේ
තාත්තා නැති උණාට පස්සේ අපිට ඇති වුනේ මහා අමාරු කාලයක් උඹ හොඳට ඉගෙන ගනින් මයේ කෙල්ලේ
මං නැති වුන කාලේක උඹට අයියා ඉන්නවා අයියාට උඹ ඉන්නවා”
අරවින්දට
ද එදා හැඬුමි ආවෙිය. අමිමා මෙසේ කිවෙි සමන්ති විශ්ව විද්‍යාලයට යන්න සැරසුන පළමු දිනයේ
ය.
”මල්ලි කැමිපස් ද?”
අතීතාවර්ජනයක නිමග්නව සිටි අරවින්ද තිගැස්සුනේ ති‍්‍රරෝථ
කරුගේ හඬෙනි
”ආ... නැ අයියේ ”
ති‍්‍රරෝථකරු
කියවන්නට විය.
”මල්ලි ගම කොහේද? මල්ලි කොහේ උනත් ඈත පළාතක
වගේයි. අරවින්ද සිනාසුනා මිස ෙමිවාට උත්තර දීමට ඔහුට සිත් නොවීය.
””මල්ලිට කියන්න මල්ලි මාත් යාළු වෙලා
හිටියා කැමිපස් කෙල්ලෙක් එක්ක ගොඩෙි කෑල්ලක් මං හදලා ගත්තා වැඩක් නෑ මල්ලි.. දැන්
ඒකි මගේ යාළුවෙකුගේ ටර්න් එක ඉස්සරහට කාගේ වෙයිද දන්නෑ බං නමිබරේ එහෙම ඔනේනමි කියපං” හිඃ
හිඃ
ති‍්‍රරෝද
රථකරු තනිවම සිනාසෙයි අරවින්දටනමි මෙය කන්දොස්කිරියාවකි
එමෙන්ම පිලිකුලකි මොහුගේ මෙි කුණුසරුප කතාව
අරවින්ද අසා සිටියේ කරන්න දෙයක් නැතිකමටමය ති‍්‍රරෝදරථකරු
දිගටම කියවයි ශුරවීරකමි කළවූවකු මෙන් කියවයි අරවින්ද මීට කන් දුන්නේ ඉතාම පිළිකුලෙනි.
”අයියේ කැමිපස් වල ඉන්නේ බුද්ධිමත් ගෑණු ළමයි කියලයි අපිනමි
අහලා තියෙන්නේ ”
හිඃ
හිඃ උන්ගේ බුද්ධිය වැඩි මල්ලි ගමෙි ඉදලා කොළඹ ආවම උන්ට කොළඹ ඒවා මැජික් වගේ ”
අරවින්දට
මෙි කතා තවත් අසා සිටිය නොහැකිය ඔහුගේ ශරීරයම ගිනි ගන්නා සේ දැනෙයි ඔහුට තම නැගණිය
මතක් වෙයි නාගයකු මාණික්‍ය රකින්නේ කෙසේ ද එසේම පියෙකු මෙන් අරවින්ද සමන්ති රැුක ගත්තේ
අසීමිත සෙනෙහසකිනි ති‍්‍රවිල්කරු තව තවත් කියවයි ඔහුගේ මෙි පිළිකුල් කතා අරවින්ද ට
තම නැගණිය කෙරේ බියක් හට ගන්වන්නට විය. ”කලින් මගේ කෑල්ල දැන් මගේ
යාළුවෙකුගේ......” මෙවැනි කතා අරවින්ද මතක්
කළේ දැඩි පිලිකුලෙනි
තී‍්‍රරෝදරථකරුගේ
කුණුුසරුප කතා මදක් නතර විය එකෙණෙිහිම අරවින්ද තම නැගණියට දුරකථන ඇමතුවක් ගෙන පාරට
එන්නට කීය සය මසක් තිස්සේ දුරකථයෙන් පමණක් දුක සැප විමසු අරවින්ද මෙවර නැගණිය දැක ගැනිමට
දැඩි සෙනෙහසකින් පසු විය.
”ආ... අයියේ ඔතනින් නතර කරන්න.”
