රුහුණු කතරගම ඇසළ මංගල්‍යය හා බැදුනු අන්තර් සංස්කෘතික ලක්ෂණ
ශි්‍්‍ර ලංකාව
වූ කලි බහුවිධ වු ද්විපයකි එනමි විවිධ ජාතින්
විවිධ ආගමි මෙන්ම එකිනෙකට වෙනස් වු සංස්කෘතිකාංග රැුසක් පවතින්නා වු දිවයිනකි රාවණා
යුගය විමසිමෙිදි වුවද ඒ හා බැදුණු කථාංග ජනශ‍්‍රැති
මගින් ද පසක් වනුයේ ලංකාවට ආසන්නතම ද්විපය වු භාරතය හා පැවැත් වු සමිබන්ධතාවයයි එමෙන්ම
විජය රජුගෙන් ආරමිභ වුනු ආර්ය ජන කොටස් මෙන් ම මිහිදු හිමි සංඝමිත්තා මෙහෙණින් වහන්සේ
ඇතුලූ දහඅට කුලවල පිරිස් මෙහි පැමිණි බවත් විවිධ කාලවකවානු වල ආක‍්‍රමණ සංක‍්‍රමණ මෙි
ආදි හේතු සාධක විශාල ප‍්‍රමාණයක බලපෑමෙන් ලංකාද්විපය බහුවිධ රාජ්‍යයක් බවට පත් විය
ඒ අනුව එකිනෙකට වෙනස් සංස්කෘතින්හි අංග තවත් සංස්කෘතියක් හා මුසු වෙමින් ඇතැමි විට
විවිධ අවස්ථා වල එකිනෙකට වෙනස් සංස්කෘතින්හි මුසු විම පෙන්නුමි කරයි මෙහදිි සාකචිඡා කෙරෙනුයේ ලාංකික විවිධ උත්සව තුළ දක්නට ලැබෙන අන්තර්සංස්කෘතික ලක්ෂණ පිලිබද කෙටි විමසුමකි ඇසළ උත්සවය කියු පමණනි් අප මතකයට නැගෙනුයේ ශ්‍රී දළදා වහන්සේ මුල් කරගත් ඇසළ
මංගල්‍යයි දළදා වහන්සේ මෙරටට වැඩම කලදා සිට ශ්‍රී ලංකාව බ‍්‍රිතාන්‍ය යටත් විිජිතයක්
බවට පත් විම දක්වාම දළදා පෙරහැර යමි යමි සංස්කෘතික වෙනස්කමි සහිතව විකාශනය විය සැබවින්ම
සංස්කෘතිය යනු කාලිනව වෙනස්කමි වලට භාජනය වන්නා වු සංකල්පයකි එය ගතික වෙි ඒ ඒ අවධීන්
තුළ පැවති සමාජ ආර්ථික දේශපාලන තත්වයන් හරහා එක් සංසක්ෘතියක් තුළට තවත් සංස්කෘතියක
අංග ලක්ෂණ රිංගා ගැනිම වැලැක්විය නොහැක්කකි
මෙහිදි සාකචිඡුා වනුයේ ඇසළ මංගල්‍යයේ තවත් පුරුකක් වු රුහුණු කතරගම ඇසළ මංගල්‍ය
තුළ අද වන විට දක්නට ලැබෙන අන්තර් සංස්කෘතික ලක්ෂණ පිලිබදවයි
අතීතයේ
පටන්ම පැරැුන්නන් අතර ඇසළ මාසය පෙරහැර මාසය ලෙස ජනප‍්‍රීය විය මෙි මාසය තුළ පෙරහැර
ඇසළ මංගල්‍යයක් ලෙස උත්සවාකරයෙන් දින කිහිපයක් මුළුල්ලේ විවිධ චාරිත‍්‍රවාරිත‍්‍ර ඇතුළු
අංග සහිතව සංස්කෘතික මංගල්‍යයක් වශයෙන් පවත්වනු ලැබෙි ලංකාවෙි සියලු උත්සව අතර ඇසළ
උත්සවය ප‍්‍රධාන තැනක් ගනුයේ එය අතීත ශ්‍රී ලාංකේය සංස්කෘතියේ හරය මූර්තිමත් කෙරෙන්නක්
වන බැවිනි මෙහිදි පෙරහැර මංගල්‍යය සමිබන්දයෙන් සෑම කාර්යයක්ම සැම පුද්ගලයෙක්ම මෙන්
