ලෝකයේ ගුවන්වවිදුලි මාධ්‍ය බිහි වන්නේ විවිධ තොරතුරු බෙදාහැරීම උපක්‍රමයක් වශයෙනි මෙය ශ්‍රී ලංකාවට එන්නේ ද එම අරමුණ පෙරදැරි කරගෙනයි
සංවර්ධන සන්නිවේදනය ක්‍රියාවලිය තුළ ජනමාධ්‍ය අතර ප්රමුඛ පෙළේ අංගයක් ලෙස ගුවන්විදුලි මාධ්‍ය සැලකිය හැකිය කිසියම් රටක දියුණුව සඳහා ජනමාධ්‍ය උපයෝගි කරගන්නේ ද සන්නිවේදන මාධ්‍යයන් උපයෝගී කරගන්නේ ද එය සංවර්ධන සන්නිවේදනයිි
සංවර්ධනය වචනය අර්ථ දැක්වීමේදී ඉතා පුළුල් පරාසයක් පුරා විහිද කතා කළ හැකි එහිදී රටක ආර්ථික සාමාජික දේශපාලනික මෙන්ම අදාල අංශය වන සෞඛ්‍ය සංස්කෘතිමය අධ්‍යාපනික ආදී ක්ෂේත්රයන් හි ලබන වර්ධනය දියුණුව සංවර්ධනය ලෙස සරලව අර්ථ දැක්විය හැකිය
මේ සියලු අංශයන්හි වර්ධනයක් මෙන්ම මනා වූ වර්ධනයක් නැතහොත් සංවර්ධනය ඇතිකර ගැනීමටඅතීතයේ මෙන්ම වර්තමානයේ ගුවන් විදුලි මාධ්‍ය කටයුතු කරයිද ඒ කෙසේද ආදී වශයෙන් මෙහිදී විමසිය යුතුය
එහිදී පළමුව ජාතික සංවර්ධන සන්නිවේදන ක්රියාවලියෙහි ගුවන් විදුලි මාධ්‍ය සතු ශක්‍යතාව මොනවාද යන්න වීමසීමෙන් පසුව දෙවනුව ඒවා ප්‍රායෝගිකව සිදුවන්නේ ද වර්තමානය තුළ එසේ නොවන්නේද යන්න විමසා බැලිය හැකිය
- ක්ෂණිකත්වය යමක් සිදුවෙමින් පවතිද්දී එකී තොරතුරු සමාජගත කිරීමට ඇති හැකියාව සංවර්ධනාත්මක සන්නිවේදනය ක්‍රියාවලිය සුවිශේෂී කාර්යභාරයක් වන බැවින් මෙහිදී ගුවන්විදුලියට මුල් කාලයේ වෙනත් බොහෝ මාධ්‍යයන්ට කළ නොහැකි තොරතුරු සම්පාදනය ක්ෂණිකවම කිරීම මෙහිදී වැදගත්ය
යම්කිසි රාජ්‍යයක් තුළ හෝ අභ්‍යන්තර ප්රදේශ්යක් තුළ පොදුජන අවධානයට යොමු කළ යුතු ජාතික මට්ටමේ ආපදාවක් පිළිබඳ හදිසි තොරතුරක් ඉතා ඉක්මනින් පතුරුවා හැරීමේ හැකියාව මීට අයත්ය උදාහරණ ජපානය භූමිකම්පාව පිළිබඳ අද වන විට කෙටි පණිවිඩ මගින් දැනුම් දේ ලංකාවේ ගංවතුරෙන් ආරක්ෂා වූ පිරිස් ෆේස්බුක් හරහා සලකුණු කිරීම
- බහුලීකරණය විශාල පිරිසකට එකවර තොරතුරු සම්පාදනය කරලීමේ හැකියාව
- සමාජ ප්‍රභේද සමතික්‍රමණය ගුවන්විදුලිය ඇසුරු කරන ත ශ්‍රාවක පිරිස විවිධය බාල-තරුණ-මහලු විවිධ සමාජ මට්ටම්වල පුද්ගල කොටස් මෙන්ම ඔවුන්ගේ සමාජ ආර්ථික තත්ත්වයන් තරාතිරම් ද විවිධ අධ්‍යාපන මට්ටම් හා ඔවුන් සතු අරමුණු පරමාර්ථ හා මනෝභාවයන් රුචිකත්වයන් රසවින්දන තත්ත්වයන් ආකල්ප සංකල්ප වෙතින්ද ඔවුන් දක්වන විෂමතා සංකීර්ණ වෙයි ජාතික ආගමික සංස්කෘතික හා දේශපාලනික තත්වයන් යටතේ ඔවුහු විවිධ සමාජ ප්‍රභේද නියෝජනය කරන්නේ මිනිස් ජන සමාජයක් එක් මනෝභාවයක් කරා සමීප කරලීම ගුවන්විදුලිය විසින් සිදුකරනු ලබයි
- මෙහිදී පදනම් කරන ප්‍රතිෂ්ඨාවක් දෙකකි ගුවන්විදුලි වූ කලී වාචික මාර්ගයකින් ඒ සදහා භාෂාව උපයෝගී කොට ගැනේ මේ නිසා එය උගත් සියළු ජන කොටස් කෙරෙහි ඉතා පහසුවෙන් සමීප කෙරේ සාක්ෂරතා බාධකය ජය ගනී සියලු ජන සමාජ කොටස් සම්බන්ධ කොට ගැනීම හේතුවෙන් දැනුම හා විනෝදාස්වාදය පුළුල් කරනවා මෙන්ම තොරතුරු ලබාදීමේ ජීවිතාවබෝධය ඇති කොට සක්‍රීය සමාජයක් ගොඩනැගීමට උපකාරී වේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල සමාජය වේගවත් ලෙස වෙනස් කිරීම සුවිශේෂී කාර්ය ගුවන්විදුලී මාධ්‍ය සතුව ඇත
No comments:
Post a Comment