BOB MARLEY |
''මට ඇත්තේ එකම ප්‍රාර්ථනාවයි. එකම එක දෙයක් සිදුවනු දැකීමට මගේ හදවත ආශාවෙන්
බරවෙයි.කලූ සුදු චීන ආදි හැම ජාතියක්ම මනුෂ්‍ය වර්ගයා ලෙස එකට එකතු වීම ඒ සිහිනයයි.
මට අවශය එපමණයි”
මේ අභිත කියුම ඉදිරිපත් කළේ ලෝක ප්‍රකට
රෙගේ රජු බොබ් මාලේ ය.
මේ මානුෂියත්වය තම කලාව
හරහා ඉදිරිපත් කළ ඔහු පෙනී සිටියේ සමාන්‍ය ජනතාව වෙනුවනි. ජැමෙයිකාවේ කින්ග්ස්ටන් නුවර
උපත ලද රොබට් නෙස්ටා මාලේ පසුකලෙක බොබ් මාලේ නම්න් ප්‍රකට වන්නේය. ඔහු සිය සංගීත කණ්ඩායම
වූ වේලර්ස් සමගින් 70 දශකයේ රෙගේ සංගීතය ලොව පුරා ප්‍රචලිත
කළේය.
ගිටාර් වාදක ශිල්පියෙක් වශයෙන් ගේය පද රචකයෙක් වශයෙන් ප්‍රකට වූ මාලේ රෙගේ ගායන
ශෛලීය අනුගමනය කර ඇත. රස්තාෆරියානු දහමේ ප්‍රබල අනුගාම්කයකු වූ මොහු සත්‍ය සාධාරණත්වය
මෙන් ම මානව අයිතිවාසිකම් පිළිබද සමාජයේ කතිකාවක්
ඇති කිරිමට සමත් විය. කුඩාකළ පටන්ම අනේක දුක්ඛදෝමනස්සයන්ගෙන් පීඩිතව දිවිගෙවූ
මාලේ තමන් වැනිම කම්කරු පංතියේ මිනිසුන්ගේ අනේක දුක්ඛ දෝමනස්සයන් විඳින ආකාරය සියැසින්
දකින්නට පටන් ගත්තේය. එමෙන්ම පවතනි සමාජ දේශපාලන වටපිටාව විසින් මිනිසුන් පීඩාවට පත්
කරන හැටි ඔහු අත්දුටුවේය. බොහෝ පිරිස් රස්තියාදුකාරයෙක් ලෙස දුටු මාලේ තම කලාව තුළින්
විප්ලවවාදියෙකු වන්නට විය.
මාලේ තම රටේ අමු අමුවේ උල්ලංඝනය වන මූලික මානව අයිතිවාසිකම්
හා නැති වී යන මිනිස් ගුණාංග රැකගනු පිණිස විප්ලවීය මැදිහත් වීමක් කෙරෙහි පිරිස් සංවිධානය
කිරිමේ කාර්ය මාලේ සිදු කරන්නට විය.
අප්‍රිකානු ජන සංගීතය ලෝකයට ගෙන යාමට මාලේ කටයුතු
කරනු ලැබුවද ඒ තුළින් ලොව පුරා වෙසෙන අප්‍රිකානු ජනතාව ඒකරාශි කරගනිමින් අප්‍රිකානු
ජනතා හඬට ලොව තුළ අනන්‍යතාවයක් ගොඩනගා ගැනිමට
මාලේ අමතක නොකළේය. එය හුදු වර්ගවාදි අරගලයක් වුවද තම වර්ගවා වෙනුවෙන් දේශපාලනික ව්‍යාපාරයක්
ගෙන යාමට මාලේ රෙගේ සංගීතය යොදා ගනු ලැබුවේය.