ම සෑම නිර්මාණශිලි අංගයන්ගෙන්ම පිලිඹිබු වන්නේ සංස්කෘතික මිශ‍්‍රතාවයයි ඇසළ පෙරහැර
මංගල්‍ය තුළ පෙළගැසෙන දද කොඩිසේසත් මුරායුධ සිය දහස් ගණන් විවිධ නිලධරයන් ඔවුන්ගේ ඇඳුමි
පැළඳුමි නර්තනාංග වස්ත‍්‍රාභරණ මෙි ආදි සියලු අංගයන් පිලිබද විමසිමෙිදි පෙනියන්නේ ඒ
තුළ පවත්නා අන්තර් සංස්කෘතික සබදතාවයයි ඒ කෙසේද යත් මෙි පෙරහැර මංගල්‍ය තුළ දක්නට ලැබෙන
බෞද්ධ හා හින්දු සංස්කෘතික සමිබන්ධතාවය මෙන්ම අනෙකුත් සංස්කෘතික මුසු විිම සහිත අන්තර්
සංස්කෘතික සමිබන්ධතාවයයි රුහුණු කතරගම පෙරහැර මූලික වශයෙන් අරමුණු කරගන්නේ කඳ කුමරු
හෙවත් ස්කන්ධ දේව වන්දනාවයි බෞද්ධ සංස්කෘතිය තුළ දේව වන්දනාව යමි පමණකින් ප‍්‍රතික්ෂේප
වුවත් අතීතයේ පටන් ශ්‍රී ලාංකීය සංස්කෘතිය
තුළ දේව වන්දනාව දක්නට ලැබිණි අද වන විට එම දේව සමිප‍්‍රදාය හා බෞද්ධ සමිප‍්‍රදාය එකටම
ගමන් කරන බව පෙනෙයි
මෙහිදි
මෙරටට ස්කන්ද දේව වන්දනාව පැමිණි ආකාරය විමසිම වැදගත් වෙයි
ක‍්‍රි.ව
12 සියවසේදි ආරමිභ වූ නායක් සමයේදි ස්කන්ධ ඇදහිම ප‍්‍රථමවරට ඉංදියාටෙි ඇති විය මෙි
සමයේදිම ස්කන්ධ ඇදහිම ලංකාවෙි ව්‍යාප්ත වන්න ඇතැයි සැලකෙයි මානවමිව කුමරු රජකම පතා
ලංකාවෙි නැගෙනහිර ගෝකණ්ණ වෙරලේ ගං ඉවුරක ඉදිමින් අක්ෂ මාලයක් ජප කරද්දි ස්කන්ධ කුමරු
මයුර වාහනයෙන් පැමිණ ඔහුට වරයක් ලබා දුන් බවත් ඉන් ඔහටු රාජ්‍යයත්වය ලැබූ බවත් මහාවංශය
සදහන් කරයි ඒ අනුව 12 සියවසේ පටන්ම ස්කන්ධ දේව රටෙි ආරක්ෂක දෙවි කෙනෙකුන් මෙන්ම සිංහල
බුද්ධාගමෙි දිසාපාලක දෙවිවරුන් අතර ස්කන්ද දෙවියන්ද කෙනෙක් බවට කියැවෙයි බුදුන් වහන්සේ තුන්වන වරට ලක්්දිවට වැඩම කල අවස්ථාවෙි කතරගම කිරිවෙහෙර පිහිටි
ස්ථානයට වැඩම කොට සමාපත්ති සුවයෙන් ඉඳ ධර්මදේශනා කොට මහා පොළොව කමිපා කලහ ඒ අවස්ථාවෙි
එහි සිටි මහාඝෝෂ නමි දේව පුත‍්‍රයා කිරිවෙහෙර පිහිටන ස්ථානය ආරක්ෂාකරන ලෙස නවතා ඉන්
නැගිට තිස්සමහාරාමයට වැඩම කළහ එහිදි කතරගමදි බුදුන්ගෙන් බණ ඇසු මහාඝෝස පසුකළෙක දෙවිකෙනෙකු
වි කතරගම ප‍්‍රදේශය රකින බව චිරාගත මතයයි
12 වන සියවසෙන් පසුව රටෙි ව්‍යාප්ත වු හින්දු ආගමත් සමඟ හින්දු ජනයා කතරගම දෙවියන්ට හින්දු සංකල්පය ආරෝපණය කොට ඔහුගේ
