EARTH SONG
What about sunrise
What about rain
What about all the things T
hat you said we were to gain……….
What about killing fields
Is there a time
What about all the things
That you said was yours and mine ..............
https://www.youtube.com/watch?v=XAi3VTSdTxUජැක්සන්ගේ ගීත අතර අති විශේෂිත ගීයක් වශයෙන් මෙය හැදින්විය හැකිය.අධික පිරිවැයක් දරමින් නිර්මානය වූ මෙම ගිතය වර්තමානය වන විටත් ඉතාම ජනප‍්‍රියයි.වර්තමානය වන විටත් මිනිසුන් වශයෙන් අපි මුහුණපාන පාරිසරික ගැටලූ ගණනාවක් මේ ගීය හරහා පෙන්වා දෙනු ලබයි. මිහමත අයිතිය මිනිසුන්ට පමණක් නොව ගහකොළ සතාසිව්පාවා අප‍්‍රණාික සප‍්‍රාණික මේ සියලූ ජීවීන්ට අයිති වෙයි. මින්සුන් විසින් තමන්වම විනාශ කරගන්නා බවත් එම විනාශය දැක දැකත් එය නතර නොකරන බවත් මේ ගීතය හරහා කියාපායි.
වර්ෂාව නිසිකලට ලැබෙන්නේද සියලූම සතුන්ට ගස්වැල්වල පැවැත්මට ද ජලය අවශය වෙයි.බෝග වගා කර ආහාර නිෂ්පාදනය කරගැනිමට ජලය අවශය වේ. එහෙත් අවශ්‍ය වූ විට වර්ෂාව පවතිද යන්න ගැටලූවකි.පරිසරයේ තිබෙන ගස්වැල් කපා විනාශ කිරිම මගින් වර්ෂාව බලාපොරොත්තු විය නොහැකිය.
එසේම ලෝකයේ යුද්ධය ඇති වෙයි.එවිට සාමයක් නැත.නිතර ගැටුම් මගින් ජිවිත නැති වෙයි.තිබෙන සියලූම සම්පත් ක‍්‍රමයෙන් විනාශ වී යයි. යුද්ධය නිසා කිසිවක් නොතේරෙන කුඩා දරුවන් පවා විනාශ වී යයි.එසේම උදාසනී වීම මගින් තම අරමුණු ඉටුකරගත නොහැකි බවත් ස්වභාව ධර්මයේ ඇති වටිනා දේ විනාශ කිරිම මගින්ද ක‍්‍රමයෙන් විනාශය කරා ලඟා වන බවද මෙම ගීතය හරහා පෙන්වා දෙයි.
We are the World/Man in the Mirror/Hill the World යන ගීත ඇසුරෙන් ජැක්සන් සමාජයට පණිවිඩයක් ලබා දෙන අතර එවැනිම ගීතයකි EARTH SONG මෙහි රූපරචනය විශාල පිරිවැයක් දරමින් නිර්මාණය කර ඇති අතර එය නිර්මාණය කර ඇත්තේ ප‍්‍රවීණ සෞන්දර්යාත්මක ඡායාරූප ශිල්පි නික් බ‍්‍රැන්ටි විසිනි. මෙහි පදරචනය තනු නිර්මාණය ජැක්සන් විසින්මය. මෙම ආන්දෝලනාත්මක ගීතය හා රූප රචනය ලෝකය තුළ නව පෙරළියක් ඇති කරන්නට සමත් වීය. ඇමෙරිකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ගීත දර්ශක වල අංක 1 ස්ථානයේ රැදුනු මිහිතල ගීතය මගින් මිනිසුන්ගේ විවිධ ක‍්‍රියාකාරකම් නිසාම මිහිමව දූෂණය වෙමින් අවමානයට ලක්වන ආකාරය පිලිබදව ලෝක අවදානය යොමු කිරිමට සමත් වී ඇත.
No comments:
Post a Comment