ති‍්‍රරෝදරථය
නතර වෙනවාත් සමගම තරුණියක් තවත් තරුණියක් හා ති‍්‍රරෝදරථය වෙත ලඟා විය.
සමන්ති.......
ති‍්‍රරෝදරථකරු සමන්ති දෙස බලා විස්මයෙන් ඇසීය සමන්තිගේ සර්වාංගයම පණ නැති වි යන්නා
සේ දැනීය තමන්ගේ ජිවිිතය විනාශ කල ඒ අමනුස්සයා නැවත වරක් තමන්ගේ දෑස ඉදිරියේ දකින්නට
වු විට ඈට උන් හිටි තැන් අමතක විය
”සමන්තිි ඔයා තවත් ලස්සන වෙලා....”
ති‍්‍රරෝදරථකරු
දඩයමි බල්ලෙකුගේ ස්වරූපයකින් ඇගේ හිසේ සිට දෙපතුළ දක්වා බලමින් කීය සමන්තිට දුකත් ලැජ්ජාවත්
හා තරහාවෙන් යුතුව කරකියා ගත දෙයක් නොමැතිව පසුවන්නට විය අනුරාධපුර කුරුන්දමිකුලම කලත්තේවැව
මධ්‍ය මහා විද්‍යලයෙන් උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයට ඇතුලු වුයේ සමන්ති කප්පරක්
බලාපොරොත්තු සහිතවය අනේකවිධ දුක්කමිකටොළු සහිත
පවුලේ එකම බලාපොරොත්තුව සමන්තිය පළමු අවුරුද්ද අවසාන වෙනවාත් සමගම සමන්ති චීත්ත ගවුමෙන්
මිනි ගවුමට වෙනස් වුයේ තම යහළුන්ගේ කියුමි බස් නිසාය.
”උඹෙ ඔය විදිහ නමි කොළඹට හරි යන්නේ නෑ පොඩිඩක් ඇදලා කරලා
ඉදපන්”
නිරන්තර
ඈට මෙසේ යහළුවන් කියන්නට විය. කොළඹ සල්ලාල ජිවිතයක් ගත කල වූවෙකි පි‍්‍රයන්ත සමන්ති
වැන්නවුන් රවටා ගන්නා දඩයමි බල්ලෙකි සමන්ති පි‍්‍රයන්තගේ ආලයට රැුවටුනී ආලය දෑස් අන්ධ
කරන බවනමි සැබැ ය දැන් සමන්තිට මෙයින් මිදිය නොහැකිය ඇයට තමන්ගේ ජිවිතයට පිරිමියෙකු
අවශ්‍යමය එහෙයින් එක එක පිරිමින්ගේ සුන්දර බස් වලට ඈ රැුවටෙමින් යයි.
”උඹව ආයේ දකින්න මං හීනෙන්වත් හිතුවෙි නෑ පි‍්‍රයන්ත මං
රැුවටුනා .....”
සමන්ති
රෞද්‍ර බැල්මෙන් තී‍්‍රරෝදරථකරුට මෙසේ කීවත් ඈ අරවින්ද දෙස බලා හඩන්නට විය අරවින්දට
කරකියා ගන දෙයක් සිතා ගත නොවි නැගණිය දෙසත් ති‍්‍රරෝදරථකරු දෙසත් බලාගත්වනම සිටියේය
ඔහුට ති‍්‍රරෝදරථකරු එන මග කියු නොසරුප් කතා මෙන්ම තම නැගණියගේ ඉකුත් අවුරුද්ද තුළ
වු වෙනස්විමි එකින් එක මැවි පෙනෙන්නට විය ති‍්‍රරෝද රථකරු ගාස්තුවද ගෙන සිනාවෙවි යන්ට
ගියේ ය
”මට සමාවෙන්න මයේ රත්තරන් අයියේ”
සමන්ති
අත් දෙක එකතු කර අරවින්ද ඉදිරියේ හඬන්නට විය අරවින්දගේ සර්වාංගයම ගිනි ගන්නා සේ දැනෙයි
ඔහු දෑසේ කදුලු පුරවන් නැගණිය දෙස බලාගත්වනම සිටියේ
ය...