බලසමිපන්න බව හුවා දැක්විමට මුහුණු සයකින් හා විවිධ ආභරණ ද අත් දොලොසක් හා තේවානි හා
වල්ලි වශයෙන් දේවීන්වරු දෙදෙනෙක් සහිතව මූර්තිමත් කොට ඇත මෙි අනුව පසක් වන්නේ මූරාමිභයේ
පටන්ම ස්කන්ධ හෙවත් කතරගම දේව ඇදහිම හින්දු සංස්කෘතියත් බෞද්ධ සංස්කෘතියත් අතර අන්තර්
සංස්කෘතිමය වශයෙන් බැඳිමෙන් යුතුව කටයුතු කල ආකාරයයි
එමෙන්ම
මෙම ස්කන්ධ දේව සංකල්පය පිලිබද මුස්ලිමි ආගමෙි ද සදහන් වන්නේ ය මුස්ලිමි ආගමෙි කිල්ලනූර්නබි
වශයෙන් ද හඳුන්වනු ලබන කරුණාවෙන් ද දයාවෙන්ද වික‍්‍රමයෙන්ද අවිආයුධ ගෙන විශාරද බවකින්
යුත් යුද්ධයට අධිපති කන්ද කුමාර දෙවියන් අසමීිත බලයකින් යුත් දෙවිකෙනෙකු ලෙස හඳුන්වා
තිබෙයි රුහුණු කතරගම දෙවොලේ පවත්වන පෙරහැර
මංගල්‍ය වනාහි පැරණිතම ලාංකේය පෙරහැරයි කතරගම යාදින්නේ ද දඔදිව මුල්තැන දෙන හින්දු
චාරිත‍්‍රත් ලංකාවෙි මුල් තැන දෙන බෞද්ධ චාරිත‍්‍රත්
කතරගම දෙවියන්ට ලක්වැසියන් දක්වන ප‍්‍රියමනාප භාවයත් පෙරදැරි කරගෙනය
රුහුණු
කතරගම දේවාල පෙරහැරෙ අරමුණ වන්නේ ස්කන්ධ දිව්‍ය රාජායාණන්ට හා වල්ලි මාතාවන්ට උපහාර
කිරිමයි ප‍්‍රථම වතාවට මෙම ස්කන්ධ ඇදහිම සිදුවන්නේ ඉංදියාවෙිය දකුණු ඉංදියාවෙන් ඇති
වු මෙම ස්කන්ධ දේව වන්දනය ලංකාව තුල ද සිදුවු අතර 12 වන සියවසෙන් පසුව ලංකාවෙි ඇති
වු සිංහල බුද්ධාගමෙි දිිසාපාලක දෙවිවරුන් අතර ස්කන්ද දෙවියන්ද කෙනෙකි ඒ අනුවයි මෙහිදි
හින්දු බෞද්ධ සංස්කෘතීන් මිශ‍්‍ර වන්නේ කතරගම
පෙරහැර සහිත කතරගම ඇසළ උත්සවය සියලු නිල කටයුතු භාර වන්නේ බස්නායක නිලමෙි වෙතටයි පෙරහැර
ආරමිභ වන්නේ ද බස්නායක නිලමෙිතුමා දෙවියන් වැඳ ගණ දෙවි කෝවිල නැමද ගණේෂ දෙවි නැමද පසුව
කිරිවෙහෙරට සැපත්ව පන්සිල් ගැනිමෙන් අනතුරුවයි මෙම ගණ දෙවි සංකල්පයද දකුණු ඉංදීය ආභාෂයෙන්
එන්නකි
එමෙන්ම මෙහිදි අන්තර් සංස්කෘති ලක්ෂණ පිලිබද සාකචිඡුා කිරිමෙදි තවත් සැලකිය
යුතු අංගයක් වන්නේ මෙම පෙරහැර සදහා ආදිවාසි සංස්කෘතියේ බලපෑමයි අතීත පුරාවෘත්ත වලට
අනුව ස්කන්ධ කුමරුන්ගේ භාර්යාව වන වල්ලි මාතාව ආදිවාසි පරපුරෙන් පැවත එන්නකි පෙරහැර
ආරමිභයට පෙර ආදිවාසි චාරිත‍්‍ර කිහිපයක් මෙහිදි ඉටු කෙරෙයි මෙමගින් මෙහි පවතින්නා වු
සංස්කෘතික මිශ‍්‍ර විම හඳුනා ගත හැකිය ඒ කෙසේ ද යත් වාහල්කඩ අසලදි අතීත සිදුවිමි එලිදරවි