ඔහු වැඩිපුර සංගීතය හා පාපන්දු ක්‍රිඩාවට ප්‍රිය කළ අතර මර්ජුවානා
මත්ද්‍රව්‍යයට තදින් ඇබ්බැහි වී සිටියේය. රෙගේ රජු තම කලාව හරහා ලෝකයේම ජනප්‍රියත්වයට
පත් වෙමින් ඒ හරහා තම ජාතියට වන තාඩන පීඩන
ආසාධාරණයන්ට එරෙහිව හඬ නැගුවේය. ඔහ කලූ ජාතිකයන් වෙනුවෙන් සුදු ජාතික අධිරාජ්‍යවාදයට
එරෙහිව හඬ නැගීමට සංගීතය යොදා ගත්තේය. ඔහු කියන හැටියට ඔහු දේශපාලනයේදි වමේ හෝ දකුණේවත්
නොව ඔහු හඬ නගන්නේ සත්‍ය වෙනුවෙන් බවත් ආසාධාරණයට එරෙහිව බවත්ය.
බොබ් මාලේ යනු තම වර්ගයා වෙනුවෙන් කතා කළ
ආදරයට ආදරය කළ අසහාය රස්යාදුකාර ගායකයායි. Get Up Stand Up ගීතය මාලේ විසින් විප්ලවයක් ඇති කළ ගීතයයි.
මාලේගේ මරණය එතඑම් යහපත් එකක් නොවීය.
අධික ගංජා භාවිතයට ඇබ්බැහි වී සිටි මොහු මිය ගියේ
පිලිකා රෝගයක් වැළදීමෙනි. ඉතාම අඩු වයසින් මෙලොවින් සමුගත් ඔහුගේ මරණය සැලසුම් සහගත
මරණයක් බවත් කියැවේ.
මාලේ ජනප්‍රිය සංස්කෘතිය
තුළ වෙනමම ශෛලියක් පිහිටවු අතර කොණ්ඩා මොස්තරයෙනුත් ගායන විලාශයෙනුත් අදටත් ජනප්‍රිය
ව ඇති අතර එය ලෝකේ බොහෝ පිරිස් අදහන්නක් මෙන් අනුකරණය කරන විලාසිතාවක් වී ඇත.
ඔහුට
මිනිසුන්ගේ ආදරය කෙතරම්ද යත් ඇමෙරිකාවේ උතුරු කැරෝලිනා ප්‍රාන්තයේ අදටත් ඔහුව සමරයි.
කලූ ජාතිකයන්ගේ විමුක්ති දේශපාලන අරගලය ලොවට කියා පෑ ජැමෙයිකාවේ සංගීත විප්ලවවාදියා
අඩු වයසින් ජිවිතයෙන් සමු ගත්තත් ඔහු රෙගේ තාලයෙන් ගායනා කළ විමුක්ති ගී අදටත් ජනප්‍රිය
ව ඇත.එම නිසාම බොබ් මාලේ කලූ ජාතිකයන්ගේ විමුක්ති හඬ ලෙස හදුන්වයි ඔහු ගීයෙන් කළ අරගලය
පටන් ගන්නේ 1973 දි නිකුත් කළ පළමු ගීත ඇල්බමයෙනි Get Up Stand Up ගීතය එදා කලූ ජාතිකයන්ගේ නිදහසේ ගීතය බවට පත් වුණි.
රස්තාෆරියානු දහමේ ප්‍රබල අනුගාමිකයකු
වූ මොහු රැවුල හා කොණ්ඩා විලාසිතාව දහමට අනුව නිර්මාණය වූවකි. එය පසු කලෙක ලෝක ප්‍රකට
විලාසිතාවක් හා වෙනම සංස්කෘතියක් බවට පත් වන්නේය.
ඔහු රස්තා සම්ප්‍රදායට අනුගත වීමෙන්
පසුව ගැයුණූ මුල්ම ගීතය One
Love ගීතයයි. එය අදටත් සටන්කාමි ගීතයකි. 1975 දි No Women No Cry ගීතය ඔහුගේ
පෞද්ගලික ජිවිතයේ අත්දැකිම් ඇසුරෙන් ලියැවුනු ගීතයකි මංද යත් මාලේ යනු බොහෝ කාන්තාවන්
ඇසුරු කල පුදුගලයෙක් වූ අතරම ඔහුගේම දරුවන් 12ක් පමණ සිටියහ.
