රුපවාහිනියෙන් නීරූපිතප්රචණ්ඩත්වය හා ළමා මනසට කෙරෙන බලපෑම
මනස යනු ශරීරයේ
වැදගත්ම අංගයකි.මනස මොළය මගින් පාලනය වන්නකි.සන්නිවේදනය පියවර තුනක්
ඔස්සේ සිදු වන්නේය ඒනම්
v හැඟීම්
v සිතුවිලි
v
චර්යාවන්
වශයෙනි.
බාහිරින් ප්‍රකාශ වන දෑ චර්යාවන් වෙයි.චර්යාව ඇති වන්නේ සිතුවිලී වලිනි සිතුවිලි අති වන්නේ හැඟීම් මගිනි.මේ ආකාරයට මනස පිලිබද විද්‍යාත්මක විග්රහයන් සිග්මන් පෝරයිඩි වැන්නවුන්ඉදිරිපත්කර තිබෙයි.සන්නිවේදනයේ
පදනම වන්නේ අන්තර්වර්ති පුද්ගල
සන්නිවේදනයයි.මෙලෙස මුල්
කාලීනව සන්නිවේදන පර්යේෂණ සුදු වූ
අතර ජනමාධ්‍ය බිහීවීමෙන් අනතුරුව ජනමාද්‍ය මගින් පොදුවේ සමාජයටත් පුද්ගලීකව
මිනිසාටත් බලපාන ආකාරය පිලිබදව පර්යේෂණ සිදු කෙරිණි.
ජනමාධ්‍ය මගින් පුද්ගලයාගේ සිතුවිලි පාලනය
කරන බවත් බලපෑම් කිරිම් සංතෘප්ත කිරිමි සිදුවන බවත් කියැවෙයි. ජෝර්ජ් ගාබ්නර් වැනි විද්වතුන් රූපවාහිනි මාධ්‍ය තුළින් මනස මෙහෙයවන
බවට විද්‍යාත්මකව කරුණු පහදා දුණි. ලෝකයේම රූපවාහිනි මාධ්‍ය
සීඝ්රයෙන් ව්‍යාප්ත වීම මගින් ඒහි බලපෑම කෙතරම් දැයි වටහා ගත හැකිය. රූපවාහිනිය සතූ මූලීක කාර්ය ලෙස තොරතුරු ලබා දිම අධ්‍යපනය ලබා
දිම පෙළබීමේ කාරිය හා විනොදාස්වාදය ලබාදිම
ආදි ලෙස වර්ග වෙයි.නමුත් වත්මන වන විට රූපවාහිනිය
සතු මුඛ්‍ය කාර්ය වී ඇත්තේ විනෝදාස්වාදයම පමණි.
60 දශකයේ වැඩී ආ රූපවාහිනීය ළමයින්ගේ හා තරුණයින්ගේ ප්‍රචණ්ඩත්වයට බලබාන ආකාරය
පිලීබදව විල්බර් ශ්රාම් හා බර්නාඩ් බෙල්සන් කරුණු දක්වා තිබෙයි.ඔවුන්ට අනුව
මාධ්‍ය පුද්ගලයාට හුදෙකලාව නොව සමාජීය පොදු කාරණාවක් ලෙස බලපාන බව පෙන්වා දී
තිබෙයි මෙවැනි පර්යේෂණ මගින් මුල් කාලයේ
පටන්ම ආනාවරණව වී ඇත්තේ රූපවාහිනි මාධ්‍ය මිනිස් මනසට බලපෑම්කාරි වන බවයි. මෙය කෙතරම් ළමා
මනසට බලපෑම්කාරී වන්නේද ? මංද යත් ළමා මනස
ඉතා ඉක්මණින් යම් යම් දේ ග්‍රහණය කරගත හැක්කකි.රූපවාහිනිය
මගින් වන බලපෑම ධනාත්මක මෙන්ම සෘණාත්මක ද විය හැකිය.ඒහිදි
ඔවුනොවුන් තම ජනප්‍රියත්වය වෙනුවෙන් ඉදිරිපත් කරන වැඩසටහන් තුළ ප්‍රචණ්ඩකාරි දර්ශන
කොතෙකුත් නිරුපණය ළමා මනස තුළ ප්රචණ්ඩත්වය වැපරීමෙහිලා මෙම දර්ශන හේතු වන බව පර්යේෂණ වලින් හෙලි වී
තිබෙයි. පර්යේෂණයකට අනුව
ළමා වැඩසටහන් තුළ 79% ප්රචණ්ඩත්වය
නිරුපණය වෙයි. ඇමෙරිකාවේ
සිදු කල පර්යේෂණයකට අනූව දරුවකු සතීයකට පැය 28ක් රුපවාහිනිය නරබන අතර පැය 30ක්
පංති කාමරයේ සිටියී. දෙමාපියන් සමග කතා කිරිමටවත්
යහලුවන්සමග කාලය ගත කිරිමටවත් ඔවුන්ට වේලාවක්
නැත. රූපවාහිනිය
යනු අසීමිත ඇබ්බැහිකාරි මාධ්‍යයකි. ඊට කුඩා දරුවන් අධික
ලෙස ඇබ්බැහි වේ මංදයත් ඒ තුළින් දරුවන්ව මායාකාරි ලොවකට ගෙන යන බැවිනි. අවුරුදු 5-12 ත් අතර දරුවන් කාටූන් නැරබීමට ඉතාම ප්‍රියතාවයක් දක්වයි. ලෝකයේ කාටූන්කලාවක් ලෙස ඉතාම ජනප්‍රිය වී ඇත.වෝල්ට්
ඩිස්නි යනු ලෝකයේම ජනප්‍රිය කාටූන් සමාගමකි . තාක්ෂණික
ලෙස නිර්මාණය වන කාටූන් වලට අමතරව ළමා චිත්‍රපටි තව තවත් කුඩා දරැවන් වෙතට සමීප වන්නට සමත් වී ඇත උදාහරන ලෙස
ස්පයිඩර් මෑන් බැට් මෑන් හැරිපොටර් රොබින් හුඩ් අයන් මෑන් ආදි චිත්‍රපටී අන්තර්ගතය දෙස බැලීමේදි මේවායේ
තිබෙන්නේ ප්‍රචණ්ඩකාරි හැසිරිම්ය. කුඩා දරුවන් වීරත්වයට
කැමතිය. ඒබැවින් ඔවුන් ඉතා ඉක්මණින් අනුකරණය කිරිමටද
පෙළබෙයි.