කිරිමක් හැටියට ආදිවාසි කෙනෙක් ඇත්හාමිපිට වැඩ සිටින දෙයියල ඇත්තන්ට දුන්නෙන් විදිමට
සැරසෙයි ඉන් පෙන්නුමි කෙරෙනුයේ තම නැගණිය වු වල්ලි බැලමිට ස්කන්ධ කුමරුට යෑමට ඉඩ නොදෙන
බවයි ”තොරන් පොජ්ජ කඩුළු පොජ්ජ රැුකුමි කරනවා” යැයි ආදිවාසි හඳුන්වන මෙි අවස්ථාවෙිදි දෙවියන්ගේ පණිවිඩය රැුගෙන එන අධිකාරමි
නිලමෙි පවසනුයේ ”තොපලාට වස්තුව දෙන්නමි නැගනිය බැලිමට ඉඩ දෙන්න” යනුවෙනි ඒ බව හගවමින්
අධිකාරමි විසින් කප්පමි පොජ්ජක් රතු කවිචිචි
මත හෙලනු ලබයි ඉන් පසු වැදි ජනතාව එයට එකගත්වය පවසමින් දෙයියල ඇත්තන්ට වල්ලි බැලිමට
ඉඩ දෙයි කල වරදට දෙයියන්ගෙන් සමාව ගැනිමක්
හැටියට දෙවියන්ට පිටු නොපා නමස්කාර කරමින් ආදිවාසියෙක් පෙරහැරෙ පස්සෙන් පස්සට යයි මෙි
වැදි වාරිත‍්‍රයෙන් පසුව පෙරහැර විදි සංචාරය කරයි
පෙරහැර
කාලය තුළ චාරිත‍්‍රයක් වශයෙන් උතුරු නැගෙනහිර
දමිළ ජනතාව දින ගණනාවක් මුළුල්ලේ පටන් පා ගමනෙන් කතරගමට පැමිණෙයි මෙයින්ද සංස්කාතික මිශ‍්‍රතාවය පිලිඔුබු වෙයි
ඇසළ
මංගල්‍යයේ පෙරහැර පෙළගැස්විමෙදි වැදගත් තැනක් නර්තනාංග වලට හිමි වෙයි උඩරට පහතරට සබරගමු
නැටුමි සමිප‍්‍රදායන් තළුින් මෙන්ම හින්දු නර්තාංග මෙහි පිලිඔිබු විම එම නර්තනාංග අතර
දෙවොල් නර්තනය
නානමුර
පත්තිනි නර්තනය
වඩිග පටුන
ගිරිදේවි නර්තනය
තෙල්මෙි
ගරායක්
නර්තනය වැනි සාමිප‍්‍රදායික නර්තනාංග මෙන්ම කලස් පාලිය රබන් නර්තනය දහඅට සන්නි වැනි
ගැමි සාමිප‍්‍රදායික නර්තනාංග ද මීට ඇතුළු වෙය එමෙන්ම කොහොඔ කලය නර්තනය විශේෂයෙන් හින්දු
නර්තන සමිප‍්‍රදායේ එන්නකි වෙස් නර්තනය උඩැක්කි නර්තනය පන්තේරු නර්තනය උඩරට සමිප‍්‍රදාය
නියෝජනය කෙරෙන අතර කවාඩි යනු මුරුගන් කාවඩිය භක්ති කාවඩිය කතරගම දෙවියන්ගේ අභිමානය
විද්‍යමාන කෙරෙන්නකි
එමෙන්ම
පෙරහැර මංගල්‍යයේ තවත් අංගයක් වන්නේ නඩත්තු පූජා අංගයයි මෙහිදි ස්ථාන 6කදි නඩත්තු පූජා
6ක් සිදු කෙරෙයි මින් සංකේතවත් වනුයේ කතරගම විසු දෙමළ සිංහල ජනතාව තනාගත් මඩමි වල සිට
පෙරහැරට උපහාර දැක්විමෙි පුරාවෘත්තයයි එම ස්ථාන 6 වන්නේ
1*
ගණ දේවාලය 2* භහිරව දේවාලය 3* රාම ක‍්‍රිෂ්ණ මඩම 4* සතර දේවාලය 5* මහා භද්‍රකාලි දෙවොල
අසල ඇති බෝධිය 6* අභිනවාරමය
එමෙන්ම