කලූ ජාතිකයන් වෙනුවෙන් ගීතයෙන් හඬ අවදි
කල මේ අපූරු මිනිසා මරණ මංචකයේදි තම පුතු අමතා මෙසේ කියා ඇත. ”ජිවිතය මුදලට ගන්න බෑ” මාලේ ජිවිතය මැනවින් වටහා ගත්තෙකි. මාලේගේ
පෞද්ගලික ජිවිතය හා මරණය පිළිබද නොයෙකුත් කතා තිබුණත් ඔහු එදත් අදත් මතුවටත්
ලෝකයට වන ශෛලියක් නව සංස්කෘතියක් ඉතිරි කල අසහාය කලාකරුවෙක් වන්නේ ය.
මාලේගේ Survival වැනි ඇල්බමයන්
තුළින් කලු ජාතියන්ගේ වේදනාව පීඩනය ආදිය පිළිබද විප්ලවීය රචනයන් ඇතුළත් ගීත ඇතුළත්ය.
ඉතිහාසයේ කලූ ජාතිකයන්ට වූ ආසාධාරණය වර්ෂ 1806දි ඇමෙරිකාවේ සිවිල් යුද්ධය ස්වදේශිකත්වය යන කාරණය මුල් කරගෙන කලූ ජාතිකයන්
මර්ධනයට සුදු ආණ්ඩුව යොදාගත්තේ කැරිබියානු දූපත් වලින් ගෙන්වපු කලූ හමුදාව සුදු ජාතිකයන්
මොවුන් හැදින්වූයේ මී හරක් සෙබලූන් කියායි. Baffalo soldier ගීතයට හේතුවන්නේ මේ සිදුවීමය
Get Up Stand Up
Get Up Stand Up
stand up for your rights
Get Up Stand Up
stand up for your rights
Get Up Stand Up stand up for your rights
Get Up Stand Up don’t give up the fight
නැගී සිටින්න ඔබේ අයිතීන් වෙනුවෙන් නැගිටින්න සටන අතහරින්න එපා
සැබවින්ම ජැමෙයිකාවේ වර්තමාන තත්ත්වය පවා ඉතාම දුක්ඛිත තත්ත්වයක තිබියදි මේ කාලයේදි කලූ ජාතිකයන් ට සිදු වූ තාඩන පීඩන කෙතරම් වන්නට ඇද්ද.
Preacher man don't tell me heaven is under the earth
I know you don't know what life is really worth
Is not all that glitters in gold and
Half the story has never been told So now you see the light,
aay Stand up for your right. Come on
අපේ ශාස්තෘවරුන් අපට කියන්නේ නෑ දිව්‍ය ලෝකය තියෙන්නේ මේ මිහිපිටම බව මට විශ්වාසයි ඔබ දන්නේ නෑ මේ ජිවිතයේ තිබෙන සැබැ වටිනාකම අපි දැනගත යුතු දේවලින් භාගයක්වත් අපේ ශාස්තෘවරුන් අපට පවසන්නේ නෑ කරුනාකර ඔබේ අයිතීන් වෙනුවෙන් නැගිටින්න..
බොහොමයක් දෙනා සිතනුයේ දෙවියන් වහන්සේ අහසෙන් ඇවිත් අපේ තිබෙන දුක්ඛ දෝමනස්සයන් නැතිකරයි කියලා. නමුත් ඇත්තටම ජිවිතයේ තිබෙන වටිනාකම දන්නවානම් ඔබට ලැබි යුතු දේ ඔබම මේ ලෝකයෙන් සොයා ගන්නවා ඇති. දැන්වත් තේරුම් අරන් ඔබේ අයීතීන් වෙනුවෙන් නැගී සිටින්න.‘..‘
මාලේ මෙම ගීතයෙන් සැබැ සත්‍ය අවධාරණය කරයි. සමහරු තම දහම පිලිබද අධික විශ්වාසයක් තබයි. සියල්ල දෙවියන් ලබා දෙන බව සිතයි නමුත් කිසිවත් ඉබේ පහළ නොවන බවත් උත්සහාය වටිනා බවත් මේ හරහා කියයි. දෙවියන් මෙන්ම යක්ෂයා සිටින්නේ තමා තුළම බවත් තමන්ගේ නිදහස හා අයීතීන් වෙනුවෙන් සටන් කරන්න යැයි මාලේ මේ ගීත හරහා තම ජනතාවට අවධාරනය කරයි.
Nilushika.................
No comments:
Post a Comment