අද වන විට වර්තමාන ලෝකයට ජිවීතය ගෙන කියා දෙන්නේ රූපවාහිනිය විසීනි.අතීතයේ ආච්චිලා සීයලා දරුවන් ළගට ගෙන කතාන්දර කියා දූන්නා
මෙන් අද රුපවාහිනිය විවිධ මායා කතා මවා පායි.මේවා ඉතා
විසීතුරු මෙන්ම දරුවා මායා ලොවකට කැන්දා යන්නට සමත් වන්නේය. මේ සියල්ල
පිටුපසින් දිවෙන ආත්මාර්ථකාමීත්වයක් කෘරත්වයක් ද හදුනාගත හැකිය රූපවාහිනිය
පුනරුච්චාරණය කරන නිමක් නැති ප්රචණ්ඩත්වය ළමා පරපුර කෙරේ ඇති කරන අහිතකර බලපෑම
පිලීබදව අද ජාත්‍යයන්තර අවධානය පවා දිනා ගෙන ඇත සැබැවින්ම වැඩෙන දරුවෝ සෑම දෙයක් ගෙනම විපරම් කිරිමටත් රුචිවීමටත් හුරු
වෙති කුඩා අවධියේදි අසන භායානක අත්භුත හා ත්‍රාසජනක ක්රීයාවන් මනසට තදින් බලපාන
අතර ඒ්වා යන්ත්‍රයක් තුලීන් තමන් ඉදිරියේ මැවී පෙනීම මගින් හුදෙකලාවේ ඒවා නරබන
දරුවා ඒම ක්‍රියාවන් අත්හදා බැලීමටත් ඒවා පිලිබදව දැඩි ලෙස විශ්වාස කිරිමටත්
පෙළබෙයි ඇමෙරිකාවේ ඒවැනි සීද්ධියක් වාර්තා වී ඇත දරුවකුට ඔහුගේ සීයා මැරුණු බව
යමෙකු පවසා ඇත ඒක්වරම දරුවා පවසා සිටියේ කවුද ඒයාට වෙඩි තිබ්බේ කියායි ඔහු දන්නා පරිදි යමෙකු මිය යාමට ඇති
පහසුම ආකාරය වන්නේ වෙඩි නැබීමෙනි මේ ආකාරයට රූපවාහිනිය මගින් ළමා මනසට ප්‍රබල බලපෑමිකාරි බවක් ගෙනෙයි
රූපවාහිනියෙන් නිරූපිත ප්රචණ්ඩත්වය ළමා මනසට තදින් බලපාන බවත් ඒයය සැබැ ලෝකයේ
ප්රචණ්ජත්වය හා බැදි පවතින බවත් පැහැදිලිය
රූපවාහිනියෙන් නිරූපිත බැරැරුම් ප්‍රචණ්ඩත්වයට
නිරාවරණය වීම නිසා විශේෂයෙන් පිරිමි දරුවන් තුළ කලහාකාරි හැසිර්ම් සදහා රුචියක්
වැඩෙන බව පර්යේසණ මගින් හෙලි වී තිබෙයි ප්රචණ්ඩත්වය යථාර්ථවාදි නොවන මුළා කරන
සුල් හා උත්කර්ෂවත් අන්දමින් ඉදිරිපත් කරන්නට
රූපවාහිනිය සමත් වන්නේය බෝහෝ කාටූන් ප්රචණ්ඩත්වය නිරුපිතය ඉතා ප්‍රචණ්ඩකාරි
මරණයන්ට පත් වීමෙන් අනතුරුව මායාමය ලෙස නැවත ජිවිතය ලබන චරිත ඒහි වෙයයි ප්රවෘත්ති
වැඩසටහන් හෝ වාර්තා වැඩසටහන් පවා පුවත් හා සිද්ධින් සංවේගජනක හා ප්රචණ්කාර් ලෙස පළ කිරිම සමාජය
වෙත වැරදි අර්ථකතන ගොඩනැගෙයි
No comments:
Post a Comment