මෙම පෙරහැර මංගල්‍යයේ සුවිශේෂි අංගයක් වනුයේ පෙරහැර ආරමිභ කොට 6 වන දිනයේ කෙරෙන චාරිත‍්‍රයයි
එහිදි මූලික වශයෙන් බෞද්ධ වතාවත් වලට මුල් තැන දි තිබෙයි එනමි සඟසතු දානය දිම පිරිත් කිම ආදි චාරිත‍්‍රයන්
එමෙන්ම පෙරහැර මංගල්‍යය ආශ‍්‍රිතව සිදු වන තවත් චාරිත‍්‍ර වනුයේ
ගිනි පෑගිම
මහා නානමුර මංගල්‍ය
අලුත් සහල් මංගල්‍යය
කාර්තිකෝත්සවය
කතරගම දේවාලය යනු ස්කන්ධ මුරුගන් කතරගම දෙවියන් ලෙසින්ද
හැඳින්වෙන අතර ස්කන්ධ මුරුගන් වෙනුවෙන් පූජා කෙරුණු හින්දු හා බෞද්ධ සිද්ධස්ථාන සංකීර්ණයයි
ශ්‍රී ලංකාවෙි පවතින පූජා කිහිපය අතරින් එකක් වන කතරගම දේව පූජාව ලාංකික බෞද්ධයන් දෙමල
හින්දු හා මුස්ලිමි භක්තිකයන් සුලු පිරිසක් හා ස්වදේශ වැදි ජනතාවගේද පුදපූජා පවත්වනු
ලබයි
මෙම
පූජකස්ථානයේ පූජකයන් කපුරාළ නමින් හැඳින්වෙන අතර ස්වදේශිය වැදි ජනතාවගෙන් පරපුරෙන්
පැවත එන යැයි විහ්වාස කරනු ලබයි අසල පිහිටි කඳු මුදුන සහිත් ප‍්‍රදේශය පිලිබද පවතින
පුරාවෘත්තය නිසා වැදි ජනතාවටද මෙම පූජකස්ථානයට උරුමයක් පවතිනැයි විශ්වාස කරයි මුස්ලිමි
පල්ලියක් හා මුස්ලිමි ජනතාවගේ සුසානඝර කිහිපයක් ඒ අසල පවතියි
ස්්කන්ධ
දේව ඇදහිල්ල මුල්වරට මෙරටට ආවෙි දකුණු ඉංදීය ආභාෂයෙන් වුවත් එක් පුරාවෘත්තයකට අනුව
ස්කන්ධ දේව චරිතය සිංහල බෞද්ධයා හා මුසු වෙයි ඒ අනුව බෞද්ධ සංස්කෘතියද එයට එකතු වෙමින්
බෞද්ධ ආගමෙි ආාරක්ෂකයා වශයෙන් ස්කන්ධ දේව හදුන්වයි
ඉතිහාසයේ
සදහන් වන ලංකා වැදි ජනතාව කතරගම දෙවියන් දෙවි කෙනෙතු ලෙස සලකා නැත ඒ වෙනුවට ඔවුන් කන්දේ
යකා ගලේ යකා යැයි සලකා දඩයමි කිරිමට ප‍්‍රථම දෙවියන් සතුටු කරනු
ලබයි මානවවෙිදි චාල්ස් සොලමන් සිතු පරිදි කතරගම
දෙවියන් වෙනුවෙන් වැදි ජනතාව පවත්වන ලබන පුදපූජා කන්දේ යකා වෙනුවෙන් පවත්වන පුදපූජා
අතර සමාන ලක්ෂණ ඇති බවයි
මෙි
සියලු කාරණා කැටිකොට ගත්කල රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍ය හා සංස්කෘතීන් කිහිපයක්් සමිබන්ධ
බව පසක් වෙයි එනමි
සිංහල
බෞද්ධ
ලාංකික
දෙමළ
ඉංදීයානු
දෙමළ
ස්වදේශික
වැදි ජනතාව
මුස්ලිමි
සුළු භක්තියන් පිරිසක් මෙම සංස්කෘතීන් කිහපියක එකතුවෙන් හා අන්තර් සංස්කෘතිකමය වශයෙන්
බැඳිමෙන් ඇසළ මංගල්‍ය අති උත්කර්ෂවත් ලෙස වසරක් පාසා පවතව්යි
No comments:
Post a Comment